මන් අහල තියෙන ප්රශ්න ටිකක් ගෙනාව උත්තරත්
මන් අහල තියෙන ප්රශ්න ටිකක් ගෙනාව උත්තරත් එක්කම.. මෙතන තියෙන ගොඩක් ප්රශ්න අහල ඇති.. අහල නැති ඒවත් තියෙනවද කියල බලන්නකෝ
ඔන්න එක ගඟක කිඹුලෙක් ඉන්නව.ඌ ගමේ ඉන්න හැම සතෙක්ම වගේ කනව.ඒත් ඌරන්ව විතරක් කන්නෙ නෑ.ඇයි ඒ?
-ඒ කිඹුල මුස්ලිම් කිඹුලෙක්.ඉතින් ඌරු මස් කන්නෙ නෑ-
ඔන්න අලියෙකුයි කූඹියෙකුයි ඉන්නව උන් දෙන්න හෙන යාළුවො.දවසක් උන් දෙන්න බයික් එකේ යද්දි හැප්පෙනව.අලියට සෑහෙන්න තුවාලයි.ඒත් කූඹියට හීරුමක් වත් වෙලා නෑ.ඇයි ඒ?
-කූඹිය හෙල්මට් දාගෙන ඉඳල තියෙන්නෙ-
එතකොට ඒ බයික් එක එලවල තියෙන්නෙ කූඹිය.අලිය එලවන්න ඉල්ලුවට කූඹිය අලියට එලවන්න දීල නෑ.ඇයි ඒ.?
-කූඹිය පිටිපස්සෙ ඉඳගෙන ගියොත් ඉස්සරහ යන කෙල්ලො එක්කෙනෙක් වත් කූඹියට පේන්නෙ නෑනෙ අලියට වැහෙන නිසා.ඒකයි ඌ බයික් එක එලෙව්වෙ-
ඔන්න ඉතින් ඒ අලියව ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කලාලු.කූඹියත් ආවලු ඉතින් ඇපල් දොඩම් එහෙම අරගෙන අලියව බලන්න.ඌ ඉට පස්සෙ අලිය ළඟට ඇවිත් කනට කරල දෙයක් කිව්වලු.ඒක ඇහුව ගමන් අලිය මහ හයියෙන් හිනා උනාලු.කූඹිය මොකක්ද ඒ අලියගෙ කනට කරල කිව්වෙ?
-උඹට ලේ එහෙම ඕනෙ උනොත් මට කියපන් කියල-
ඔන්න ඉතින් ඒ අලිය ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර ඇවිත් කූඹිය එක්ක නාන්න කියල ගඟට ගියාලු.අලිය නානවලු.කූඹිය නාන්නෙ නැතුව බලන් ඉන්නවලු.අලිය ඇහුවලු උඹ ඇයි නාන්නෙ නැත්තෙ කියල.කූඹිය එතකොට හේතුව කිව්වලු.ඒක ඇහුව ගමන් අලිය අර ඉස්පිරිතාලෙදි වගේ අම්බානෙකට හිනා උනාලු.ඉතින් අලියට එච්චර හිනා වෙන්න කූඹිය මොකක්ද කිව්වෙ.?
-උඹ නාල ඉවර වෙලා උඹ ඇඳන් නාපු කලිසම ඇඳන් මන් නානව කියල-
ඔන්න ඉතින් ඔය අලියයි කූඹියයි පන්සලකට ගියාලු.අලියට විහිළුවක් කරන්න හිතාගෙන කූඹිය දුවල ගිහින් පන්සලේ විහාර ගෙයි හැන්ගුනාලු.ඒත් අලිය ටග්ගාල කූඹිය හැන්ගිලා හිටිය තැන හොයාගත්තලු. කොහොමද ඒ.?
-කූඹිය විහාර ගෙයි ඉස්සරහ සෙරෙප්පු ගලවල ගිහින් තියෙන්නෙ-
මේක ලේසි ප්රශ්නයක්.ඉතින් ඔය අලිය හොරකමකට අහුවෙලා ගමේ පොලිසිය තීරණය කලාලු අලියව ප්ලේන් එකකින් එක්ක ගිහින් බිමට වට්ටල මරන්න.අලියව කොහොමද වැට්ටුවෙ.?
-ප්ලේන් එකෙන් බිමට තල්ලු කරල-
(පරණ ප්රශ්නයක්) අලියෙක්ව කොහොමද පියවර තුනකින් ෆ්රිජ් එක ඇතුලට දාන්නෙ.?
-දොර ඇරිය අලියව දැම්ම වැහුව-
එතකොට ජිරාෆ්ව කොහොමද පියවර හතරකින් එළියට දාන්නෙ.?
