මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
විධායක ජනාධිපති ක්රමයේ අහිතකර බව හොදින්ම පෙන්වූ මැතිවරණයක් - ජ.වි.පෙ
ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 15:51
මෙවර ජනාධිපතිවරණය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු යැයි තමන් ගෙන ආ සටන් පාඨය මනාව සනාථ කළ මැතිවරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, මේ ජනාධිපතිවරණයත් මහින්ද රාජපක්ෂ මහතාගේ බල ව්‍යාපෘතියේ කොටසක්. ත්‍රස්තවාදය පරාජය කර ජයග්‍රහණය කළාට පසුව රට සමගි කරනවා වෙනුවට අසමගි කරන්න මේ බල ව්‍යාපෘතිය හේතු වුණා. ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියා අප ගෙනා මතය සනාථ වෙන්න මේ ප්‍රතිඵලය තවත් හේතුවක් වෙනවා. අපි දැක්කා මේ මැතිවරණයේදී ජාතිවාදය පාවිච්චි කළ ආකාරය. ජාතිවාදය අපේ රටට වසංගතයක්. ඒක ඡන්ද දිනන්න හොඳයි. නමුත් ජනතාව අතර සංහිඳියාව ඇති වන්නේ නැහැ.
2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා කියලා කිව්වා. ඒ මහින්ද රාජපක්ෂ කී වචන.
ඒ ආකාරයටම අද ප්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
අධිකරණ නියෝගයක් මත සරත් ෆොන්සේකා මහතාට දුන්නු ආරක්ෂකයින් ඊයේ රාත්‍රී 11.00ට පෙර ඉවත් කළා. ඒ වගේම දුන්නු වාහනත් නැවත ලබා ගත්තා. ඊයේ සරත් ෆොන්සේකා මැතිතුමා ළඟ හිටපු නිලධාරීන් නව දෙනකුට මිලිටරි පොලිසියට වාර්තා කරන්න කිව්වා. ඒ අනුව ඔවුන් නැවත ගියා. ඔවුන්ට මාංචු දාලා ට්‍රාන්ස්ඒෂියා හෝටලය ඉදිරිපිට දණගස්වා තබා අත්අඩංගුවට ගත්තේ. එහි හමුදාව හැර ගිය කිසිදු හමුදා සෙබළෙක් හිටියේ නැහැ. කිසිම අවියක් තිබුණේ නැහැ. මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හමුදා සෙබළුන්ට ඒ ආකාරයෙන් සැලකීම ඔබ අනුමත කරනවාද?
ඇත්ත කුමන්ත්‍රණය දියත් වුණේ ජනාධිපතිවරණයට පෙර. ඊට අදාළ ලිපි ලේඛන සරත් ෆොන්සේකා මහතා ළඟ තිබෙනවා. මේ රටේ ආරක්ෂක කවුන්සිලය රැස් වී ඒ ගැන සාකච්ඡා කොට තිබෙනවා. අවසානයේ ට්‍රාන්ස් ඒෂියා හෝටලයට යන්න වුණෙත් ඒ නිසා. ඒ කුමන්ත්‍රණය තවමත් අවසන් වෙලා නැහැ. මේ වන විට පක්ෂ නායකයින්ටත් තර්ජනය කරමින් ඉන්නවා.
මේ මුළු මැතිවරණ ක්‍රියාදාමයම මේ ප්‍රතිඵලය සමග අපි ප්රතික්ෂෙප කරනවා. ඊට විරුද්ධව නීති මගින් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම දේශපාලන ක්‍රියාමාර්ග ගන්නවා.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක ටිල්වින් සිල්වා මහතා
මේ මැතිවරණයේ සමස්ත ක්‍රියාවලියම දූෂිතයි, නීති විරෝධීයි,අසාධාරණයි, සැබෑ ජනමතය නිරූපණය නොවුණු මැතිවරණයක්.
මීට පෙර අපි දැකලා නැහැ, පොලිසියට ඡන්දය දීම ගැන සාකච්ඡා තියනවා. ඒ වගේම හමුදාපතිවරයා පවතින ආණ්ඩුවට ඡන්දය දෙන්න කියා ලියුම් යවනවා අපි දැක්කේ නැහැ. නමුත් මෙවර එසේ සිදු වුණා. ආණ්ඩුව රජයේ සේවකයින්,රාජ්‍ය දේපළ යොදා ගත්තා.
අල්ලස් දුන්නා. රජයේ නිලධාරීන් ගෙන්වා භෝජන සංග්‍රහ පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනියි කියා ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දැන්වීමට මැතිවරණ කොමසාරිස්ට සිදු වුණා. ඒ වගේම ආණ්ඩුව පෞද්ගලික මාධ්‍යවලට තර්ජනය කර බිය වැද්දුවා. රාජ්‍ය මාධ්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂවත් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධවත් කටයුතු කළා. මේ නිසා මැතිවරණ කොමසාරිස්තුමාට සිදු වුණා බලධාරියෙක් පත් කරන්න. ඔහුගේ නියෝග නොතකා කටයුතු කළා. මැතිවරණ කොමසාරිස්ගේ නියෝග අනුව කටයුතු කරන ලෙස අධිකරණය නියෝගයක් පවා නිකුත් කළා. නමුත් ඒ සියල්ල නොසලකා කටයුතු කළා. ඡන්දය දවසේ හවස දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා සරත් ෆොන්සේකා මහතා මෙහේ පුරවැසියෙක් නොවෙයි,ඒ නිසා ඡන්දය දෙන්න එපා කියලා.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා කළේ මළගෙදර කතාවක්. මේ ආතතිය දරා ගන්න බැහැ කියා කිව්වා. ඔහුට එවැනි ආතතියක් එල්ල කළේ ආණ්ඩුව.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ආරම්භ කළ මේ අරගලයට අලූත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ නිසා එය ජයග්‍රහණය කරා ගෙන යනවා.
මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා,දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල් කාන්ත මහතා සහ දේශපාලන මණ්ඩල සභික චන්ද්‍රසේන විජේසිංහ යන මහත්වරුද සහභාගී වූහ.