කාටවත් කිව්වෙ නැති හිතේ deep problem 1 ක් තියෙනව අවුරුදු 15 ක විතර ඉදන්. ඒක මට තාම ප්‍රශ්නයක් වෙලා. කියන්න කෙනෙකුත් නෑ. හිතේ තියෙන දෙයක් කියලා relax වෙන්න කට්ටිය හිටියත් එයාලට මේක තේරුම් ගන්න පුලුවන් කමකුත් නෑ. මම tg කියල මේ forum එකේ කියල තියෙනවද කියල නම් මතක නෑ. දැන් මම පවුල් පන්සල් වෙලා ඉන්න මිනිහෙක්. උපැන්නේ female කියලා තිබුනට මම අවුරුදු 14ක් වගේ වෙනකම් ඉස්කෝලෙ ඇරිලා ආව ම ගෙවල් ලග කොල්ලොත් එක්ක ඇලේ දොලේ පැනලා නෝමල් කොල්ලෙක් විදියට සතුටෙන් ජීවත් උණා . ගෙදර අය ඒකට කැමත්තක් තිබුනේ නෑ. ඒත් ගෑනු වගේ ගෙට වෙලා ඉන්න බෑ මට. පස්සේ ටික ටික ලොකු වෙන්න ගත්ත ම කොල්ලෙක්ගේ ජීවිතේ ඕන ම කාලෙ මට නැති උනා. කෙල්ලෙක් වගේ අනිත් උන් මාව දකින්න ගත්ත නිසා මට කොන් වෙන්න උනා කොල්ලොන්ගෙන්. ඒත් ඉතින් මං කෙල්ලෙක් නෙමෙයි හන්දා මට කෙල්ලෝ එක්ක ගැංසි ගැහෙන එක සෙට් නෑ. උන්ගෙ හුත්තවල් මට තේරෙන්නෙත් නෑ. කෙල්ලොන්ටත් මාව සෙට් නෑ. කොල්ල කාලෙ සෝෂලි තියෙන්න ඕන ආතල් එක මට නැති උණා. ඒ කාලේ අහිමි වීමේ ප්‍රශ්නෙ මට ගොඩක් ජීවිතේට බලපෑවා අදටත් බලපානවා. ඒ ගමේ හිටපු යාළුවො දිගට ම හිටිය නම් මට මං තේරුම් ගත්ත හොද යාළුවො ටිකක් ලැබෙන්නත් තිබුණා. උන් ලොකු වෙද්දි අමුතු උනා පොඩි කාලෙ තිබුණෙ නැති කුණුගොඩවල් උන්ගෙ ඔළුවට ආවා. මං අමුතු ජීවියෙක් වගේ උන් දැක්කෙ. ඉස්කෝලෙත් මං කොන් උනා.ගෙවල් වල මිනිස්සු තේරුම් ගත්තෙත් නෑ. ඒ කාලේ මම වගේ වෙන කෙනෙක් මම දැකලත් නෑ. ඒ උනත් මට අනිත් මිනිස්සුන්ට ඕන විදියට බලෙන් ගෑනියෙක් වගේ ජීවත් වෙන්න බැරි නිසා මම මම හිටපු විදිය වෙනස් කරෙත් නෑ. ඊට පස්සෙ මම doctorsල මුන ගැහුනා medical transition කරගත්තා. Medical transition එකෙන් පස්සෙ කොහොම හරි මට ගෙදර ප්‍රශ්න ඉවරයක් කරගන්න පුලුවන් උනා පුදුම කට්ටක් කාලා. ගෙදර අයත් ඉතින් ටිකක් තේරුම් ගත්තා. මම campus යන්න කලින් ඉදපු කාලේ වැඩි හරියක් ම හිටියෙ වෙන ගමක රස්සාවක් කරන්න ඇවිත්.ඒකෙදි first time යාලුවෙක් සෙට් උනා , ඌ මම ගැන පරන විස්තරයක් මුකුත් දන්නේ නෑ. පස්සෙ කොහෙන් හරි ඒවා හොයාගෙන, මම හිතුවේ මූ හොද fit dial ekak කියලා. ඒ හින්දා මම ඒක එච්චර හිතුවේ නෑ. සද්ද නැතුව ඉදලා පස්සෙ ඒ බල්ල වේසකමකට එන්න ලේස්ති උණා. මම ඌට හොම්බෙන් ලේ පනින්න ගැහුවා. ඌ p ඩයල් එකක් බව නොදැන ඌ එක්ක සෑහෙන්න ගමන් බිමන් ගිහිල්ලත් තිබුනාහෙනට regret උනා මේ වගේ සතෙක් trust කරපු එකට. ඊට පස්සෙ කාලයක් ගියා ම මට තව fit යාලුවෙක්මුන ගැහුනා. ඔහොම ඉන්නකොට ඌ මට කිව්ව ජොබ් හොයන අය ඉන්නවා නම් කියන්න කියලා. ඒ අතරේ මට මුණ ගැහුන tg ගෑනු ලමයෙක් job එකක් හොය හොය හිටියා. ඉතින් මම ඒ වගේ කෙනෙක් ප්‍රශ්නයක් නැද්ද කියලා අහුවා අර පොර ගෙන්. ඌ මට බැන්නා. ඌ trans hater කෙනෙක් ඒකා හිතුවේ මම තමයි ඒ tg ගෑනි.