පානදුර දක්වා පෙට්‍රෝලියම්.. ගෑස් නිධි දෙකක්...

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,467
    3,860
    113
    Maligawatta
    oil.png


    මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ විශාල තෙල් සහ ගෑස් නිධි පවතින බවත්, ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

    මහාචාර්යවරයා සඳහන් කළේ, මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කරන ලද ගවේෂණ ළිං හතරෙන් දෙකකම සාර්ථක ලෙස ගෑස් නිධි හමුවී ඇති බවයි.

    ලෝක මට්ටමින් ගවේෂණ ළිං 20-25ක් කැණීමේදී සාර්ථක වන්නේ ළිං 2ක් හෝ 3ක් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මෙම සාර්ථකත්වය සියයට 50ක ඉහළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙම ගෑස් නිධි මුහුදු පතුලේ සිට මීටර් 3000ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්, ඒවා වසර මිලියන ගණනක් පැරණි ලාවා තට්ටුවලට යටවී ආරක්ෂිතව පවතින බවත් මහාචාර්යවරයා අනාවරණය කළේය. මන්නාරමේ සිට දකුණු දෙසට පානදුර දක්වා වූ ගැඹුරු මුහුදේ පෙට්‍රොලියම් නිධි පවතින බවට දත්ත මගින් තහවුරු වී ඇති බැවින්, ඉදිරියේදී එම ප්‍රදේශවල ද ගවේෂණ කටයුතු සිදු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රොලියම් තාක්ෂණික දැනුම සහිත විද්‍යාඥයන් මෙරට තුළම සිටින බව පැවසූ මහාචාර්ය සේනාරත්න මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් 2001 වසරේ සිට 'පෙට්‍රොලියම් ජියෝලොජි' (Petroleum Geology) විෂයය උගන්වමින් දක්ෂ භූ විද්‍යාඥයන් පිරිසක් බිහි කර ඇති බව ද සඳහන් කළේය.

    මෙම ස්වභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම හරහා මෙරට බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත හැකි බවත්, පිටරටින් ගෑස් ගෙන්වීම වෙනුවට දේශීය සම්පත් භාවිතයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
    https://www.lankacnews.com/2026/08/blog-post_245.html
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,780
    4,695
    113
    අහා අහා ආහ් ආහ්
    චන්දෙයක් ආවොත් තෙල් විතරක් නෙවෙ රත්‍රන් ආකාර සොයගනී අනුරාධපුර පොලොන්නරු පැත්තෙන්..මුතුරාජ වෙලින් ඔය බොරතෙල් නෙවෙ නියම පිරිසුදු පැට්‍රල් ඩීසල් නිධිත් මතුවෙයි බටේ දාල ගන්න විතරයි තියෙන්නෙ😁
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,391
    4,619
    113
    හැම ආණ්ඩුවකම තෙල් මතු වන කාලයක් තියනවා. 🥴

    කොටියා අවෝ 2 = ලංකාවෙන් තෙල් නිධි මතු වීම.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,780
    4,695
    113
    ලැප්ටොප්, මොබයිල් පෝන් ,විට්ස් කාර් නිධි එහෙම මතුවෙන ලයින් එකක් නිව්ස් ගහන්නැද්ද..එහෙම උනොත් ඡන්දෙ දෙන්න චුට්ටක් හිතන්නම්කො😂
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    952
    1,567
    93
    හැබැහින් සුදු කොඩි පේන කොට 🏳️, හීනෙන් තෙල් නිධි පේන්න ගන්නවලු.. :lol:

    කර්මය කියන්නේ පෝට්ටු බයියෝ ගහපු තැටියට බැනපු ජෙප්පන්ටන්, ඒ තැටියම ගහන්න වෙච්ච එක 🤌
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    ඇමරිකාවට දුන්න නම් හරි ඇවිත් හාරන්න කියලා. ලපකොටාව මරලා දායි හීන් නූලෙන් ගඩාෆි වගේ. :love2: 🤷‍♂️