මම කැමතියි - මෛත්‍රිපාල

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම කැමතියි - මෛත්‍රිපාල

    කොළඹ වරාය නගරය
    ඉදිරියට කරගෙන යන්න
    මම කැමතියි.. චීනය සමඟ
    සබඳතා වර්ධනය කරගැනීම
    අපේක්ෂාවයි - ජනපති

    ms.PNG


    දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය චීනය සමග එක්ව ඉදිරියට කරගෙන යාමට කැමැත්තෙන් පසුවන බව ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ දිවයිනට පැමිණ සිටින චීනයේ විශේෂ නියෝජිත මෙන්ම එරට උප විදේශ ඇමති ලියු සෙන්මින් මහතා සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡුාවකදීය.

    මෙම සාකච්ඡුාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

    එම වාර්තාවලට අනූව ශ‍්‍රී ලංකා රජය චීනය සමග පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා චීන උප විදේශ ඇමතිවරයාට පවසා ඇත.

    අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක වියදමින් ඉදිකිරීම් අරඹා අතරමග නතර කර ඇති කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යළි චීන රජය සමග ඒකාබද්ධව ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බව ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය.

    කලාපීය හා ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ශ‍්‍රී ලංකාවේ කවර වෙනස්කම් සිදුවුවද චීනය ශ‍්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස ක‍්‍රියාකරන බව එහිදී එරට උප විදේශ ඇමතිවරයා පවසා තිබේ.

    එසේම චීන ජනාධිපතිගේ ශ‍්‍රී ලංකා සංචාරයේත් ශ‍්‍රී ලංකා ජනාධිපතිගේ චීන සංචාරයේදීත් ඇති කර ගත් එකගතා අනූව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡුාවලදී අවධානය යොමුව ඇතැයි චීන මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

    -අද දෙරණ-


    නිකන් ශෝ එකට වැඩේ නවත්තල තිබ්බ විතරයි. ගහපු කෙබර වල හැටියට රෙද්දක් ඇඳන් මේව කොහොම කියනවද?
    අර අරලිය ගහමන්දිරේ කුමණ්ත්‍රනේට මොනවද දන්නෑ උනේ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටනුයි පොනිලුයි දැන් රටට අවශ්‍ය අපමණ අගය දීල ඉවරයි....
     

    Similar threads