මන්නාරමේ තෙල් තියෙනවා - විජිත

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,955
    113
    Lokey godak thel thiyana rataval thiyanava habei godak duppath. E.g. Libiya, Angola. Owa haaranna USD billion ganan yanava, eth oil sure na.

    ලිබියාව විනාස කරේ අැමරිකාවනේ..උන් ඊට කලින් පෝසත් රටක්..

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    තේරුමක් නැහැ
    මේ ආණ්ඩුව කියවල කියවල් දිවේ පොට යනවා ළඟදීම
    අන්තිමට, කියන්න වෙන්නේ , කල්ලත් ලෑ බෝල්ලත් ළෑ උලල්ලත් ලෑ කියල තමයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ලිබියාව විනාස කරේ අැමරිකාවනේ..උන් ඊට කලින් පෝසත් රටක්..


    Aeka vali nisane, vena kathavak. Economy mismanage karoth thama duppath venne. Saudiya balapan, kisi avlak na.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Here we goes agin Mrs B was misled and USSR and its block explored Oil in Pesale in 70s. May be Vijitha was too small to remember or had forgotten.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    ශ‍්‍රී ලංකාවේ රත්රන් නිධි​



    පෞරාණික තොරතුරු අනුව ශ‍්‍රී ලංකාවේ රත්රන් කැණීම වසර දහස් ගණනක් තිස්සේ සිදුවී ඇති බව සඳහන්වේ.
    ඒ අනුව බොහෝ විට රත්රන් උකහා ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාව පුරා විහිදී පවතින ගංගාවන් ආශ‍්‍රිත දියලූ නිධිවලිනි. ක්‍රි.පූ. දෙවන සියවසේ දුටුගැමුණු රජු සමයේදී වර්තමානයේ කැබිතිගොල්ලෑව ලෙස හැඳින්වෙන අකරවිටිගම අවට රත්රන් කැණීම් සිදුකර ඇති බවට ඓතිහාසික සාක්ෂි පවතී. තවද මහාවංශයේ 28 වැනි පරිච්ඡේදයේ හා ථූපවංශයේ 71 වන පරිච්ඡේදයේ දක්වා ඇති පරිදි රත්රන් මේ ප‍්‍රදේශවල රිදී සහ තඹ සමග හමුවී තිබේ. මෙම නිධිවල රත්රන් කැණීම් කළ ගම්මාන විශාල ප‍්‍රමාණයක් එවකට පැවති බවටද වාර්තා ඇත. රුවන්වැලි සෑය පිළිබඳ ඇති පෞරාණික සාක්ෂි අනුව රන්පත්විල ප‍්‍රදේශයෙන් කනින ලද රත්රන් කරත්ත හතක ප‍්‍රමාණයක් රැගෙන ඒමේදී එහි බර නිසා රඹෑව ප‍්‍රදේශයේදී ඒවා අනතුරකට ලක්ව බාන්නට සිදුවූ බව සඳහන් වේ. ඒ අනුව රන්බෑව ප‍්‍රදේශය රඹෑව ලෙස ජනවහරට එක්වී තිබේ.

    gold 02

    1938 පළවූ ටයිම් ඔෆ් සිලෝන් නම් පුවත්පත් වාර්තාවට අනුව 1850 දී පමණ මහඔය ප‍්‍රදේශයෙන් රත්රන් සොයාගෙන ඇති බව දැක්වේ. ඒ අනුව බ‍්‍රැච්ලි නම් බ්‍රිතාන්‍ය ජාතික නාවුකයකු විසින් කොළඹ සිට සැතපුම් 40 පමණ ඈතින් පිහිටි මහඔය ප‍්‍රදේශයෙන් රත්රන් කුඩු උකහා ගෙන ඇති බවත්, ඉන් අනතුරුව ප‍්‍රදේශවාසීන් විසින් විශාල පරිමාණයෙන් කැණීම් සිදුකිරීම නිසා රජය විසින් 1954 මාර්තු මාසයේදී පළ කළ ගැසට් පත‍්‍රයක් මගින් කැණීම් බලපත‍්‍ර ලබාදී ඇති බවත් දැක්වේ. පසුව උණ රෝගය වැලඳීම හා ගංවතුර නිසා රත්රන් ගැරීම නතර වී ඇත. මහාචාර්ය සී. බී. දිසානායක මහතා 1985 දී පළ කළ පර්යේෂණ වාර්තාවට අනුව පෞරාණික ශ‍්‍රී ලංකාවේ රත්රන් කැණීම් සිදුකළ ගම්මාන විශාල ප‍්‍රමාණයක් පැවති බවත්, එ්වා බොහෝ විට රන් යන මුල් පදය ඇඳි ඇති නාමයන්ගෙන් හැඳින්වී ඇති බවත් දැක්වෙයි. එම වාර්තා අනුව එකී ගම්මාන බොහොමයක් ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ‍්‍රිතව ශ‍්‍රී ලංකාවේ උස් බිම් යනුවෙන් සුවිශේෂ භූ විද්‍යාත්මක කලාප සංකීර්ණ තුළ පිහිටා ඇත. එම ස්ථාන බොහොමයක් නූතන භූ විද්‍යාත්මක දත්ත අනුව රත්රන් හමුවන ස්ථාන සමග සැසඳේ. 1902 සහ 1903 කාලයේදී රත්රන් පිළිබඳ විශේෂඥයකු වූ ජී. ජී. ඩික්සන් විසින් දිවයිනේ දකුණු, මධ්‍යම හා බටහිර ප‍්‍රදේශවල රත්රන් දියලූ නිධි වශයෙන් කුඩා ප‍්‍රමාණවලින් හමුවන බව වාර්තා කර ඇත. 1905 පළ වූ සිලෝන් ඇඩ්මිනිස්ට්‍රේටිව් රිපෝට්ස් නම් වාර්තාව අනුව එවක පැවති රජයේ ඛනිජ ගවේෂණ ආයතනය මගින් සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්ව රත්රන් හමුවන ස්ථාන පිහිටා ඇති බව සනාථ කරයි. භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති පරිපාලන වාර්තා අනුව ලංකාවේ රත්රන් හමුවන ස්ථාන මහාචාර්ය සී. බී. දිසානායක මහතා විසින් වාර්තා කර ඇත.
    වසර 1900 දී පමණ කුරුඳුඔය නිම්නය ආශ‍්‍රිතව වළවල් හාරා රත්රන් ගරා ඇති බවත්, අතහැර දමා ඇති පැරණි රත්රන් වළවල් අදත් දැකිය හැකි බවත්, සිරිවර්ධන 1987 දී වාර්තා කරයි. තවද ගම්පොළ ප‍්‍රදේශයේ මධ්‍ය කඳුකරය ආශ‍්‍රිත ඇළ මාර්ගවල දියලූ අවසාදිත සමග ටොන් 1ට ග‍්‍රෑම් 400 පමණ වූ රත්රන් සාන්ද්‍රික හමුවූ බව රාමක‍්‍රිෂ්ණා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් 1987 දී වාර්තා කර ඇත. මේ හැරුණු විට ගංගා ආශ‍්‍රිත මැණික් අඩංගු අවසාධිත සමග රත්රන් හමුව ඇති බව බොහෝ පර්යේෂකයන් වාර්තා කරයි. තවද බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ රත්රන් පතල් 16ක් සඳහා අවසර ගෙන තිබූ බවත් විශාල වශයෙන් හමුනොවූවද රත්රන් හොරණ, අකුරැස්ස, දෙණියාය, ප‍්‍රදේශවල නිල්වලා ගඟ ආශ‍්‍රිත බැර ඛනිජ තැන්පතු සමග විශේෂයෙන් ගඟ පතුලේ ටයිටේනියම් හා යුරේනියම් ඛනිජ සමග හමුවන බවත් වාර්තා ඇත. තවද මෑත කාලයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වලවේ ගඟේ සිදුකළ අවසාධිත සමීක්ෂණයේදී බලංගොඩ, රජවක, විගණකුඹුර, වහතුපිටිය ප‍්‍රදේශවල රත්රන් යම් ප‍්‍රමාණවලින් හමුවන බව වාර්තා කරයි. 2012 වසර මැද භාගයේදී පමණ රත්රන් කුඩා කැටිති සහ සියුම් කුඩු ලෙස කැලණි ගඟේ අවිස්සාවේල්ල අවට පූගොඩ, කුමාරිමුල්ල සහ ඕවිටිගම ප‍්‍රදේශවල හමුවිය. මේ සමඟ අවට ජනතාව දහස් ගණනින් පැමිණ ගං පතුලේ අවසාධිත රත්රන් කුඩා නෑබිලි මඟින් ගැරීමෙන් උකහා ගන්නට විය. රත්රන් ගැරීම ක‍්‍රමයෙන් අවිස්සාවේල්ල නගරය අවට ප‍්‍රදේශයක ව්‍යාප්ත වූ අතර එ් සමගම විශාල රන් නිධියක් කැලණි ගඟේ හමු වී ඇති බව මාධ්‍ය මගින් වාර්තා කරමින් ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබාදුනි. කෙසේ වෙතත් අධික ලෙස රත්රන් ගැරීම නිසා ඇති වන පාරිසරික හා සමාජීය ගැටලූ සලකා බලා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නීතිවිරෝධී රත්රන් ගැරීම් නවතාලිමට පියවර ගත් අතර ගඟ අවට පදිංචි අයට පමණක් රත්රන් ගැරීම සඳහා නීත්‍යනුකූල බලපත‍්‍ර නිකුත් කරන ලදි. තවද එ් සමග ආයතනය පැවැත් වූ රත්රන් සමීක්ෂණය මගින් පූගොඩ අවට ප‍්‍රදේශවල රත්රන් තරමක් (21ppm තරම්) ඉහළ සාන්ද්‍රණයකින් හමුවී ඇති බව වාර්තා කරන ලදී. තවද එතෙක් ගැරීමේ කටයුතු සිදු නොකළද සීතාවක ගඟේ ඉහළ ප‍්‍රදේශයේද රත්රන් සාන්ද්‍රණයන් ඇති බව සොයා ගන්නා ලදී. මාස කිහිපයක් ගතවීමේදී ගඟේ රත්තරන් හමුවීම අඩුවීමෙන් ගැරීම් කටයුතු අඩාළ වූ නමුත් තවමත් ඇතැම් අය කුඩා පරිමාණයෙන් ගැරීම් කටයුතුවල නියැළෙති.
    gold 01

    රත්රන් කැණීම සහ නිස්සාරණය
    රත්රන්වල ඉතා ඉහළ විශිෂ්ඨ ගුරුත්වය (19.32ග‍්‍රෑම් / ඝණසෙන්ටිමීටර) නැතහොත් බර නිසා පාෂාණ ජීර්ණයෙන් ඇති වන රත්රන් අඩංගු අවසාධිත ගංගා ඔස්සේ කැලඹුණු ජලය මගින් පරිවහනය වීමේදී ඒවා අදාළ ගංගා හෝ ඉහළ දොළ මාර්ගවල පතුලේ බොහෝවිට පතුල් පාෂාණය ආසන්නයේ අනෙකුත් බැර ඛනිජ අඩංගු කළු වැලි ස්ථිරයේ රැදෙයි. මේ නිසා රත්රන් උකහා ගැනීම සඳහා මෙම කළු වැලි ස්ථිරය කැණීම් සිදුකරන අතර ඒ සඳහා ගංගාවල මැණික් ගැරීම සඳහා භාවිත කරන වියදම් අඩු ක‍්‍රම එනම් දිගු මිට සහිත උදළු මගින් ගං පතුලේ වූ කළු වැලි තට්ටුව මතුපිටට ගෙන ඒම සිදු කෙරේ. ඇතැම් විට කිමිදුම්කරුවන් ගංපතුල හාරා මෙම කළු වැලි උකහා ගනිති. එසේ මතුපිටට ගෙන එන කළු වැලි නෑඹිලි හෝ තාච්චි මගින් ජලය භාවිතා කරමින් ගැරීම සිදුකෙරේ. ඇතැම් විට මෙම තාච්චිවල පතුලේ රත්රන් ගැරීම සඳහා විශේෂයෙන් සකස් කළ කිසියම් නෙරුමක් සාදා ඇත. එහිදී ගැරීම අවසානයේ කුඩා රත්රන් කැබිලිති සහ අංශු මෙම නෙළුම තුළ එක්රැස් වෙයි. ඇතැම් විට ගංපතුලේ ගැඹුරින් කනිනු ලබන වැලිවල වූ සැහැල්ලූ ද්‍රව්‍ය වෙන් කිරීමට ගං පතුලේ මතුපිටම සේදී යාමට ඉඩහරිනු ලැබේ. සේදී යාමෙන් පසුව තරමක් ලොකු කනිකා සහ ඇතැම් විට මැණික් අතින් පරීක්ෂා කර අසුලා ගන්නා අතර කුඩා ප‍්‍රමාණ රත්රන් නෑඹිලි මගින් ගැරීම සිදුකෙරේ. රසදිය භාවිතය. නෑඹිලි, තාච්ච හෝ කොරහ මගින් ගැරීමෙන් පමණක් රත්රන් අසුලා ගැනීම අපහසු අවස්ථාවේදී කළු වැලිවල අවසාන කොටස රසදිය සමග උඳුන්වල සෙන්ටිග්‍රේට් අංශක 300 පමණ රත් කිරීමෙන් මිශ‍්‍ර කර මිශ‍්‍ර ලෝහයක් තනා එම මිශ‍්‍ර ලෝහය රසදිය වාෂ්ප කොට පිරිසිදු රත්රන් උකහා ගැනීම සිදුකෙරේ. කෙසේ වෙතත් රසදිය භාවිතය පාරිසරික වශයෙන් ඉතා අහිතකරය රසදිය මගින් මිනිස් හා සත්ත්ව ස්නායු පද්ධතියට කොඳුඇට සහ මොළයට භයානක බලපෑම් ඇති විය හැකි අතර එහි විශේෂයෙන් කුඩා ළමුන්ට හා කලලයන්ට දැඩි බලපෑම් ඇති කරයි. රසදිය විෂ වීමෙන් මසුන් මරණයට පත් වීම හෝ විෂ වීම මගින් ඒවා ආහාරයට ගන්නා මිනිසුන්, සියුපා හා කුරුළු විශේෂ රෝගී විය හැකිය. රසදිය ජෛව පද්ධතිවලින් ඉවත් නොවන බැවින් ආහාර දාමය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී තවදුරටත් විෂවීම් සිදුවිය හැකිය.
    gold 03

    රත්රන් සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම හා ආයෝජනය
    රජය මගින් රත්රන් කැණීම් සඳහා නීත්‍යානුකූල බලපත‍්‍ර ලබාදීම බ්‍රිතාන්‍ය යුගයේ සිට සිදුකර ඇත. මෑතකදී 1990 පමණ ඇඹිලිපිටිය ආසන්න කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයේදී සහ 2012 දී කැලණි ගඟ ආශ‍්‍රිතව රත්රන් කැණීම සඳහා බලපත‍්‍ර 200ක් පමණ ලබාදී ඇත. මේ හැරුණු විට දැනට රත්රන් ගවේෂණය සඳහා සේරුවිල, මතුගම, පැලවත්ත ප‍්‍රදේශවල විදේශීය ආයෝජනයද ඇතුළුවද ගවේෂණ බලපත‍්‍ර සඳහා ඉල්ලූම් පත‍්‍ර ලැබෙමින් පවතී. උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසුව එම ප‍්‍රදේශ මායිම් ගම්මානවල ඛනිජ සම්පත් ගවේෂණය සඳහාද ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලැබෙනමින් පවතින බැවින් ඉදිරියේදී රත්රන් ගවේෂණය සඳහාද විදේශ ආයෝජන යොමුවීමේ ඉඩකඩක් පවතී.
    srigold 01

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. එච්. ඊ. ආර්. සිරිවර්ධන
    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. එච්. ඊ. ආර්. සිරිවර්ධන මහතා විසින් මේ පිළිබඳව කළ නවතම පරීක්ෂණයක් ඇසුරෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
    view
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28

    මෙහෙමත්.කිව්වනේ කාළකණ්ණි ජෙප්පෝ......:mad::mad:
     

    Attachments

    • SAVE_20250425_182136.jpg
      SAVE_20250425_182136.jpg
      238 KB · Views: 22

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dog Digging GIF by The Wiggles


    බඩු තියෙනව කිව්වට කවුරුවත් හාරන්නෙ නෑනෙ..

    කාට හරි කියල ඕක හාරගත්ත නම් සිංහලුන්ට බංකොලොත් කම නැතිකරගන්ඩ පුලුවන්.