මනුෂ්‍යත්වය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මනුෂ්්‍යත්වය වඩාත් රසට

    අවශ්‍ය ද්‍රව්‍ය
    ආදරය පොඩ්ඩක්
    මිරිකාගත් දයාව ස්වල්පයක්
    බැගෑපත්කම බිදක්
    පරිත්‍යාගය ගෙඩිපිටින්
    ඉවසීම බිදක්
    කරුණාව ස්වල්පයක්
    සිනහව මදපමණට
    හොද හිත අවශ්‍ය පමනට

    සාදන ක්‍රමය
    පළමුව ආදරය හොදට සෝදා එහි ඇති වෛරය පලිගැනීම ඊර්ෂ්‍යාව වැනි ‍දේ ඉවත් කරන්න

    සෝදා ගත් එම ආදරයට ඉවසීම, කරුණාව එකතු කරන්න එයටම පරිතයාගය ගෙඩි සිහින්ව කපා බැගෑපත්කම තේ හැදි දෙකක් පමණ එකතු කර හොද හිත අවශ්‍ය පමණට දමා සකසා ගන්න

    ටික වේලාවකට පසු මිරිකාගත් දයාව ද එයට එක්කර හොදින් මිශ්‍රකරගන්න

    දැන් ඊලගට සිනහව ටිකෙන් ටික දමා පදමට ආවිට සැමට පිලිගන්වන්න,

    මෙය ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි නරක් නොවන කල් තබා ගත හැකි සැම කෙනෙක්ම ප්‍රියකරණ රසවත් ආහාරයකි.


    ***රහයිනම් රෙප් දියෝ..........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක කලින් බොන්න බැරි උනානේ හැබෑට උඹට ? :rolleyes:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචං සිරාවටම මේ recipe එක මරේ මරු.මාර රහයි.
    මගෙන් රෙප්+ මෙන්න :)