මනු ලෝ උපහාස

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මනු ලෝ උපහාස
    දුටු ඒ සඳ කිම ද...
    මහ අග්නි උපදවන
    දන ඇද ගනීවි ද...

    අසමත් ය අවබෝධ
    ඒ නමුදු මඟ කීම...
    අවැසි ම ද සැබැවින් ම
    මහ මුහුදු රළක් ලෙස...

    දැවී නොව ගිලී නොම
    අන් අය ද එවන් ම ය...
    මනු වීම මඟ කියන
    කලාව ය මඳහාස...

    2307292003

    :·:·:·:·:·:·:·:·:·:·:
    සංස්කරණය : 2
    👆

    සංස්කරණය : 1
    👇

    :·:·:·:·:·:·:·:·:·:·:

    මිනිස් ලොව මහ විහිළු
    දැක ඇතැම් ඇතැම් දන...
    ඇවිස්සී තදින්
    අවුස්සයි අනුන්...

    වැරදි බව තේරීම
    ගෙන දේ ය වැටහීම...
    ඒ නමුදු පෙන්වීම
    අවැසි ම ද වැරෙන්...

    කලාවකි හෙමින්
    පෙන්වීම තුටින්...
    දැක්වීම කරන්
    නොදන්නා ලෙසින්...

    2306270506 2307021309
    2307021319 2307260732
    2308030725
    #spn
    #mabheera
    #madhahasa
    #magulakwenne
    #ekathamaimatathprashne #ekatmp
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ නම්බර් ටික මොකද්ද?
    edit කළ වෙලාවන්. මුලින්ම ලියල ඉවර කළේ 2306270506.
    අන්තිමට ලියල ඉවර කළේ 2308030725.