මන්ත්‍රී සැප කනේ
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද අතර මන්ත්‍රී වැටුප වැදගත් වේ. මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් පනස් හතරදහස් පන්සිය විසි පහ (54525)කි. ප්‍රවාහන දීමනාව රුපියල් දස දහස (10000)කි. සංග්‍රහ දීමනාව රුපියල් දහස (1000)කි. ජංගම දුරකථන දීමනාව රුපියල් දෙදහ (2000)කි. පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව එක් දිනක් වෙනුවෙන් රුපියල් පන්සියය (500)කි.
අමාත්‍යවරුන්ගේ වැටුප රුපියල් හැට පන්දහසක් වන අතර නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙනුවෙන් රුපියල් හැට තුන්දහස් පන්සියයක මාසික වැටුපක් හිමිවේ. ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට රුපියල් හාර දහසක ජංගම දුරකථන දීමනාවක් හිමිවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලය සඳහා පස් දෙනකු බඳවා ගත හැකි අතර ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවනු ලැබේ. ස්ථාවර දුරකථන දෙකක් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලබා දෙන අතර එහි මාසික බිල්පතද පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබයි.
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ලබා දෙන කාර්ය මණ්ඩලය මීට වඩා වැඩිවේ. එසේම මන්ත්‍රීවරුන් වෙනුවෙන් තීරු බදු රහිත වාහනයක් ගැනීමට බලපත්රයක්ද හිමිවන අතර ලක්ෂ 300ක බදු සහන හිමිවනු ඇත.
මන්ත්‍රීවරයාගේ වාහනය වෙනුවෙන් මාසික ඉන්ධන දීමනාවක් හිමිවන අතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික් මට්ටම අනුව මෙම දීමනාව වෙනස්වේ.
කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් දහඅට දහස් අටසිය හතළිස් පහක්ද, කළුතර හා ගම්පහ දිස්ත්‍රික් සඳහා රුපියල් විසිතුන් දහස් හයසියයක්ද, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් විසි අටදහස් තුන්සියයක ඉන්ධන දීමනාවක් හිමිවේ. තවද මාතලේ, පුත්තලම, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් දෙදහස් නවසිය අනූවක දීමනාවක්ද, පොළොන්නරුව, බදුල්ල, හම්බන්තොට, වව්නියාව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් හත්දහස් හත්සිය හතළිස් පහක්ද ඉන්ධන දීමනාව ලෙස මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබයි.
මාසික ඉන්ධන දීමනාවට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ජිවත් වෙන සෑම මන්ත්‍රීවරයෙකුටම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ නිවසක් වෙන් කර තිබේ. මීට අමතරව රුපියල් ලක්ෂ 50ක රක්ෂණයක්ද මන්ත්‍රීවරුන්ට හිමිය. රක්ෂණය හැරුණු කොට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා දෙන අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඖෂධ වර්ගද ගෙන්වා දේ.
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පාර්ලිමේන්තුවේ ස්ථාපිත කොට තිබෙන බැවින් මන්ත්‍රීවරුන්ට මෙමගින්ද නොමිලේ සේවය ලබාගත හැකිය. මන්ත්‍රී භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ආහාර ලබා ගත හැකි සේම තමන්ගේ ආගන්තුකයන්ද රැගෙනවිත් ආහාර ලබා දීමේ පහසුකම්ද පවතී. මන්ත්‍රීවරයෙකුට දිවා ආහාරය වෙනුවෙන් රුපියල් 150ක මුදල් මන්ත්‍රී වැටුපෙන් කපා ගත්තද ඔවුන්ට අවශ්‍ය ආහාර වර්ගයක් ඇනවුම් කිරීමේ හැකියාවද පවතී. දිවා ආහාරයට අමතරව උදෑසන ආහාරයද ඔවුන්ට හිමිය.
මන්ත්‍රීවරුන් සියලු දෙනාට වසර හයක කාලයක් යනතුරු මේ වරප්‍රසාද හා බලතල හිමිය.
(උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි)