මනුවර්ණට නව තනතුරක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,148
    8,269
    113


    කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා.

    මෙම සංසදය නියෝජ්‍ය සම සභාපතිවරුන් 5කගෙන්ද සමන්විතයි.
    මෙම සංසදයේ සමාරම්භක රැස්වීම ඊයේ පැවැත්වුණු අතර, එහිදී සභාපතිවරයා ලෙස ඒ මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම මහතා විසින් යෝජනා කළ අතර සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

    එසේම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් තේරී පත් වුණා.
     

    Similar threads