මත්පැන්_තහංචියක්
කේරළ ප්‍රාන්තයේ මත්පැන් තහංචියක්
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත බලධාරීහු මත්පැන් පානය කිරීම සහ වෙළඳාම් තහනම් කිරීමට පියවර ගනිති.එම ප්‍රාන්තයේ මත්පැන් පානය හේතුවෙන් ඇතිවී තිබෙන සීග්‍ර වර්ධනය හේතුවෙන් පැන නැගී ඇති ගැටළු මෙම තීරණය ගැනීමට තුඩු දී තිබේ.පළමු පියවර ලෙස ප්‍රාන්තය පුරා විසිර ඇති මත්පැන් හල් හත්සිය තිහක් සහ මත්පැන් විකුණන වෙළඳසැල් වසා දැමීමට බලාපොරොත්තු වන අතර මත්පැනින් තොර දින නම් කොට ජනතාව අතර උනන්දුවක් ඇති කරවීමට උත්සාහ දරන බවයි පැවසෙන්නේ.
සම්පුර්ණ තහනම
රජයේ ඉලක්කය වී තිබෙන්නේ වසර දහයක කාලයක් ඇතුළත කේරළ ප්‍රාන්තයේ මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගැනීමටයි.ඉන්දියාවේ එක් පුද්ගලයෙකු විසින් පානය කරන මත්පැන් ප්‍රමාණයේ ඉහල ම ප්‍රතිශතය වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙන් වන අතර වාර්ෂිකව එක් පුද්ගලයෙකු පානය කරන මත්පැන් ප්‍රමාණය ලීටර් අටක් පමණ වේ.අධික මත්පැන් පානය හේතුවෙන් මාර්ග අනතුරු ඉහල ගොස් ඇති අතර විවාහයන් අසාර්ථක වීමටද මෙම ගැටලුව බෙහෙවින් බලපාන බවයි මත්පැන් විරෝධී ක්‍රියාධරයන් පවසන්නේ.
වෛද්‍යවරුන් කියා සිටියේ ප්‍රාන්තයේ මත්පැන් වලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනය කිරීමේ කඳවුරු පිරී ගොස් ඇති අතර අධික මත්පැන් පානය නිසා වැළඳෙන රෝග වලින් පීඩා විඳින රෝගීන්ගෙන් රෝහල් පිරී ඇති බවයි.ඉදිරි මාස වලදී ක්‍රියාත්මක කිරීමට සැරසෙන පුළුල් වැඩපිළිවෙළත් සමග මත්පැන් වලින් තොර කේරළ ප්‍රාන්තයක් සඳහා වූ බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට හැකි වනු ඇති බව ප්‍රාන්තයේ අගමැති උන්මන් චාන්ඩි පවසයි.