මම ගෑනියෙක් වෙලා ඊට පස්සෙ මුගේ පස්සෙන් එන්න හදනවා කියලා. මම ඉතින් ඌට ලුනු ඇබුල් ඇතුව හොද එකෙන් අමතලා ඒ යාලුකමත් එතනින් නැවැත්තුවා. හැබැයි ඌ අදටත් දන්නේ නෑ මම tg කියලා නම්. පෙනුමෙන් හොයාගන්නත් බෑ. කැම්පස් කාලෙ පන්ති ගියපු එවුන් හිටියා කැම්පස් එකේ. උන් අතරෙත් ඔහොම පී ඩයල් හිටියා. යන්තම් එහෙන් මෙහෙන් බේරිල හිටියෙ ඒකාලෙත්. පස්සෙ මම කවුරුවත් විශ්වාස කරන්න ගියෙ නෑ. මට ඒක දැන් ජීවිතේ ලොකු ප්‍රශ්නයක් වෙලා. මොකද මට මොකෙක් වත් එක්ක යාලුවෙක් වගේ ඉන්න බෑ. මම tg කියලා දැනගත්තොත් උන්ගේ පොන්න phase එක එලියට පනී කියලා හිතෙන නිසා මම හැමෝගෙන් ම ඈත් වෙලා ඉන්නෙ. tg කියලා නොදන්න එවුන් එක්ක fit වෙන්න හිතෙන්නෙත් නෑ. දන්නෙ නැතුව උණත් හේටර්ස්ලා එක්ක ෆිට් වෙන්න මං කැමති නෑ. මොකද අර පස්සෙ fit උන එකා හැසිරුන විදියට මට එපා උනා. ඌ නූගත් කෙනෙකුත් නෙමෙයි නිසයි මම අර tg කෙල්ල ගැන කිව්වෙත්. මමත් ආසයි බන් යාලුවෝ සෙට් එකක් ඉන්නවා නම් ඇවිදලා කාලා බිලා ආතල් එකේ ඉන්න. මට ඒ දේවල් අවුරුදු 14න් පස්සේ නැති උනා. කොල්ලෝ එකතු වෙලා ගground වල සෙල්ලම් කරනවා ට්‍රිප් යනවා දැක්කම දුකයි මගේ තරුණ කාලේ මට ඕන දේවල් දුරස් වෙලා.. බොන එකක් තනියම බීලා ගෙට වෙලා ඉන්න එක තමයි ජීවිතේ වෙලා තියෙන්නෙ සෝෂල් ලයිෆ් එක නැත්තට ම නැති වෙලා. tg කියලා board ගහන් parade ගිහින් අමුතු විදියට ජීවත් වෙන උන් එක්ක ඉන්න එකත් මට සෙට් නෑ. ඒ වගේ උන් එක්ක සෙට් උනා ම ඒවයි ඉන්නෙ ම ඒ ඒ පාට පාට බෝඩ් ගහගෙන ඉන උන්. මට එහෙම අල්ලන්නේ නෑ. මට හරි යන්නේ නොර්මල් මිනිහෙක් විදියට ඉන්න එක. Tg කතාව තේරුම් ගත්ත අමුතු විදියට බලන්නෙ නැති යාලුවො කියලා කෙල්ලො නම් හම්බ වෙලා තියෙනවා ඒත් කෙල්ලො groups මට සෙට් නෑ. මේක කියන්න කියලා ඉන්නෙත් උනුයි wifnuයි තමයි. ඔක්කොම ගෑනු හන්දා උන්ට මං කියන මෙලෝ බිබික්කමක් තේරෙන එකකුත් නෑ. පිරිමි වැඩිපුර ඉන්න තැනක කිව්වෙ එ හන්දා. work place එකේ අය හිතන්නෙ එක්කො මං සෙට් වෙන්න සෝෂල් වෙන්න යන්නෙ නැති නිසා කුණු ලෝබයෙක් නැත්නම් අලි ඔලුවෙන් ඉන්න එකෙක් කියල. ඇත්ත ප්‍රශ්නෙ දන්නෙ මං.මම tg කියලා උන් දන්නෙ නෑ...... මට මේ යන විදිය නිසා හිතට අවුල්. Social වෙන්නත් ඕන ඒත් වෙන්න ගියා ප්‍රශ්න ම ගොඩයි. මං කියන දේ තෙරුනේ නැති උන් නොදැක්කා වගේ පලයන්. තෙරුන එකෙකුට මොනව හරි දෙයක් කියන්න තියෙනව නම් කියපං මට loku උදෞවක් වෙයි වැටිච්ච මානසිකත්වෙ හදාගන්න