මම දැක්ක Randir SEO

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මම දැක්ක Randir SEO ගැන නූලක් දාල තියෙනවා මාත් SEO ගැන ටිකක් interest නිසා මාත් දැන් මාස ගානකට කලින් SEO ගැන සිංහලෙන් blog එකක් පටන් ගත්තා, එත් දිගටම කරන් යන්න හම්බුනේ නෑ වැඩ වැඩි හින්දා නවත්තන්න උනා ඉතින් එකේ දාපු post දෙකක් මම මෙතෙන්ට දාන්න කියල බැලුවේ Randir ගෙයි මගෙයි සමහර කරුණු වල පොඩි පොඩි ගැටළු සහගත තැන් තියෙනවා , කොහොම උනත් SEO මාර interesting subject එකක් , කියවලම බලන්නකෝ

    හොඳයි මගේ බ්ලොග් එකෙ මුළින්ම මම දන්න දෙයක් ඔයාලට කියල දෙන්නයි උත්සහ කරන්නේ ඒ තමයි SEO (Search Engine Optimization )

    අහ් එහෙනම් පටන්ගමු ඔය පුළුවන් පුළුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ :D

    මෙහෙමයි මේ බ්ලොග් එකට එන අයගෙන් seo ගැන දන්නා අය වගේම නොදන්න කට්ටියත් ඇතිනේ නේද ඒ නිසා මන් දන්න විදියට seo ගැන මුල ඉදලම කියල දෙන්නම්

    මුලින්ම seo කියන්නේ මොකක්ද කියල මන් හදුන්වල දෙන්නම් search engine optimization සිංහලෙන් කියනවනම් (සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය) එකනම් අමාරුයි වගේ නේද? :( හරි මේකෙන් වෙන්නේ මෙන්න මේකයි අපි හිතමු ඔයාලට ඕනේ ලංකාවේ තියෙන web design company මොනාද කියල Google එකේ search කරල දැනගන්න ඔන්න අපි type කලා web design Sri lanka කියල ඔන්න දැන් එනවා ලිස්ට් එකක් ඒ page එකේ result 10ක් තියෙනවනේ අන්න ඔය page එකට අපි කියන්නේ serp එක කියල (search engine result page ) හරිනේ අපි හැමදෙනාම හැමදාම Google, Yahoo , Bing වගේ search engine වල දාහක් දේවල් search කරනවා එත් නිකමට හිතුවද කොහොමද සයිට් එකක් ඔය page එකේ මුල් result 10 අතරට එන්නේ කියලා :D නෑ නේද ?

    එත් ඇත්තටම ඔකේ පලවෙනි result 10 අතරට ආවා කියලා තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන්නේ නේද


    ඇත්තටම එකේ තියෙන වැදගත්කම මේකයි අපි උනත් Google වල මොනාහරි search කරලා පළවෙනිම පිටුවේ තියෙන ඔය site 10න් එකකට යනවා මිසක් දෙවෙනි තුන්වෙනි page වලට යන්නේ කලාතුරකින් නේ ඉතින් අපි මොකක්හරි business එකක් කරනවානම් business වැඩිකරගන්න හොදම විදියක් තමයි seo කියන්නේ එත් ලංකාවේ මේක ගොඩක් ජනප්‍රිය තමන්ගේ blog එක rank කරගන්න හදන bloggersla අතර තමයි ඒ වගේම web design , tourism company අතරත් ලොකු තරගයක් තියෙනවා seo වලට,


    හරි දැන් ඒකත් එහෙමයි කියමුකෝ එත් කොහොමද අපේ site එක පලවෙනි rank 10 අතරට ගන්නේ එකට මොනාද කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනෙද Google ලට email යවන්න ඕනෙද අනේ මාව මුල් rank 10ට දාලා දෙන්න කියල හි....... අයියෝ නෑ කරන්න තියෙන්නේ මෙච්චරයි Google එකෙන් අපිට දීලා තියෙනවා ranking factors ටිකක් එයාලා ඒ ඉල්ලන විදියට අපි අපේ සයිට් එක පවත්වාගෙන ගියානම් අපිටත් නොදැනීම අපිව rank වෙනවා

    මෙන්න බලන්නකෝ දීලා තියෙන factors ටිකක්



    Domain Name
    Keyword in domain name
    Age of domain name - old is best
    Keywords In Title Tag <title>
    Keyword Density of Page Content
    Keyword in Heading Tags <h1><h2><h3>
    Keyword Emphasis<strong> <b >
    Keyword Location
    Keyword Order
    Image Alt Tags
    Internal Navigation
    Internal Links
    No broken links
    Outgoing Links
    Less than 100 outgoing links
    Loading Speed
    No heavy use of Flash, JavaScript, etc.
    Incoming Links
    PageRank

    අනිත් එක පස්සේ දාන්නම් :D
     
    • Like
    Reactions: Wal pora