මම මැරෙනව යකෝ…

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    capture6.jpg

    ඔන්න ඔහොම කියල අදටත් යහතින් ජීවත්වෙන කී දෙනක් ඉන්නවද….?

    වැඩිය ඕනෙ නෑ. මමත් කී පාරක් ඔහොම කියල තියෙනවද, එහෙම කියපු දෙතුන් පාරට වඩා කී පාරක් නං හිතිල තියෙනවද. මං නං මළේ නෑ. යස අගේට පවුලකුත් කාගෙන බ්ලොග් එකකුත් කොරං ඉන්නව. ඔය හිතට එන කේන්තියට ඔහොම කිව්වට මැරෙන්නෙ මොන හිතකින්ද. දාල යන්න බැරි දේවල් කීයක් නං තියෙනවද අපි වටේ එතිල.

    කියන්නං වාලෙ එහෙම කිව්වට මට හිතෙන විදියටනං ඔය දාල යන්න බැරි කිසිම දෙයක් අපි ලං කරං නෑ. ජිවත් වීමේ ආසාව හන්ද අපිට නොදැනෙන්න යටි හිත අපිව මොනව හරි දෙයකට ඇලීමක් ඇතිකරනව. එතකොට හිතෙනව මම මැරිල කොහොමද කියල.

    මැරෙන්න හිතෙන අවස්ථා වලකන පොදු හේතු කාරනා විදියට,

    මම මැරුණොත් ගෑණි / මනුස්සය කන්නෙ බොන්නෙ කොහොමද?
    දරුවොන්ට යන කලදවසක් තියෙයිද?
    වයසක අම්ම / තාත්ත බලාගන්නෙ කව්ද?

    ඔය වගේ අතිශය සංවේදී හේතු වල ඉඳල

    ඉඩං කඩං වල වැඩට දුවපනින්න මං නැතුව කවුද ඉන්නෙ?
    පංසලට දානෙ ඩිංග ගෙනියන්නෙ කව්ද?
    ගෑණුළමය / පිරිමි ළමය තනි වේවි නේද?
    බල්ලට කන්න දෙන්නෙ කව්ද?

    වගේ එච්චර බලපෑමක් නොකරන කාරනා වෙනකන් හේතුත් ඊට අදාල අනෙකුත් අතුරු කරුණු කාරණාත් මතක් වෙනව ඒ වෙලාවට. ඔන්න එතකොට ආපහු මැරෙන්න යන එකාට ජීවිත ආසාව පහල වෙනව.

    වැඩිය ඕනෙ නෑ, හය වසරෙදි විතර මටත් මැරෙන්න හිතුන.

    මගෙ අම්මෝ… මැරෙන්න….. ඕව් ඕව් මැරෙන්න තමයි.

    කෝච්චියට බෙල්ල තියන්න, වාහනේකට පනින්න, කො‍ටු තාප්පෙ උසම කෙළවරෙන් මූදට පනින්න, වස බොන්න, බෙල්ල වැල දාගන්න ඔය මොන ක්‍රමයකින් හරි මැරෙන්න මයි මට ඕන උනේ එදානං. ඔය ත්‍රස්ත චේතනාවෙන් ඩිංගක් වෙලා ඉන්නකොට මට එකපාරටම මතක් උනා තාත්ත හවසට පූස් පැටියෙක් ගේනව කියල. ඔන්න ඩිංගක් විතර අර මැරෙන්න ආපු හිත වෙනස් වෙන්න පටන් ගත්ත. මම මැරුනොත් අර පූස් පැටිය බලාගන්නෙ කව්ද, ඌත් එක්ක සෙල්ලං කරන්නෙ කව්ද, නාවන්නෙ කව්ද [පූසො නාවන්නෙ නෑ නේද?] ඔන්න ඔය වගේ දේවල් හන්ද ආපහු මම ජීවත් වෙන්න තීරණය කලා. හොඳ වෙලාවට තාත්ත මට කලින් ම කියල තිබුනෙ හවසට පූස් පැටියෙක් ගේනව කියල. නැත්නං ඉතිං බලාගන්න තිබුන කාට කාටත් මට කේන්ති ආවම වෙන්නෙ මොකක්ද කියල.

    අනික බොහෝමයක් දෙනා මැරෙන්නෙ තව කෙනක්ට පාඩමක් උගන්නන්න හිතාගෙන. ගොඩක් වෙලාවට ගෑණු ළමය හරි පිරිමි ළමය හරි තරහ වුනාම මැරෙන්නෙම ඒ හේතුව හින්ද. මහේ මරණෙට වග කියන්න ඕන ඔයා කියන එක තවත් තහවුරු කරන්න සමහර වෙලාවට සටහනකුත් ලියලම යන්න අමතක කරන්නෙ නෑ සමහරු. ඔතනදි අර පූස ගැන මතක් කරල මාව බේරගත්තු යටි හිතත් සමහර විට දුර්වල වෙනව ඇති ඒ වෙලාවෙ වියෝ දුකේ තියන ආවේගයට. හැබැයි ජීවත් වෙන්න පුංචි වාසනාවක් හරි තිබිල ඉස්පිරිතාලෙකට ගෙනිච්චොත් සීයට අනූ නමයක් ම කියන්නෙ “මොනව හරි කරල මාව බේරගන්න කියල” ඒ අර ආවේගය පහ වෙලා ආපහු ජීවිත ආසාව මතුවෙන්න තරං කාලයක් ගතවෙච්ච හන්ද.

    හිතේ ආවේගෙට මැරෙන්නෙ කියල විවිධ උපක්‍රම පාවිච්චි කරනව, ගොඩක් වෙලාවට තමන්ට ඉක්මනින්ම ලංකරගන්න පුළුවන් උපාය තමයි යොදාගන්නෙ, ඔය ඉක්මන් වීම හන්දම ඒක මැරෙන්න තියන ක්‍රමයක් නොවෙන්නත් පුලුවන්. මැරෙන්න හදනකොට මොන නැකැත්ද නේද. මම දන්න ගෑණුළමයෙක් සාමන්‍ය පෙළ ප්‍රතිඵල මදියි කියල තාත්ත දොස් කිව්වට අර ටොයිලට් සුද්ධකරන්න පාවිචිචි කරන හාපික් බිව්ව. අනේ කරුමෙ කියන්නෙ මැරෙන්න බැරි වුනා. හැබැයි හාපික් වලට පිච්චුන බඩවැල් කපල අයින් කලා, දැන් ඒ ළමයට එක පාර කෑම ගොඩක් කන්න බෑ, පොඩි පොඩි කෑම වේල් වැඩි ගනනක් තමයි කන්නෙ. ඒ මදිවට හාපික් බබා කියල කාඩ් එකකුත් වැදිල තිබුන. තව ඔය භූමිතෙල් බීපු අය, මී පාසනම් කාපු අය, පෙට්‍රල් බීපු අය [ගිණි කූරකුත් ඕන වැඩේ හරියටම වෙන්න] ජීවිතේ බේරගත්තු කතා පත්තරව අනන්තවත් තිබුන පහු ගිය දවස්වල.

    දැන් නං ඒව දකින්න නැත්තෙ පත්තර වල ලියල ලියලම උන්ට එපා වෙලාද එහෙම නැත්නං පණ නහගන්න එක අඩුවෙලාද මන්ද. කොහොමිං කොහොම හරි පණ නහගන්න උන් අඩුවෙනවනං මේ නවම් වගේම අනිත් හැම දෙනාම සතු‍ටුවෙනව නෙ. ඔය වගේ පණ නහගන්න කෙනෙක් ගෙ ජීවිතය බේරගන්න පුළුවන් නම්. පින් පව් පැත්තක තියල හිතුවත් සැහෙන්න වටින දෙයක්. හ්ම්ම්.. කොහොමද අපි එහෙම කරන්නෙ….. තම තමන්ගෙ වටපිටාව ගැන සැලකිලිමත් වෙනවනං, තව කෙනෙක් ගැන හොයල බලනවනං, අනුනනට ඇහුම්කන් දෙනවනං, තවත් කෙනෙක්ගෙ හදිසි වෙනස් වීමකට සංවේදී වෙනවනං ඔය සියදිවි හාණි කරගන්න පාදක වෙන හේතු ගොඩක් වලක්වාගන්න පුළුවන්.

    මිනිස් හිත කියන්නෙ ගොඩක් දරුණුවෙන්න වගේම හිතාගන්න බැරිතරම් මෘදු, සංවේදී වෙන්න පුළුවන් දෙයක්. එහෙම මෘදු වෙච්ච වෙලාවක ඇල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් දුක හිතෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ කොයිම මොහොතකවත් ඇහුම් කන් දෙන්න තියෙන අවස්ථාවන් මගහරින්න එපා. සමහර වෙලාවට ඒ ඔයාගෙ ආදරණීය බිරිඳ, අම්ම, තාත්ත, නංගි, මල්ලි, දුව, පුතා, අසල්වැසිය, වෙන්න පුළුවන්. දුකින් ඉන්නව දැක්කොත් හොයල බලන්න අමතක කරන්න එපා. අනුකම්පාවෙන්, ආදරෙයන් කතාකරන වචනයකට, පුංචි හරි බලාපොරොත්තුවකට, හිනාවකට නැතිවෙන්න යන ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි.
    වෙන්න ඕන මොකෝ ඔය පෙට්‍රෝලියම් බේස් එක නැතුව ක්‍රීම් හදන්නෙ අමාරුයි.

    සිරා කතාවක්...මචන් ඔයාලා එක්ක බෙදාහදා ගන්න හිතුනා
    මට හමුවුනේ මෙතනින්..
    -nawammawatha blog-
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මන් මෑරෙනවා කිවත් බලන්න කවුරුත් නෑනේ බන්
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මන් මෑරෙනවා කිවත් බලන්න කවුරුත් නෑනේ බන්

    එක එක හේතු නිසා ජීවිතය නැති කර ගන්න උන් ගැන ගොඩක් කථා අහල තිබුනට මොකො බලළෙක් නිසා ජීවත් වෙන එකෙක් ගැන අහුවමයි.:P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එක එක හේතු නිසා ජීවිතය නැති කර ගන්න උන් ගැන ගොඩක් කථා අහල තිබුනට මොකො බලළෙක් නිසා ජීවත් වෙන එකෙක් ගැන අහුවමයි.:P
    :):)