මම මසුන් මරන්නෙක්මි
හඳ හාවා කරලියට විත්
හිරුට සරදම් කරන මොහොත ඇවිදින්
රාත්රිය උදාවී.....
හිරු කුමරා පරදා සඳ රැජිණිය කිරුළු දරා විත්
සඳ මඩල මැද නැළවෙන ඇය රකින්නට
තරු දහස් ගනන් පෙළ ගැසී ..
කණාමැදිරි එළියට විලාප දෙන
කැලඹුණු සයුරට තනි රකින්නට සඳ රැජිණිය ළං වෙයි
පාරුවේ හුදෙකලා වූ මසිත කැළඹෙයි
මාළු දැල මගේ ජීවිතය වී ඇත්තේ
එය නති වූ තැන මටද
බඩගින්නේ සාපයට ගොදුරු වීමට සිදුවන නිසාය
පාපය ලුහුබඳින ජීවිතයට
පරම්පරාවෙන් උරුමකම් කියන මම
මසුන් මරන්නෙක්මි.
හඳ හාවා කරලියට විත්
හිරුට සරදම් කරන මොහොත ඇවිදින්
රාත්රිය උදාවී.....
හිරු කුමරා පරදා සඳ රැජිණිය කිරුළු දරා විත්
සඳ මඩල මැද නැළවෙන ඇය රකින්නට
තරු දහස් ගනන් පෙළ ගැසී ..
කණාමැදිරි එළියට විලාප දෙන
කැලඹුණු සයුරට තනි රකින්නට සඳ රැජිණිය ළං වෙයි
පාරුවේ හුදෙකලා වූ මසිත කැළඹෙයි
මාළු දැල මගේ ජීවිතය වී ඇත්තේ
එය නති වූ තැන මටද
බඩගින්නේ සාපයට ගොදුරු වීමට සිදුවන නිසාය
පාපය ලුහුබඳින ජීවිතයට
පරම්පරාවෙන් උරුමකම් කියන මම
මසුන් මරන්නෙක්මි.


