Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතු_බුදුවන_නාථ_දෙවියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතු_බුදුවන_නාථ_දෙවියෝ

මතු බුදුවන නාථ දෙවියෝ

පසුගිය දිනවල මෙරට වැඩිපුරම කතා බහට ලක්වූ දෙවියන් වූයේ නාථ දෙවියන් බව අප කවුරුත් පාහේ දන්නා කාරණයකි. ඒ අනෙකක් නිසා නොව රජරට වකුගඩු රෝගයට හේතුව සොයා යාම සඳහා කරන ලද්දා වූ විද්යාත්මක පරීක්ෂණයක් සඳහා කැළණිය විශ්ව විද්යාලීය පර්යේෂණ කණ්ඩායමකට මුල්ම හෝඩුවාව ලබා දුන්නේ නාථ දෙවියන් නිසාය. නාථ දෙවියෝ ගැන දන්නා අය සෑහෙන පිරිසක් මෙරට බොහෝ කාලයක පටන් සිටියද උන්වහන්සේ ගැන ජනමාධ්යයන් තුලින් විශේෂයෙන් කතා බහට ලක්වීම ආරම්භ වූයේ අදාල විද්යාත්මක පර්යේෂණය ගැන හෙලි කිරීමත් සමඟ බව කිව යුතුය. එනමුත් තවමත් ඇතැම් පිරිස් නාථ දෙවියන් ගැන එතරම් විස්තර නොදන්නා බැවින් අපගේ දැනුමේ සහ අවබෝධයේ හැටියට උන්වහන්සේ ගැන සටහනක් තැබීම මේ ලිපියේ අරමුණයි.

නාථ දෙවියෝ බෞද්ධ පදනමක් ඇති සම්යක්දෘෂ්ඨික දෙවි කෙනෙක් ලෙස හැඳින්විය හැක. උන්වහන්සේගේ බුද්ධශාසනයට ඇති සම්බන්ධය දැක්වීම සඳහා විශේෂයෙන් අපට මතක් කළ හැක්කේ මහනුවර දළදා මාලිගාව අසල පිහිටා ඇති නාථ දේවාලය සහ එම නාථ දේවාල භූමියයි. මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දළදාවහන්සේගේ ප්රධාන ආරක්ෂක දෙවියෙක් ලෙසට නාථ දෙවියන් සැලකේ. මහනුවර ඇසළ පෙරහැරේදී, ප්රධාන පෙරහර වූ දළදා පෙරහරට පසුව දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහරයි. මීළඟට මෛත්රී නමින් බුදුවන්නේ නාථ දෙවියන්ය යන විශේෂ විශ්වාසයක් මත පෙරසිට පැවත එන චාරිත්රයක් වශයෙන් එදා සිට අද දක්වාම ශ්රී දළදා පෙරහැරෙහි දළදා පෙරහැරට පසුව දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහැරයි. තෙවැනුව විශ්ණු දේවාල පෙරහැරද, සිව්වැනුව කතරගම දේවාල පෙරහැරද, අවසාන වශයෙන් හෙවත් පස්වැනුව පත්තිනි දේවාල පෙරහැරද වශයෙන් මහනුවර ඇසළ පෙරහැරේ සතර මහා දේවාල පෙරහැරවල් දළදා පෙරහැරට පසුව ගමන් කරනු ලබේ. මේ අනුව සතර මහා දේවාලයන්හි පෙරහැර අතරින් නාථ දේවාල පෙරහැරට මහනුවර ඇසළ පෙරහැරේදීත් මූලිකත්වය ලැබී ඇත. මේ කාරණා අනුව ඉතා පැහැදිලිවම අපට කිව හැක්කේ අපේ දළදාවහන්සේ රකින නාථ දෙවියන් බෞද්ධයන්ට අනුව ප්රධාන ශාසනාරක්ෂක දෙවියෙක් බවයි..

නාථ දෙවියෝ සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පුරන බෝධිසත්වයෙක් බව පොත පතෙහි සඳහන් වේ. කාව්යශේඛරයේ මතුබුදුවන නාථ දෙවිඳුන්ට කැප වූ දේවාලයක් තොටගමු විහාරයේ තිබු බවක් සඳහන් වේ. ගිරා සන්දේශය, තිසර සන්දේශය, කොවුල් සන්දේශය යන සන්දේශ කාව්යයන්හිද බුද්ධත්වය සඳහා පාරමිතා පුරනා නාථ දෙවියන් ගැන සඳහන් කරමින් කරන ලද විවිධ දේව වර්ණනා දැකිය හැක.

බොහෝ දෙනෙක් විසින් නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන් ලෙසින්ම හඳුන්වනු ලබේ. එසේම තවත් පිරිසක් නාථ දෙවියන් යනු මතු බුදුවීමට පෙරුම් පුරන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වති. කෙසේ වුවත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ගැන ථෙරවාදී බෞද්ධ පොත් පත් වල වැඩි සඳහනක් නැති නිසා මෙරට බෞද්ධයන් බහුතරයකගේ අදහස නම් නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්රී බෝධිසත්වයන්වහන්සේම බවයි. එමෙන්ම මෙරට නාථ දෙවියෙන් වෙනුවෙන් ඉදි වූ ප්රකට දේවාලයන් මහනුවර , බෙල්ලන්විල, පිල්ලෑව, තොටගමුව, වේගිරිය, පස්ගම, උරුලෑවත්ත, දාමිංගමුව ආදි වශයෙන් වූ සිද්ධස්ථානයන්හි පිහිටුවා ඇත. එම දේවාලයන්හිදී නාථ දෙවියන් උදෙසා සාම්ප්රදායිකව සිදු කරන කරනු ලබන ප්රකට දේවකන්නලව්වක් වේ. එම දේව කන්නලව්වේ එක් පාඨයක නාථ දෙවියන් මතු බුදුවන්නේ “නා” බෝධියක් මුල බව සඳහන් වේ. කුරුණෑගල යුගයේ ලියවුන අනාගත වංශය නම් ග්රන්ථයට අනුව මීලඟට බුදුවන මෛත්රී බෝධිසත්වයන්වහන්සේ බුදුවන්නේද “නා” බෝධියකින් සෙවණ ලබාගෙන බව සඳහන් වේ. මෙලෙස “නා” බෝධිය ඇතුළු තවත් කරුණු කාරණාවන්හි ගැලපීම අනුව නාථ දෙවියන් යනු මෛත්රී බෝධිසත්වයන්වහන්සේම බව අපට පිළිගත හැක. නාථ දෙවියන් තව්තිසා දිව්යලෝකයේ වැඩ සිටින බවද නාථ දේව කන්නලව්වේ මෙන්ම වෙනත් පොත පතෙහිද සඳහන් වී තිබේ. එනමුත් සීහලවත්ථුවේ සඳහන් මෙත් බෝසත් කතාවක සඳහන් වන්නේ උන්වහන්සේ තුසිත දිව්යලෝකයේ වැඩවාසය කරන බවයි.

