මම ගිනි තියලා දමනවා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ගිනි තියලා දමනවා

    රන්ජන්ට කොකා පෙන්නු ප්‍රාදේශීය ලේකම්ගේ අංක 02 ත් එලි බහි




    (ලංකා ඊ නිව්ස් -2017.පෙබ.05, ප.ව‍.8.30) ගස් බඳින විට දී මුනිවත රැකි, දණ ගස්වන විට දී සැඟවුන, කම්මුලට පහර දෙන විට දී දණ්ඩ නමස්කාර කළ ලාංකීය රාජ්‍ය සේවකයෝ පසුගිය දා රන්ජන්ට එරෙහිව විදී බැස්සාහ. සිය අයිතිවාසිකම් ඉල්ලන, එ්වා වෙනුවෙන් මහ මග ‘දිවි හිමියෙන්‘ සටන් වදිනා රාජ්‍ය සේවකයන් අද ඉතා සුලභය. ඒ ජනවාරි 08 ජයග්‍රහණය සමහරු භුක්ති විඳින හැටිය. එනමුත් සිය වැඩවසම් ගති ලක‍්ෂණ සහ චෞර යුගයේ නොසන්ඩාල හැසිරීම් තවම ඔවුන්ගෙන් පහව ගොස් නැත.


    දිවුලපිටිය ප්‍රා.ලේකම්වරියට එහා ගොස් පුද්ගලික කඩ ගිනි තියන තවත් ප්‍රා.ලේකම් වරියක්මා තර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් වසමේ සිටින්නීය. රන්ජන්ට එරෙහිව පාරට බහින අයගෙන් අපට අසන්නට ඇත්තේ මෙහි පහත කියවෙන, නිල මාන්නයෙන් ඔළුව උදුම්මාගෙන උමතුවෙන් හැසිරෙන මේ ප්‍රාදේශීය ලේකම් වරිය ගැන කියන්නේ කුමක් ද? කියාය.
    පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් වසමේ ඌරුබොක්ක නගරයේ තුසිත වටරවුම අසල කිසිදු වන්දි මුදලක් තවමත් හිමිකරුට නොගෙවූ මුත් රජයට පවරාගත්තා යැයි කියන ඉඩමක එහි හිමිකරු ලෑලි කඩ බක්කියක් ඉදිකරන්නේ මෙයට වසරකට පමණ පෙරය. ඔහුගේ නම මියුරංග එදිරිසිංහ ය. රුපියල් 40,000 ක පමණ සිල්ලර බඩු දමා මියුරංග එදිරිසිංහ කඩ බක්කිය විවෘත කරන්නට අදහස් කෙළේ ජනවාරි 22 වන දිනය. ජනවාරි 18 දින හදිසියේම දුරකථන ඇමතුමකින් ඔහු කඩ බක්කිය හැදූ ස්ථානයට කැඳවයි.


    එම ස්ථානයට පැමිණ සිටියේ අප කතා නායිකාව වන පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා කුමාරි සහ ඌරුබොක්ක පොලිසියේ එස්.අයි. ප්‍රේමසිරි ඇතුලු පිරිසකි. වහාම කඩ බක්කිය ඉවත්කර ගන්නා ලෙස ප්‍රා.ලේකම්වරිය නියෝග කළාය. තමන්ට මෙතෙක් වන්දියක්වත් නොලද බැවින් තමන්ට ජීවත් වීමට මුදලක් සොයා ගැනීමට එය පවත්වාගෙන යාමට අවශ්‍ය බව මියුරංග කීය. ප්‍රාදේශීය ලේකම්වරිය එක් වරම මියුරංග ඇමතුවේ “උඹ“ යනුවෙනි. “උඹට මම කියන්නේ නෑ. වහාම අස්කර ගනින්“ ඇය හැපින්නක සේ පිම්බා ය. ඇයගේ කැබ් රථයේ පිටුපස අසුනේ සිටි අයෙක් එ් සමගම පෙට්‍රල් කෑන් එකක් රැගෙන එළියට බැස්සේය. ප්‍රාදේශීය ලේකම්වරිය පොලිසිය ඉදිරියේ වෙසමුණියාට ඇන්දාය. “මම ගිනි තියලා දමනවා. අද රෑ 7ට කලින් අස්කර ගනින්“. සියළු දෙනා විසිර ගියහ.
    ජනවාරි 19 දින දහවල් 11 පමණ වන විට නැවත ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණියේ එස්.අයි. ප්‍රේමසිරි සමගය. කඩයට පෙට්‍රල් වක්කළ ඇය කඩයට ගිනි තැබුවේ නගරයේ දෙනෝ දහක් බලා සිටිද්දී ය.


    මේ ප්‍රාදේශීය ලේකම්වරියකගේ නොසන්ඩාල හැසිරීමයි. මෙසේ මිනිසුන්ගේ පුද්ගලික දේපලට ගිනි තියන්නට මොවුන්ට බලය දුන්නේ කවුද? ඇය තවමත් යහතින් සිටින්නේ කෙසේද? මාතර දිසාපති වරයාට මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලට ඔහු තවමත් නිහඬ ඇයි? මේ පිළිබඳව මියුරංගගේ පැමිණිල්ල බාර ගැනීම මාතර එ්.එස්.පී. කාර්යාලය ප්‍රතික‍්ෂේප කළේය. නැවත එය භාර ගත්තේ සහකාර පොලිස් අධිකාරීවරයා ගේ මැදිහත් වීමෙනි. පැමිණිලිකරු ඉදිරියේම සහකාර පොලිස් අධිකාරීවරයා දුරකථනයෙන් එස්.අයි. ප්‍රේමසිරිගෙන් කරුණු විමසුවේය. ඔහු කීවේ තමන් ප්‍රා.ලේකම්වරිය කෞෂල්‍යා කුමාරි ගේ ආරක‍්ෂාවට ගිය බවයි. ඇය විසින් තමන් ඉදිරියේම කඩ බක්කියට ගිනි තැබූ බව සත්‍යයක් යයිද එස්.අයි කීවේය.


    පොලිසිය භාර ඇමතිවරයා ද මාතරය. අහිංසක තරුණයෙකු අසරණව ඇත. ඇසු දුටු සාක‍්ෂි ඇත. අපරාධකාරිය නිදැල්ලේය. මෙම ප්‍රා.ලේකම් වරිය පසුගිය ජනාධිපතිවරණයේ දී රාජපක‍්ෂගේ බඩු බෙදුවේ සිය නිවසේ තබාගෙනය. ඇය පුරුද්දක් ලෙසින්ම මිනිසුන්ට කුණුහරුපයෙන් කථාකරන්නේ ප්‍රසිද්ධියේය. ඇයට මෙම අසීමිත බලය දුන්නේ කවුද?



     

    Man-kolla

    Member
    Dec 31, 2016
    34
    3
    0
    ඇයි බන් හැම තැනම ප්‍ර.ලේ ගෑනු ඉන්නේ දැන් මිනිස්සු වගයක් නැද්ද ? බලන් ගියාම රට කරන්නේ පොන්නයෝයි / ගැනුයිනේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,880
    1,046
    113
    Hamilton, NZ
    mahajanathawa dot com නේ? පොන්ජන්ගේ CID එක :lol::lol: නැවත වරක් උත්සහ කරන්න :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රන්ජන් ප්ලීස්...:rofl:

    යකෝ මාර ගැණුනේ...එක අතකින් අපේ කොල්ලෝ මියුසික් වීඩියෝ වල හොටු පෙරන් අඩද්දී ගෑනු මෙහෙම හැසිරෙන එක සාදාරනයි...:lol: