මධුෂ්_කොටුකරගත්ත_හැටි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මධුෂ්_කොටුකරගත්ත_හැටි

    "මදුෂ් ඉන්න තැන දැන ගන්න පාතාලය සමග සම්බන්ධ අමල් පෙරේරා පසුපස පොලීසිය පන්නලා" මදූෂ් කොටු කරපු විශ්මිත මෙහෙයුමේ සම්පූර්ණ කතාව!



    පාතාල නායක මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට මෙහෙයුම පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටීම විශේෂයි.


    පසුගිය දින (050 උදෑසන ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට මෙලෙසින් කොටුවුනා. මාකඳුරේ මදුෂ් ලංකාවෙන් පළාගොස් තිබුනේ මීට වසර 4 කට පෙර 2015 දීය.
    ඔහු ලංකාවේ නොසිටියද ඩුබායි සිට සියලුම ආකාරයේ පාතාල ජාවාරම් මෙහෙයවනු ලැබූ අතර කිසිදු බියකින් චකිතයකින් තොරව ඒවා සිදු කරන්නට ඔහුට දේශපාලන හිතවතුන්ගේ ආධාරද ලැබී තිබුණි. මෙලෙස හැසිරෙන මදුෂ් පසුගිය වසර දෙක තුන තුළ ලංකාවේ ප්‍රධාන ධාරාවේ තහනම් ද්‍රව්‍ය ජාවාරම වෙත එල්ල කළ බලපෑම විශාලය.


    ඔහු ආරක්ෂක අංශවලට පවා අභියෝග කරමින් සිය කටයුතු නිදහසේ එහි සිට කළේය.
    ඩුබායිහි ඔහු සිටින තැන කිසිවෙකු දැන සිටියේ නැත. ඔහු අල්ලාගැනීමේ උවමනාව බොහෝ අයට තිබූ නමුත් එය කරන්නට දුෂ්කර කටයුත්තක් වී තිබුණි. ඩුබායි පොලිසියේ සහායෙන් ජාත්‍යන්තර නිල් නිවේදන නිකුත් කර තිබූ නමුත් මාකඳුරේ මදුෂ් එරට ආරක්ෂක අංශ වලටද වැලිගසා සැඟවී සිටියේය.
    ඊයේ දින ඔහුව හෝටලයක් තුළදී මෙලෙස කොටු කිරීම දීර්ඝ කාලීන පොලිස් සැලසුමක් සඵලවීමකි. මාකඳුරේ මධුෂ් මේ කාලයේ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට සය හැවිරිදි පුත්‍රයකු සිටින බවත්, ඔහුගේ උපන් දින සාදය මහ ඉහළින් සැමරීම සඳහා ඩුබායි රාජ්‍යයේ තරු හයේ සුපිරි හෝටලයක් වෙන් කරගෙන ඇති බවටත් පොලිසියට ආරංචියක් ලැබී තිබුණි. මෙම සාදයට පැමිණෙන ලෙස පාතාල නායක මදූෂ්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුටද ඇරයුම් ලැබී ඇති බව පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණි.
    කොළඹ කෙසෙල්වත්තේ පාතාල නායකයින් මධුෂ්ගේ සමීපතමයන් ය. මෑතක සිදු කළ තහනම් ද්‍රව්‍ය වැටළීමකදී අත්අඩංගුවට පත් කෙසෙල්වත්තේ පාතාලයෙකුගෙන් මේ තොරතුර පොලිසියට ලැබී තිබුණි.


    මධුෂ්ගේ ළඟම හිතවතුන්ට මෙම සාදය සඳහා ආරාධනා ලැබී ඇති බවත් මේ අනුව ඇරැයුම් මත අමල් පෙරේරා, රයන් වැන් රෝයන් සහ රියැලිටි වේදිකාවේ තරු වූ ගායිකාවන් කිහිප දෙනෙක්ද ඩුබායි බලා යනු ඇති බවත් ඒ අනුව පොලිසියට තොරතුරු අනාවරණය කරගන්නට හැකි විය.
    මෙම සාදයට යන අනෙක් පිරිස අතර පසුගිය කාලයේ රියැලිටි වේදිකාවේ ගීත ගායනා කළ ප්‍රකට කිහිප දෙනෙකු සිටින බවටද ආරංචි ලැබිණි.
    අමල් පෙරේරා තහනම් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට මින් කලකට ඉහත ලක්වූ අයෙකි. අමල් වඩාත් ප්‍රකට වූයේ සුදු කැස්බෑවෙකු සම්බන්ධ සිද්ධියක් නිසාය. ඔහුට මදුෂ් සමග සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසියට විශ්වාසදායි තොරතුරු ලැබී තිබුණි.


    පොලිසිය මෙම ආරංචි අනුව ඉතා කෙටි කලක් තුළ සැලසුමක් සකස් කර තිබේ. ඒ ඩුබායි පොලිසියේ සහාය ඇතිව එරටදී වැටළිමක් කරන්නටය. වඩාත් පහසුම ක්‍රමය වන්නේ අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන් ඇතුලු පිරිස යන තැන් විමසා ඒ පසුපස ලුහුබැඳීම බව තේරුම් ගෙන මෙම සැලසුම අනුව උපායන් සකස් විය.