තවද ඉපැරණි දඹුල්ල ලෙන් විහාරයේ රජ මහා ලෙන තුල පිහිටි බුද්ධ ප්රතිමාවේ එක් පසෙක නාථ දේව හෙවත් මෛත්රී බෝධිසත්ව ප්රතිමාවක් පිහිටුවා ඇත. මෛත්රී බෝධිසත්ව ප්රතිමාවේ, වමතින් නෙළුම් මලක් දරා සිටීම සහ දකුණතින් විතර්ක මුද්රාව දැක්වේ. එමෙන්ම කළුතර දිස්ත්රික්කයේ පිහිටි මිල්ලදෙනිය-දාමිංගමුව නාථ දේචාලයද වසර 1500ක පමණ ඉතිහාසයක් ඇති නාථ දේවාලයක් බව හඳුනාගෙන ඇත. මේ අනුව නාථ දේව යනු මෙරට බෞද්ධයන් අතර වසර දහස් ගණනක් තිස්සේම මෙරට ප්රචලිතව තිබූ දේව සංකල්පයකි. තවද චූල වංශයට අනුව මෛත්රී බොධිසත්ව පිළිම වන්දනාව ධාතු සේන රජතුමාගේ (ක්රි.ව.463-479) යුගයේ සිටම පැවති බව හඳුනාගත හැක. අනුරාධපුර යගයේ විසූ පළමුවන දප්පුල රජතුමා(ක්රි.ව. 661-664) සහ පොළොන්නරු යුගයේ විසූ මහා පරක්රමබාහු රජතුමා (ක්රි.ව. 1153 –- 1186) විසින්ද මෛත්රී බෝධිසත්ව ප්රතිමා ඉදි කරවූ බවට චූල වංශය සාක්ෂි දරයි. තවද කුරුණෑගල යුගයේ දෙවැනි පණඩිත පාරක්රමබාහු රාජ්යකාලයේ දී මෙත් බෝසත් චරිතය පිළිබඳව අනාගත වංශය නැමති ග්රන්ථය ලියැවී ඇත. එමෙන්ම මහනුවර යුගයේ විසූ කීර්ති ශ්රී රාජසිංහ (ක්රි.ව.1747 –- 1782) රජුගේ කාලයේදී වර්තමාන කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටි රිදී විහාරයෙහි මෛත්රී බෝසත් ප්රතිමාවන් දෙකක් ඉදි කොට තිබේ. මේ කරුණු කාරණා අනුව නාථ දේව ඇදහිල්ල මෙන්ම මෛත්රී බෝසත් වන්දනාව අනුරාධපුර යුගයේ සිට අද දක්වාම පවතින බවට සාක්ෂි තිබේ.

මෑතකදී “මූකලන්ගමුවේ පඤ්ඤානන්ද” ස්ථිවරයන්වහන්සේ විසින් එළි දක්වන ලද “මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබූ දුටුගැමුණු මහරජාණෝ” නම් වූ ග්රන්ථයක දුටු ගැමුණු රජතුමා යනු මෛත්රී බෝධිසත්වයන්ම බවට සාක්ෂි සහ සාධක සහිතව කරුණු දක්වා ඇත. කෙසේ නමුත් මහා වංශයේ තිබෙන පාලි පාඨයක දුටුගැමුණු රජතුමා අනාගතයේදී පහළ වන්නා වූ මෛත්රී බුදුරජාණන්වහන්සේගේ දකුණත් සව් වන බව සඳහන් වේ. එහිම ගැමුණු රජතුමාගේ සොහෙයුරා වූ සද්ධාතිස්ස රජතුමා මෛත්රී බුදුන්ගේ වමත් සව් වන බවද, කාවන්තිස්ස රජතුමා මෛත්රී බුදුන්ගේ පියා වන බවද, විහාර මහා දේවිය මව වන බවද, සාලිය කුමරු පුත්රයා වන බවද සඳහන් වේ. මෙම මත දෙකින් කුමක් සත්ය වුවද මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන්වහන්සේ මෙරට ඉතිහාසයේ ප්රකටම රජ පව්ලකට නෑකම් කියන බව නම් අපට පිළිගත හැකි කාරණයකි. තවද ශ්රී ලංකාවේ වර්තමාන ජාතික වෘක්ෂය වන්නේද අනාගතයේ පහළ වන මෛත්රී බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වීමේදී පිටදෙන්නා වූ බෝධිය වන නා ගසයි. මේ සියලු කරුණු කාරණා අනුව මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන් හෙවත් නාථ දෙවියන්ට ශ්රි ලංකා ද්වීපයට ඉතාමත් කිට්ටු සම්බන්ධයක් ඇති බව නම් අපට කිව හැක.

