මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
සල් ගහ බලන් මල්වර වී අවාරෙට
සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට
සිත්තරු සිටිති මා රුන අඳිනට රුවට
මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට
වෙසක් තොරණ යට සෑදු රඟ මඬල
පුන්සඳ නැවති බැලුවේ මා මුව කමල
වෙස්සන්තරත් මා වැනි අඹුවක නො රැක
දන් දුන්නේ මා අඬවා පෝ දාක
නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස්දඬුව
සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර
අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට
මා නම් මෙසේ දිවි පිදුවේ කලාවට
වැව් පිටිවල තැන් තැන්වල රැඟූ මට
නිළියක ලෙසින් මිය ඇදුණත් කමක් නැත
පුවත්පතක, දැන්වීමක, තාප්පෙක
මගේ මුහුණ වෙන්දේසිය දකින සඳ
නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට
මා විකිණුනු බව සිහි කරනු මැන!
[මැදියමේ ගීතය සහ තවත් කවි | 2008]
සිතුවම : Alexander Sheversky
සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට
සිත්තරු සිටිති මා රුන අඳිනට රුවට
මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට
වෙසක් තොරණ යට සෑදු රඟ මඬල
පුන්සඳ නැවති බැලුවේ මා මුව කමල
වෙස්සන්තරත් මා වැනි අඹුවක නො රැක
දන් දුන්නේ මා අඬවා පෝ දාක
නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස්දඬුව
සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර
අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට
මා නම් මෙසේ දිවි පිදුවේ කලාවට
වැව් පිටිවල තැන් තැන්වල රැඟූ මට
නිළියක ලෙසින් මිය ඇදුණත් කමක් නැත
පුවත්පතක, දැන්වීමක, තාප්පෙක
මගේ මුහුණ වෙන්දේසිය දකින සඳ
නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට
මා විකිණුනු බව සිහි කරනු මැන!
[මැදියමේ ගීතය සහ තවත් කවි | 2008]
සිතුවම : Alexander Sheversky
[1]