මත් කුඩු සඳහා මුදල් ඉල්ලා ගැටුමකින් 14 දියණිය මරා දැමූ පියා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Father-kills-14-year-old-daughter-in-a-fight-over-money-for-drugs


    තම 14 හැවිරිදි දියණිය ඝාතනය කොට වැසිකිළි වළක සඟවා තැබූ පියෙකු ඊයේ (06) ගම්පහ පොලිස් අත්අඩංගුවට පත්විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙන අතර සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සිය අපරාධය පිළිගෙන ඇත.
    “කුඩු බොන්න සල්ලි දුන්නෙ නැති නිසා මම දුවට ගහලා සල්ලි ගත්තා. දුව සිහිනැතිව වැටිලා සිටියේ. මං කුඩු බීලා එනකොටත් එයා ඒ විදිහටම වැටිලා හිටියා. දුව මැරිලා කියලා හිතලා මං එයාගේ සිරුර ඉටිකොළයක ඔතලා වැසිකිළි වළට දැම්මා” පියා පාපොච්චාරණය කර ඇත.

    ගම්පහ මාකවිට ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරුවකු වන සැකකරු, අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ දැරිය, ඒකල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අතර ඇය සිය මව සහ පියා සමඟ ඉදිවෙමින් පවතින නිවසක පදිංචිව සිට ඇත.
    මෙම දියණියගේ මව ඒකල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දිනපතා උදෑසන රැකියාව සඳහා පිටත්ව යන්නියකි. දියණියගේ පියා ගම්පහ මාකවිට ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් තෙමහල් නිවසක් ඉදිකිරීමේ කටයුත්ත භාරගෙන සිටි අතර ඔහු අලුතින් ඉදිවන එම නිවසේ කාමරයක සිය පවුල සමග පදිංචිව සිට ඇත. මීට මාස 3කට පමණ උඩදී මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති අවස්ථාවක සැකකරු සිය බිරිඳගේ කරබැඳි රන්මාලය බලහත්කාරයෙන් රැගෙන ගොස් උකස් කර මුදල් ලබාගෙන තිබේ. පසුව ඔහු එම මුදල් වැයකර අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇත.


    බිරිඳ තමන් ලබාගත් මාසික වැටුපෙන් මුදල් එකතු කරගෙන උකසට තබා ඇති රන් මාලය බේරා ගැනීමට මුදල් එකතු කරගෙන තිබේ. පසුගිය 02 වැනිදා උදෑසන බිරිඳ රුපියල් විසි දහසක මුදලක් සිය 14 හැවිරිදි දියණියට ලබාදී පියා සමග ගොස් උකසට තබා ඇති රන් මාලය බේරාගෙන එන ලෙස දැනුම් දී ඇත. බිරිඳ රැකියාවට ගිය පසු දියණියගේ පියා ඇයට කථාකර රුපියල් විසිදහසක මුදල ඉල්ලා ඇත. එහෙත් ඇය එම මුදල ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
    ගැටුම හටගෙන ඇත්තේ මෙම කථාබහ අතරතුරයි. මවගේ රන්මාලයක් උකස් කර ගැනීමේ මුදල් සම්බන්ධ ගැටුමකදී පියා දැරියට පහර දී ඇත. පහරදීමෙන් සිහිසුන් වූ දැරිය මියගිය බව සිතූ පියා, ඇගේ සිරුර ඉටිකොළයක ඔතා වැසිකිළි වළක සඟවා දමා ඇත.
    එදින සවස මව නිවසට පැමිණ සිය දියණිය පිළිබඳව සැමියාගෙන් විමසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ දියණිය ඇගේ යෙහෙළියක සමග රුපියල් විසිදහසක මුදල් ද රැගෙන විනෝද චාරිකාවක් සඳහා පිටත්ව ගිය බවයි. දින තුනකින් ආපසු එන බව ද ඇය පවසා ගිය බව සැකකරු බිරිඳට කියා ඇත.

    දින 03ක් ගතවූ තැන සිය දියණිය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති විට මව ඒ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා මහතාට පැමිණිලි කර ඇත්තේ පෙරේදා (05 දා) රාත්‍රී කාලයේදීය.
    පැමිණිල්ල අනුව පොලිස් විමර්ශන ආරම්භ විය. ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ නායකත්වයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
    ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    071116355-down.jpg
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ෆොන්නයට දෙකක් ඇන්නා නම් කියයි කාගෙන්ද අයිස් ගන්නේ කියලා.
    එහෙම කරන්න එපා පවුනේ. එතකොට උගේ නම එලි වෙනවා. commission එක නැති වෙනවා. ජල්බරි ගොඩයි.

    බලහල්ලකෝ ඉතින් මේ ගැනුන්ගේ මොලේ තරම. මලේ උකස් කරලා ice cream කාපු එකා එක්කම මාලේ බේරගන්ඩ යවන්නේ සල්ලිත් එක්ක.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    එහෙම කරන්න එපා පවුනේ. එතකොට උගේ නම එලි වෙනවා. commission එක නැති වෙනවා. ජල්බරි ගොඩයි.

    බලහල්ලකෝ ඉතින් මේ ගැනුන්ගේ මොලේ තරම. මලේ උකස් කරලා ice cream කාපු එකා එක්කම මාලේ බේරගන්ඩ යවන්නේ සල්ලිත් එක්ක.
    ita wada careless awrudu 14 duwa yaluwek ekka sallith aran dawas 3 trip ekak giya kiwwama eka pili aragena balan hitiya eka.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    මේ ගැනුන්ගේ මොලේ තරම. මලේ උකස් කරලා ice cream කාපු එකා එක්කම මාලේ බේරගන්ඩ යවන්නේ සල්ලිත් එක්ක
    ගැනු ගාමන්ට් ගියාම ගොඩක් ගැනුන්ගෙ මොලෙ අඩුවෙනව බන්. බොරු නම් බලපන් කොච්චර මොලෙ තියෙන කෙල්ලෙක් වුනත් ගෑනු ආශ්‍රයට වැටුනම වෙනස් වෙනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    එහෙම කරන්න එපා පවුනේ. එතකොට උගේ නම එලි වෙනවා. commission එක නැති වෙනවා. ජල්බරි ගොඩයි.

    බලහල්ලකෝ ඉතින් මේ ගැනුන්ගේ මොලේ තරම. මලේ උකස් කරලා ice cream කාපු එකා එක්කම මාලේ බේරගන්ඩ යවන්නේ සල්ලිත් එක්ක.
    එකත් හරි දවස් තුනක් ළමයා නැති උනාම හොයන්නෙ නැතුව ඉන්න තරං මොංගල්ද බං.


    මේ ගැනිට බැන්න කියලත් බුකියේ ෆෙමිනිස්ට් උන් ටිපර් වෙලා තිබ්බ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ගැනු ගාමන්ට් ගියාම ගොඩක් ගැනුන්ගෙ මොලෙ අඩුවෙනව බන්. බොරු නම් බලපන් කොච්චර මොලෙ තියෙන කෙල්ලෙක් වුනත් ගෑනු ආශ්‍රයට වැටුනම වෙනස් වෙනව
    ඒක කෙල්ලන්ට විතරක් නෙමෙයි කොල්ලන්ටත් වෙනවා. මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ ඉස්කෝලේ 10-11 ඉන්න කාලේ පට්ට මීටරයක්. ඒලෙවල් කෙලෝ ගත්තා චාටර් යාලුවෝ නිසා. දැන් පොරට ස්ථිර රස්සාවක් නෑ. ත්‍රීවිලර් දුවනවා, එක එක කොන්ත්‍රාත් වැඩ කරනවා. හැබයි දැං අමු මැට්ටා. මහ ගොං විදියට හිතන්නේ පතන්නේ