අපවත් වී වදාල බලංගොඩ ආනන්ද මෛත්රී හිමියන් වරෙක කතරගම දෙවියන් දුටු බව දිවයින පුවත් පතේ කලකට පෙර උන්වහන්සේ විසින් ලියන ලද ලිපියක මෙන්ම උන්වන්සේගේ චරිතාපදාන ග්රන්ථයකද සඳහන් වී ඇත. ආනන්ද මෛත්රී හිමියන්ට අනුව කතරගම දෙවියෝ සෑම කලෙකම එකම පුද්ගලයෙක්(දෙවියෙක්) නම් නොවේ. එනම් කලින් කලට කතරගම දෙවියෙන් වෙනස් වන බව කියවේ. වැඩි දුරටත් පැහැදිලි කරතොත් කතරගම දේව යනු තනතුරකි. එනම් කතරගම දෙවි තනතුරට විවිධ දෙවි වරු කාලයෙන් කාලයට තම කුසලය අනුව පත් වෙති. තවද බෞද්ධ ග්රන්ථයන්හි සඳහන් වන ශක්ර දේව යන්නද තරනතුරක් බව පැහැදිලිව පෙනී යන කාරණයකි. අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ පවා බෝධිසත්වයෙක් වශයෙන් පාරමිතා පුරන ලද පෙර භවයන්හිදී ශක්ර දෙවියන් බවට පත් වී සිටි බව පොත පතෙහි සඳහන් වී තිබේ. මහාවංශයේ සඳහන් සුවිසි විවරණ පාඨයකට අනුව අපගේ බෝසතාණන්වහන්සේ “ධම්ම දස්සී” නම් වූ බුදුන්ගේ කාලයේදී ශක්ර දෙවියන්ව සිටියදී අනාගතයේ බුදුවන බවට නියත විවරණ ලබා ඇත. ඒ අනුව අපට කිව හැක්කේ විවිධ පුද්ගලයන්(දෙවියන්) ශක්ර දේව තනතුරට පත්වන බවයි. එලෙසම නාථ දේව යන්නද තනතුරක් බව අපට පිළිගතහැකි කාරණයකි. මේ අනුව ඇතැමුන් කියන පරිද්දෙන් නාථ දේව තනතුරට පෙර කලකදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්වහන්සේ පත් වී සිටින්නට ඇත. නමුත් පසු කලෙක මෛත්රී බෝධිසත්වයන්සේ එම නාථ තනතුරට පත් වූවා වන්නටද ඉඩ ඇත. මිනිසුන් අතර මතු බුදුවන නාථ දෙවියන්ගේ අනන්යතාවය පිළිබඳ මෙලෙස මත දෙකක් ඇති වීමට නාථ දේව යන්න තනතුරක් වීමද හේතු වූ බවට අපට අනුමාන කළ හැක.

රජරට වකුගඩු රෝගය පිළිබඳව කැළණිය විශ්ව විද්යාලීය පර්යේෂණ කණ්ඩායමේ විද්වතුන්ගේ ප්රකාශනයන්ට අනුව මුලින්ම එම රෝගයට හේතුව සඳහා හෝඩුවාව ලබා දුන් මතු බුදුවන නාථ දෙවියන්ගේ ප්රධාන අපේක්ෂාව සතුන් නොමරා පන්සිල් රැකගනිමීන් කරනු ලබන්නා වූ ගොවිතැනක් සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීමයි. තවද බුද්ධ ශාසනය සුරකින නාථ දෙවියන් විසින් මෙරට ජනතාව ආසනික් වැනි වස විස කෑමෙන් මුදාගැනීමට මෙන්ම ධාර්මික ගොවිතැනකට හුරු කිරීමට දරන උත්සහයන් යනු මෛත්රීබෝධිසත්වයන් වන උන්වහන්සේ මතු බුදු වීම සඳහා පුරනු ලබන පාරමිතාවන්ම බව බෞද්ධ අපට නම් පිළිගැනීමේ කිසිදු අපහසුවක් නැති බව ඉහත දැක්වූ කරුණු කාරණාවන්ද ඇසුරින් පෙන්වා දිය හැක.

තෙරුවන් සරණයි!

