Are you at the beach mahaa sudu sinhalayoආයෙත් පරවි හදන්න හිතුනා කලුවනෙ.. හවසට පොඩ්ඩක් උන් උඩ යවලා ඉගිල්ලෙන දිහා බලන් ඉද්දි වෙනම ආතල් එකක් තියනවා..
මේ පරවි වංසෙ සාස්කින්.. ගොඩක් වෙලා ටයිමින් කරන්නෙනම් නෑ ඒත් ලස්සනයි..
පැයක් වගේ උඩ ඉදිවි ඕන්නම්.. Pakistani High Flyers blood line වලින් එන උන්නම් පැය 10-12 උඩ ඉන්නවා..
ඒත් උන්ව train කරන්නයි බලාගන්නයි අමාරුයි ටිකක්.. උකුස්සත් අරන් යනව සමහර වෙලාවට..
තව ජෝඩු දෙකක් විතර ගන්න ඉන්නෙ සාස්කින් එකෙන්ම
View attachment 252823
පරවියෝ උඩ වට ගහනවා. සමහරු පෙඳේ කපලා උඩ ගහනවා ඉගිලෙනකොට ලස්සනයි කියලා. උන්ට හැදෙනවා ලෙඩක් බෙලි මාන්දම කියලා. බෙල්ල කාරකවනව වටේටම. කොමන්නු තමයි ගණන් අඩුම. අපේ ඉස්කෝලේ හිටියා පරයි හදපු උන්. ඒ යක්කු කරන්නේ PT වෙලාවට ඉස්කෝලේ පිට්ටනියට ගිහින් උඩ බලන් විසිල් ගහනවා. ගෙදරින් පරිප්පු ඇටත් ගේනවා.අඩේ විස්තර ටිකක් කියපන්කො බලන්න . ඔය පරව් ගහනවා කියන්නේ මොකක්ද ? පැය ගානක් උද ඉන්නවා කියන්නේ මොකක්ද? එකේ වෙනම සබ්ජෙට් එකක්නේ බන්
ඔය පරව් ගහනවා කියන්නේ මොකක්ද ?
Thanksඑක එක ගණන්වලට ඉන්නව මචන්.. සාමාන්‍ය හොඳ ජෝඩුවක් 2500 කට වගේ ගන්න පුලුවන්.
පරවින්ගෙ වයස බලන්නෙ වෙනම විදියකට මචන්. අස්සයොන්ගෙ වයස කියන්නෙ දත් බලලා..ඒ වගේම පරවින්ටත් විදියක් තියනවා..
ඒකට කියන්නෙ " කල්ලි කූරු බලනව" කියලා. ඔය මන් රතු පාටින් රවුම් කරල තියෙන්නෙ.. එතන තටු දහයක් තියනවා. ඒව තමයි පරවියෙක්ගෙ primary wings.
ඔය 1 කියල දාල තියන තටුව මුලින්ම හැලෙනවා පැටියෙක් වැඩෙන්න ගද්දි.. පැටියා මෝරන්න මෝරන්න 2,3,4, 5 ඔහොම පිළිවෙලට තටු හැලෙනවා. හැලිලා අලුතෙන් එන තටුව දෙපැත්තෙ තටු දෙකට වඩා කුඩයි., එතකොට අපිට ඒ තට්ට දිහා බලලා පරවියාගෙ වයස කියන්නා පුලුවන්.
View attachment 253092
එනවා බන් ඒකට වෙනම බ්‍රීඩ් එකක් ඉන්නව racing homers කියලා.. සාමන්යෙන් 1000km වලටත් ටිකක එහාට උන්ට හොයාගන එන්න පුලුවන්.. ඉන්දියන් සත්තුනම් එහෙම ගොඩක් දුර එන් නෑ air distance එක 10km 20 km වගේ එනව.. වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්කො.. ගොඩක් පරවි හදන උන් නෑනෙ මේකෙ ඒකයි වැඩිය මොකුත් දාන් නැත්තෙ ඒ ගැන.. උන් හරියටම පාර හොයාගන්න හැටි තවම science වලින් විස්තර කරල නෑ..කට්ටිය එක එක මත දරනවා.. සමහරු කියනව උන්ට magnetic field එක සෙන්ස් වෙනව කියලා.