    ලැබුණ ආරංචි අනුව ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් පිටත්ව යන අවස්ථාවේ සිට පොලිස් ඔත්තුකරුවන් ඔවුන් පසුපස යොදවන්නට මෙහෙයුම් කණ්ඩායමට හැකි විය.
    කල් ඇතිව කථිකා කරගත් පරිදි ඩුබායි නිලධාරීන් ලංකාවේ කණ්ඩායම එහිදී හමුවී තිබේ.


    ඩුබායිහි අමල් නැවතුන හෝටලයේ සිට එරට පොලිසියට මෙම ක්‍රියාකාරකම් අනුව සිද්ධවන දේවල් වාර්තා කර තිබූ අතර සාදය පවත්වන හෝටලය වෙත අමල් ඇතුළු පිරිස ගමන් කරන වේලාව ඒ අනුව ලබා දෙන්නට සූදානම්ව සිටින ලදි.
    පෙබරවාරි 4 වනදා රාත්‍රී කාලයේ මෙම සාදය පවත්වන බව ඒ අනුව වාර්තාවී තිබුණි.


    සාදයට හෝටලයේ 125 ක් පමණ රැස්වන ශාලාවක් වෙන්කර ඇති බවත් හෝටලය වෙන්කිරීමේ කටයුත්ත වෙනුවෙන් පාවිච්චි කර තිබුනේ ඩුබායිහි සිටින මදුෂ්ගේ සොහොයුරාගේ නමක් බවත් ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා එරට ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබේ.
    ඒ අනුව වැටලීම් කරන්නට නම් සාදය සඳහා සියලු පිරිස් පැමිණෙනතුරු සිටීම වැදගත් වියහැකි බව ලංකාවේ කණ්ඩායමේ මතයවී තිබේ. එයට හේතුව පැමිණෙන සියල්ලන් වැදගත්වන බැවිනි.


    එම තොරතුරු අනුව එරට රහස් පොලිසිය මෙම සාදය පිළිබඳ අවදියෙන් සිට පෙරේදා (4දා) රාත්‍රියේ සාදය පැවතෙමින් තිබෙන අතර 5 වනදා පාන්දරට වන්නට මෙම වැටලීම සිදුකර තිබේ.
    හෝටලයේ පිටත දැඩි ආරක්ෂාවක් සලසා ශාලාව වෙත වැටලීම් කන්ඩායම ඇතුළුව ඇත්තේ ශාලාවේ දොරවල් අගුළු ලාගෙනය. දැඩි ලෙස ක්‍රියාකාරකම් සිදුකරන පිරිසක් බැවින් ඔවුන් එසේ අල්ලගතයුතු බව ලංකාවේ කණ්ඩායමේ උපදෙස වී තිබේ. එසේ ඇතුළුවූ ඩුබායි පොලිස් නිලධාරීන්ට නිරායුදව සිටි 25 ක් හසුකරගත හැකිවිය.


    සැකකරුවන් 25 දෙනා කාමරයක් වෙත ගෙනගොස් බිම වාඩිවෙන්න යයි දන්වා එකිනෙකාගේ තොරතුරු වෙන වෙනම පරීක්ෂාකර තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මාකඳුරේ මධුෂ්ගේ සහ කංචිපාන ඉම්රාන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා බලපත්‍ර බවද අනාවරණය වී ඇත.


    මෙම වැටලීම කරන අවස්ථාව වන විට එහි තිබී ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සහ තහනම් ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බවද වාර්තා විය. සිය සගයන්ට විනෝදවීම සඳහා තහනම් ද්‍රව්‍ය තොග රැගෙන ආ බව මදුෂ් පවසා තිබේ.
    තහනම් ද්‍රව්‍ය සමග විනෝදවීම එරට නීතිය අනුව දන්ඩනය පවා ලද හැකි වරදකි. ඒ අනුව ලංකාවේ වරෙන්තුකරුවන් වීමට අමතරව එරට නීතිය අනුවද වරදවලට යටත්වූ පිරිසක් බවට ඔවුන් පත්වූ අතර සියල්ලන් අත්අඩංගුවට පත්විය. ඒ අයගෙන් එරට ආරක්‍ෂක අංශ ඊයේ වන විට ප්‍රශ්න කරමින් තිබිණි.
    මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත ඊයේ (5දා) උපදෙස් ලබාදී ඇත. මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වේ.


    neth news
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    254.jpg
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mona huttakatada meheta genne ehema iwara karanne nethiwa

    mehe hitiyoth bella gasaa daanna saudi yawanawane ethakota ohe inna deshapaluwanta kuttiya enne nehe. ara raththaran biththara daana kikili maran kanna un kemathi nehe balapan lankawata awa gaman oya case eka yata yana heti. mehe unna nam okawa ellala maranawa