[QUOTE="mjayanatha, post: 13631499, member: 71029"] [b]මතු_බුදුවන_නාථ_දෙවියෝ[/b] [SIZE="6"][COLOR="DarkRed"]මතු බුදුවන නාථ දෙවියෝ[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/natha_god3.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]පසුගිය දිනවල මෙරට වැඩිපුරම කතා බහට ලක්වූ දෙවියන් වූයේ නාථ දෙවියන් බව අප කවුරුත් පාහේ දන්නා කාරණයකි. ඒ අනෙකක් නිසා නොව රජරට වකුගඩු රෝගයට හේතුව සොයා යාම සඳහා කරන ලද්දා වූ විද්යාත්මක පරීක්ෂණයක් සඳහා කැළණිය විශ්ව විද්යාලීය පර්යේෂණ කණ්ඩායමකට මුල්ම හෝඩුවාව ලබා දුන්නේ නාථ දෙවියන් නිසාය. නාථ දෙවියෝ ගැන දන්නා අය සෑහෙන පිරිසක් මෙරට බොහෝ කාලයක පටන් සිටියද උන්වහන්සේ ගැන ජනමාධ්යයන් තුලින් විශේෂයෙන් කතා බහට ලක්වීම ආරම්භ වූයේ අදාල විද්යාත්මක පර්යේෂණය ගැන හෙලි කිරීමත් සමඟ බව කිව යුතුය. එනමුත් තවමත් ඇතැම් පිරිස් නාථ දෙවියන් ගැන එතරම් විස්තර නොදන්නා බැවින් අපගේ දැනුමේ සහ අවබෝධයේ හැටියට උන්වහන්සේ ගැන සටහනක් තැබීම මේ ලිපියේ අරමුණයි. නාථ දෙවියෝ බෞද්ධ පදනමක් ඇති සම්යක්දෘෂ්ඨික දෙවි කෙනෙක් ලෙස හැඳින්විය හැක. උන්වහන්සේගේ බුද්ධශාසනයට ඇති සම්බන්ධය දැක්වීම සඳහා විශේෂයෙන් අපට මතක් කළ හැක්කේ මහනුවර දළදා මාලිගාව අසල පිහිටා ඇති නාථ දේවාලය සහ එම නාථ දේවාල භූමියයි. මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දළදාවහන්සේගේ ප්රධාන ආරක්ෂක දෙවියෙක් ලෙසට නාථ දෙවියන් සැලකේ. මහනුවර ඇසළ පෙරහැරේදී, ප්රධාන පෙරහර වූ දළදා පෙරහරට පසුව දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහරයි. මීළඟට මෛත්රී නමින් බුදුවන්නේ නාථ දෙවියන්ය යන විශේෂ විශ්වාසයක් මත පෙරසිට පැවත එන චාරිත්රයක් වශයෙන් එදා සිට අද දක්වාම ශ්රී දළදා පෙරහැරෙහි දළදා පෙරහැරට පසුව දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහැරයි. තෙවැනුව විශ්ණු දේවාල පෙරහැරද, සිව්වැනුව කතරගම දේවාල පෙරහැරද, අවසාන වශයෙන් හෙවත් පස්වැනුව පත්තිනි දේවාල පෙරහැරද වශයෙන් මහනුවර ඇසළ පෙරහැරේ සතර මහා දේවාල පෙරහැරවල් දළදා පෙරහැරට පසුව ගමන් කරනු ලබේ. මේ අනුව සතර මහා දේවාලයන්හි පෙරහැර අතරින් නාථ දේවාල පෙරහැරට මහනුවර ඇසළ පෙරහැරේදීත් මූලිකත්වය ලැබී ඇත. මේ කාරණා අනුව ඉතා පැහැදිලිවම අපට කිව හැක්කේ අපේ දළදාවහන්සේ රකින නාථ දෙවියන් බෞද්ධයන්ට අනුව ප්රධාන ශාසනාරක්ෂක දෙවියෙක් බවයි.. [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Maligawila_Maithree_Bosath_Statue3-124x300.jpg[/IMG] නාථ දෙවියෝ සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පුරන බෝධිසත්වයෙක් බව පොත පතෙහි සඳහන් වේ. කාව්යශේඛරයේ මතුබුදුවන නාථ දෙවිඳුන්ට කැප වූ දේවාලයක් තොටගමු විහාරයේ තිබු බවක් සඳහන් වේ. ගිරා සන්දේශය, තිසර සන්දේශය, කොවුල් සන්දේශය යන සන්දේශ කාව්යයන්හිද බුද්ධත්වය සඳහා පාරමිතා පුරනා නාථ දෙවියන් ගැන සඳහන් කරමින් කරන ලද විවිධ දේව වර්ණනා දැකිය හැක. බොහෝ දෙනෙක් විසින් නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන් ලෙසින්ම හඳුන්වනු ලබේ. එසේම තවත් පිරිසක් නාථ දෙවියන් යනු මතු බුදුවීමට පෙරුම් පුරන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වති. කෙසේ වුවත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ගැන ථෙරවාදී බෞද්ධ පොත් පත් වල වැඩි සඳහනක් නැති නිසා මෙරට බෞද්ධයන් බහුතරයකගේ අදහස නම් නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්රී බෝධිසත්වයන්වහන්සේම බවයි. එමෙන්ම මෙරට නාථ දෙවියෙන් වෙනුවෙන් ඉදි වූ ප්රකට දේවාලයන් මහනුවර , බෙල්ලන්විල, පිල්ලෑව, තොටගමුව, වේගිරිය, පස්ගම, උරුලෑවත්ත, දාමිංගමුව ආදි වශයෙන් වූ සිද්ධස්ථානයන්හි පිහිටුවා ඇත. එම දේවාලයන්හිදී නාථ දෙවියන් උදෙසා සාම්ප්රදායිකව සිදු කරන කරනු ලබන ප්රකට දේවකන්නලව්වක් වේ. එම දේව කන්නලව්වේ එක් පාඨයක නාථ දෙවියන් මතු බුදුවන්නේ “නා” බෝධියක් මුල බව සඳහන් වේ. කුරුණෑගල යුගයේ ලියවුන අනාගත වංශය නම් ග්රන්ථයට අනුව මීලඟට බුදුවන මෛත්රී බෝධිසත්වයන්වහන්සේ බුදුවන්නේද “නා” බෝධියකින් සෙවණ ලබාගෙන බව සඳහන් වේ. මෙලෙස “නා” බෝධිය ඇතුළු තවත් කරුණු කාරණාවන්හි ගැලපීම අනුව නාථ දෙවියන් යනු මෛත්රී බෝධිසත්වයන්වහන්සේම බව අපට පිළිගත හැක. නාථ දෙවියන් තව්තිසා දිව්යලෝකයේ වැඩ සිටින බවද නාථ දේව කන්නලව්වේ මෙන්ම වෙනත් පොත පතෙහිද සඳහන් වී තිබේ. එනමුත් සීහලවත්ථුවේ සඳහන් මෙත් බෝසත් කතාවක සඳහන් වන්නේ උන්වහන්සේ තුසිත දිව්යලෝකයේ වැඩවාසය කරන බවයි. [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/naa_tree5-203x300.jpg[/IMG] තවද ඉපැරණි දඹුල්ල ලෙන් විහාරයේ රජ මහා ලෙන තුල පිහිටි බුද්ධ ප්රතිමාවේ එක් පසෙක නාථ දේව හෙවත් මෛත්රී බෝධිසත්ව ප්රතිමාවක් පිහිටුවා ඇත. මෛත්රී බෝධිසත්ව ප්රතිමාවේ, වමතින් නෙළුම් මලක් දරා සිටීම සහ දකුණතින් විතර්ක මුද්රාව දැක්වේ. එමෙන්ම කළුතර දිස්ත්රික්කයේ පිහිටි මිල්ලදෙනිය-දාමිංගමුව නාථ දේචාලයද වසර 1500ක පමණ ඉතිහාසයක් ඇති නාථ දේවාලයක් බව හඳුනාගෙන ඇත. මේ අනුව නාථ දේව යනු මෙරට බෞද්ධයන් අතර වසර දහස් ගණනක් තිස්සේම මෙරට ප්රචලිතව තිබූ දේව සංකල්පයකි. තවද චූල වංශයට අනුව මෛත්රී බොධිසත්ව පිළිම වන්දනාව ධාතු සේන රජතුමාගේ (ක්රි.