මම ආසම සිංහල සින්දුව...
මේක තමයි මම ආසම සිංහල සින්දුව.. මේක කොච්චර කියලා අහලා තිබ්බත් අයෙත් අහනකොට මාර හැගීමක් එන්නේ... අහලා බලන්න... උඹලා කැමති ඒවා තියේනම් ඒවත් දාන්න...
http://youtu.be/Qyr8hQkSdpQ
DOWNLOAD MP3
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ
පද රචනය - සිරිසමන් විජේතුංග
සංගීතය හා ගායනය - දයාරත්න රණතුංග
විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී. පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන් වූ අදත් දැකිය හැකි මේ සොඳුරු පරිසරය ගීත රචකයාගෙ හිත් ගත්තෙ ඔහු සරසවි සිසුවකුව සිටි සමයේ.
සිතේ ලැගුම්ගත් ඒ සොඳුරු පරිසරය හා සරසවියේ වසර ගණනාවක් දුක සැප බෙදා ගත් පෙම්වතුන් යුවළකගේ සමුගැන්ම ගීතයකට නැඟුවෙ ඒ සරසවි බිමෙන් ඔහු නික්ම වසර ගණනාවකට පසුව.
ඇසුර : සිළුමිණ රසදුන

Last edited:
Thanx 4 sharing