-ෆ්රිජ් එක ඇරිය අලියව ගත්ත ජිරාෆ්ව ඇතුලට දැම්ම දොර වැහුව-
ඔන්න ඉතින් සිංහය කසාද බැන්ඳලු.ගමේ හැම සතාම ආවලු.උන් ඔක්කොටම එන්න කියල තිබ්බෙ සරම් ඇඳගෙනලු.ඒත් එක සතෙක්ට විතරක් කලිසමක් ඇඳන් එන්න චාන්ස් එකක් දුන්නලු.කවුද ඒ සතා.?
-වව්ලා.මොකද වව්ල ඉන්නෙ එල්ලිලා නිසා සරමක් ඇඳන් හිටියොත් සෑහෙන්න ලොකු ප්රශ්නයක් වෙන්නෙ-
ඉතින් ඔය සිංහයගෙ වෙඩින් එකට හැම සතාම ආවලු.එක සතෙක් විතරක් ආවෙ නෑලු.කවුද ඒ සතා.?
-ජිරාෆ්.ඇයි ඌව ෆ්රිජ් එක ඇතුලට දාල වැහුවනෙ-
ඔන්න ඉතින් එක ගඟක ඉන්නවලු මිණී කන කිඹුලෙක්.ඒ ගඟෙන් එගොඩ වෙන්න බලාගෙන මිනිහෙක් ගඟ අයිනට වෙලා ඉන්නව.ඒ මිනිහ කොහොමද ගඟෙන් එගොඩ වෙන්නෙ.?
-ඒ මිනිහ ගඟෙන් එගොඩ වෙන්නෙ පීනල ගිහින්.ඇයි ඉතින් ඒ ගඟේ හිටිය කිඹුලත් සිංහයගෙ වෙඩින් එකට ගිහිල්ලනෙ.ඉතින් අවුලක් නැතුව ඒ මිනිහ ගඟෙන් එගොඩ වෙනව-
ඔන්න දවසක් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගමනක් ගියාලු.ඒ ගමන යන ගමන් කඩයක් දැකල අර කොල්ල කඩේට ගියාලු කාඩ් එකක් ගන්න කියල.කෙල්ල එළියට වෙලා බලන් හිටියලු කොල්ල එනකන්.කොල්ල එන කොට අර කෙල ලේ විලක් මැද මැරිල හිටියලු.ඒ කෙල්ල කොහොමද මැරුනෙ.?
-ආ මතකද උඹකට අලියෙක්ව ප්ලේන් එකෙන් එළියට තල්ලු කරල බිමට දැම්ම.අන්න ඒ අලියව ඇඟ උඩට වැටිල තමා කෙල්ල මැරෙන්නෙ-
බීපු අයට නිතරම මතක් වෙන සතා මොකාද.?
-කබරය.ඇයි ඉතින් බිව්වාම කබරය යනවනෙ-
ඉංග්රීසි වචනයක් මුලට එන සතා මොකාද.?
-Goනුස්සා.. Singහයා කියලත් කියන්න පුළුවන්-
ඔන්න දවසක් කෙල්ලෙක් බස් එකේ යන කොට කොල්ලෙක් බස් එකෙන් බහිද්දි ඒ කොල්ලට අර කෙල්ලගෙ කකුල පෑගෙනව.ඌ ඉතින් බස් එකෙන් බැහැල කෙල්ලට සොරි කියනව.එතකොටම බස් එකේ කොන්දොස්තර අහනව කවුද ඒ නැදෑයෙක්ද කියල.එතකොට අර කෙල්ල අර කොල්ලටයි කොන්දොස්තරටයි දෙන්නටම එක උත්තරයක් දෙනව.මොකක්ද ඒ උත්තරේ.?
-නෑ කමක් නෑ-
ඔන්න එක මිනිහෙක් පරණ පාන් ගන්න බේකරියකට යනව.ඉතින් බේකරියෙ මිනිහ අහනව මොකටද පරණ පාන් කියල. එවෙලෙම එතන හිටිය මිනිහෙක් අහනව කෝ ඔයාගෙ පොඩි පුතා කියල.අර මිනිහ ඉතින් ඒ ප්රශ්න දෙකටම එක උත්තරයක් දෙනව.මොකක්ද ඒ උත්තරේ.?
-ඌරට-
ඉංග්රීසි හෝඩියේ සීතලම අකුර.?
-B අකුර..ඇයි ඉතින් AC වල මැදනෙ B තියෙන්නෙ-
ඔන්න රජ කාලෙ රජ කෙනෙක්ගෙ පුත්තු තුන් දෙනෙක් ශිල්ප ඉගෙනගෙන ඉවර වෙලා රජා මාළිගාවට එමින් ගමන් හිටියලු.මාළිගාවට යන්න දවස් දෙකක් යනවලු.එක දවසක් කොහෙ හරි නැවතිලා නිදාගෙන යන්න ඕනෙ.ඉතින් පුත්තු තුන් දෙනාම නිදාගත්තොත් හොරු ඇවිත් රත්තරන් මුතු මැණික් හොරකම් කරයි කියල බයට එක එක්කෙනා නැගිටල මුර කරමු කියල කතා උනාලු.ඔන්න ඉතින් මුලින් ලොකු එක්කෙනා මුර කරාලු.ටිකක් කරගෙන යද්දි ඌට නිදිමතක් වගේ ආවලු.ඌ ඉතින් එතන තිබ්බ ලී කොටයක් අරගෙන කෙල්ලෙක් වගේ ලස්සන කැටයමක් කැපුවලු.ඉට පස්සෙ ඌ නිදාගන්න ගිහින් දෙවෙනි එක්කෙනා මුර කරන්න ආවලු.ඌටත් අර වගේම නිදිමතක් ආවලු.. ඌ ඉතින් අර ලොකු එක්කෙනා කපපු කෙල්ලගෙ කැටයමට උන් ගාව තිබ්බ රත්තරන් මාල මුදු කරාඹු සේරම පැළැන්ඳුවලු.ඉට පස්සෙ ඌ නිදාගත්තාම තුන් වෙනි එක්කෙනා මුර කරන්න ආවලු.ඌටත් අර වගේම නිදිමතක් ආවලු.ඌ ඉතින් රෑ එළි වෙනකන් ඉගෙනගත්ත ශිල්ප වලින් මන්තර ජප කරල අර කෙල්ලගෙ කැටයමට පණ දුන්නලු.ඉට පස්සෙ උන් ඒ කෙල්ලවත් අරගෙන රජ මාළිගාවට ගියාලු.ඉට පස්සෙ ඉතින් උන් තුන් දෙනාම රජතුමාගෙන් ඉල්ලුවලු ඒ කෙල්ලව බන්ඳල දෙන්න කියල.ලොකු එක්කෙනා කිව්වලු මන් තමා නිකන්ම නිකන් කොටයක් කෙල්ලෙක් වගේ කලේ ඒක නිසා මට බන්ඳල දෙන්න කියල.දෙවනිය කිව්වලු මන් තමා ඒ කෙල්ලට රත්තරන් මුතු පළන්ඳවල ලස්සන කලේ ඒක නිසා මට බන්ඳල දෙන්න කියල.තුන් වෙනිය කිව්වලු මන් පණ දුන්නෙ නැත්නම් තාමත් ඒ කෙල්ල නිකන්ම නිකන් කැටයමක් විතරයි ඒක නිසා මට බන්ඳල දෙන්න කියල.ඉතින් රජතුමා ඇමතිලගෙනුත් අහල එක පුතෙක්ට ඒ කෙල්ලව බන්ඳල දුන්නලු.කවුද ඒ පුතා.ඇයි ඒ පුතාට බන්ඳල දුන්නෙ.?
-දෙවෙනි පුතාට තමා බන්ඳල දෙන්නෙ.දෙවෙනි එක්කෙනා මාල මුදු පළඳද්දි මගුල් මුද්ද දාන ඇඟිල්ලටත් මුද්දක් දාල.ඒක නිසා කෙල්ලගෙ අයිතිය තියෙන්නෙ දෙවෙනි පුතාට.ඕන් ඕක නිසා තමා දෙවෙනි පුතාට බන්ඳල දෙන්නෙ-
ඔන්න තට්ටෙ තියෙන මිනිහෙක් ඉන්නව.මිනිහ උදේ නැගිටින්නෙ 8ට.. රෑට නිදාගන්නෙ 8ට.උපන් දිනෙත් අගෝස්තු 8.කෑම කද්දි එළවළු ජාති 8ක් තිබ්බෙ නැත්නම් කෑම කන්නෙත් නෑ.ජොබ් එක කරන්නෙත් දවසකට පැය 8යි.නමටත් අකුරු 8ක් තියෙනව එතකොට ඒ මිනිහ කොණ්ඩෙ කපන්නෙ කීයටද.?
-මිනිහ කොණ්ඩෙ කපන්නෙ නෑ.මොකද මිනිහගෙ තට්ටෙනෙ තියෙන්නෙ-
-උදාර පැතුම් කුමාර-
ඉස්සුවේ මෙතනින් - https://www.facebook.com/groups/652488968237651/permalink/1081817311971479/