මම ජීවිතේ මරණවා!!

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    මම ජීවිතේ මරණවා!!

    attachment.php


    මම ජීවිතේ මරණවා!!
    ඔයත් ගියා....
    අපි අපේම ද?
    අපිම දන්නෙ නෑ!
    අපෙ අදහස්?
    අපිට අවනත නෑ!
    අපේ හිත්?
    තනිවෙලා,
    දුක ඉතිරිලා,
    කඳුලු ගලනවා..
    ඉරිලා තැලිලා,
    පොඩිවෙලා,
    ආයෙමත් හදන්න බැරි තරම්ම,
    වෙන්වෙලා...
    එකට උන්නු
    ජීවිත දෙකක්
    අද වෙන්වෙලා....
    තනි තනිව
    බලං ඉන්නව
    අනිත් කෙනා
    තමන් ලඟට එනකං...
    ඒක කවදාවත් වෙන්නේ නෑ!
    මොකද,

    අපි අපේම ලෝකවල
    තනිවෙලා...
    වැඩ ගොඩක් මැද
    හිරවෙලා...
    ඉස්සර
    ආදරෙන්
    වචන ටිකක් ගැලපුවාම,
    "ලස්සනයි"
    කියපු
    ඒ අහිංසකී,
    අද නෑ....
    අද එහම දෙයක් ගැලපුවොත්
    ඔයා කියාවි,
    "ඒක හරිම බොලඳයි"
    "අනිත් අය මොනවා හිතයිද"

    ඒවා ඉස්සර
    ඔයා නොකියපු දේවල්...
    කවදාවත් ඔයා
    නොහිතපු දේවල්...
    මට දුක නෑ!
    මොකද මගෙ හිතට
    තව අඬන්න කඳුළු නෑ....
    මට පරණ ජීවිතේ
    මතක නෑ...
    ඒ ආදරේ
    ආපහු ලැබෙන්නෙත් නෑ...

    ඒ නිසා මම
    දුක් වෙලා වැඩක් නෑ...
    ජීවිතේ
    ජීවත් වෙන්න නෙවෙයි
    ජීවිතේ
    මරලා දාන්නයි
    මට ඕනි!

    ඔයාගේ ජීවිතේ
    ඔයා ජීවත් වෙන්න
    මාව අමතක කරන්න...
    වැඩ නිසා
    අමතක වෙයි
    ඉක්මනටම....
    දැනට එච්චරයි!
     

    Attachments

    • 65.jpg
      65.jpg
      12.1 KB · Views: 50