මම නුඹ සිඹිමි සොඳුර…
මේ මහනෙල් මල්
සුවඳ අසා සිහිකොට…
නුඹ කෙරේ බැඳුනු ප්‍රේමයෙන්
මම නුඹ සිඹිමි සොඳුර…
විල් තෙරේ මුදු පවන ලෙද නුඹ
මගේ හිත බැඳුනි අපමණ…
සඳ ඈත දුර ගිහින් හිඳ
හොර හිතින් ඉඟි කරයි සෙනෙහෙන…
ජීවිතේ පාළුවයි සොඳුර
මේ ගෙවී යන්නේ
නුඹ නොදැනම…
බෝ උයන් පසු වුනිය මග
නුඹේ පුසුඹ කොතැනවත් නොදැනින…
ඉර නැගෙන පැයළඟින් හිඳ
යනු මැනවි පෙම් හසින් බැතියෙන…
ජීවිතේ පාළුවයි සොඳුර
මේ ගෙවී යන්නේ
නුඹ නොදැනම…
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් ආර් ගමගේ