ව.463-479) යුගයේ සිටම පැවති බව හඳුනාගත හැක. අනුරාධපුර යගයේ විසූ පළමුවන දප්පුල රජතුමා(ක්රි.ව. 661-664) සහ පොළොන්නරු යුගයේ විසූ මහා පරක්රමබාහු රජතුමා (ක්රි.ව. 1153 –- 1186) විසින්ද මෛත්රී බෝධිසත්ව ප්රතිමා ඉදි කරවූ බවට චූල වංශය සාක්ෂි දරයි. තවද කුරුණෑගල යුගයේ දෙවැනි පණඩිත පාරක්රමබාහු රාජ්යකාලයේ දී මෙත් බෝසත් චරිතය පිළිබඳව අනාගත වංශය නැමති ග්රන්ථය ලියැවී ඇත. එමෙන්ම මහනුවර යුගයේ විසූ කීර්ති ශ්රී රාජසිංහ (ක්රි.ව.1747 –- 1782) රජුගේ කාලයේදී වර්තමාන කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටි රිදී විහාරයෙහි මෛත්රී බෝසත් ප්රතිමාවන් දෙකක් ඉදි කොට තිබේ. මේ කරුණු කාරණා අනුව නාථ දේව ඇදහිල්ල මෙන්ම මෛත්රී බෝසත් වන්දනාව අනුරාධපුර යුගයේ සිට අද දක්වාම පවතින බවට සාක්ෂි තිබේ. මෑතකදී “මූකලන්ගමුවේ පඤ්ඤානන්ද” ස්ථිවරයන්වහන්සේ විසින් එළි දක්වන ලද “මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබූ දුටුගැමුණු මහරජාණෝ” නම් වූ ග්රන්ථයක දුටු ගැමුණු රජතුමා යනු මෛත්රී බෝධිසත්වයන්ම බවට සාක්ෂි සහ සාධක සහිතව කරුණු දක්වා ඇත. කෙසේ නමුත් මහා වංශයේ තිබෙන පාලි පාඨයක දුටුගැමුණු රජතුමා අනාගතයේදී පහළ වන්නා වූ මෛත්රී බුදුරජාණන්වහන්සේගේ දකුණත් සව් වන බව සඳහන් වේ. එහිම ගැමුණු රජතුමාගේ සොහෙයුරා වූ සද්ධාතිස්ස රජතුමා මෛත්රී බුදුන්ගේ වමත් සව් වන බවද, කාවන්තිස්ස රජතුමා මෛත්රී බුදුන්ගේ පියා වන බවද, විහාර මහා දේවිය මව වන බවද, සාලිය කුමරු පුත්රයා වන බවද සඳහන් වේ. මෙම මත දෙකින් කුමක් සත්ය වුවද මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන්වහන්සේ මෙරට ඉතිහාසයේ ප්රකටම රජ පව්ලකට නෑකම් කියන බව නම් අපට පිළිගත හැකි කාරණයකි. තවද ශ්රී ලංකාවේ වර්තමාන ජාතික වෘක්ෂය වන්නේද අනාගතයේ පහළ වන මෛත්රී බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වීමේදී පිටදෙන්නා වූ බෝධිය වන නා ගසයි. මේ සියලු කරුණු කාරණා අනුව මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන් හෙවත් නාථ දෙවියන්ට ශ්රි ලංකා ද්වීපයට ඉතාමත් කිට්ටු සම්බන්ධයක් ඇති බව නම් අපට කිව හැක. [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/gemunu_raja2-117x300.jpg[/IMG] අපවත් වී වදාල බලංගොඩ ආනන්ද මෛත්රී හිමියන් වරෙක කතරගම දෙවියන් දුටු බව දිවයින පුවත් පතේ කලකට පෙර උන්වහන්සේ විසින් ලියන ලද ලිපියක මෙන්ම උන්වන්සේගේ චරිතාපදාන ග්රන්ථයකද සඳහන් වී ඇත. ආනන්ද මෛත්රී හිමියන්ට අනුව කතරගම දෙවියෝ සෑම කලෙකම එකම පුද්ගලයෙක්(දෙවියෙක්) නම් නොවේ. එනම් කලින් කලට කතරගම දෙවියෙන් වෙනස් වන බව කියවේ. වැඩි දුරටත් පැහැදිලි කරතොත් කතරගම දේව යනු තනතුරකි. එනම් කතරගම දෙවි තනතුරට විවිධ දෙවි වරු කාලයෙන් කාලයට තම කුසලය අනුව පත් වෙති. තවද බෞද්ධ ග්රන්ථයන්හි සඳහන් වන ශක්ර දේව යන්නද තරනතුරක් බව පැහැදිලිව පෙනී යන කාරණයකි. අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ පවා බෝධිසත්වයෙක් වශයෙන් පාරමිතා පුරන ලද පෙර භවයන්හිදී ශක්ර දෙවියන් බවට පත් වී සිටි බව පොත පතෙහි සඳහන් වී තිබේ. මහාවංශයේ සඳහන් සුවිසි විවරණ පාඨයකට අනුව අපගේ බෝසතාණන්වහන්සේ “ධම්ම දස්සී” නම් වූ බුදුන්ගේ කාලයේදී ශක්ර දෙවියන්ව සිටියදී අනාගතයේ බුදුවන බවට නියත විවරණ ලබා ඇත. ඒ අනුව අපට කිව හැක්කේ විවිධ පුද්ගලයන්(දෙවියන්) ශක්ර දේව තනතුරට පත්වන බවයි. එලෙසම නාථ දේව යන්නද තනතුරක් බව අපට පිළිගතහැකි කාරණයකි. මේ අනුව ඇතැමුන් කියන පරිද්දෙන් නාථ දේව තනතුරට පෙර කලකදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්වහන්සේ පත් වී සිටින්නට ඇත. නමුත් පසු කලෙක මෛත්රී බෝධිසත්වයන්සේ එම නාථ තනතුරට පත් වූවා වන්නටද ඉඩ ඇත. මිනිසුන් අතර මතු බුදුවන නාථ දෙවියන්ගේ අනන්යතාවය පිළිබඳ මෙලෙස මත දෙකක් ඇති වීමට නාථ දේව යන්න තනතුරක් වීමද හේතු වූ බවට අපට අනුමාන කළ හැක. රජරට වකුගඩු රෝගය පිළිබඳව කැළණිය විශ්ව විද්යාලීය පර්යේෂණ කණ්ඩායමේ විද්වතුන්ගේ ප්රකාශනයන්ට අනුව මුලින්ම එම රෝගයට හේතුව සඳහා හෝඩුවාව ලබා දුන් මතු බුදුවන නාථ දෙවියන්ගේ ප්රධාන අපේක්ෂාව සතුන් නොමරා පන්සිල් රැකගනිමීන් කරනු ලබන්නා වූ ගොවිතැනක් සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීමයි. තවද බුද්ධ ශාසනය සුරකින නාථ දෙවියන් විසින් මෙරට ජනතාව ආසනික් වැනි වස විස කෑමෙන් මුදාගැනීමට මෙන්ම ධාර්මික ගොවිතැනකට හුරු කිරීමට දරන උත්සහයන් යනු මෛත්රීබෝධිසත්වයන් වන උන්වහන්සේ මතු බුදු වීම සඳහා පුරනු ලබන පාරමිතාවන්ම බව බෞද්ධ අපට නම් පිළිගැනීමේ කිසිදු අපහසුවක් නැති බව ඉහත දැක්වූ කරුණු කාරණාවන්ද ඇසුරින් පෙන්වා දිය හැක. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom