මයිකල් ක්ලාර්ක් මල්ලීගෙන් දිල්ෂාන් අයිය&

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මයිකල් ක්ලාර්ක් මල්ලීගෙන් දිල්ෂාන් අයිය&

    මේ දෙන්නටම කණඩායම් නායකත්වය ලැබුනේ එකට මයි.ඒ ලොක කුසලානය පරාජය වීමත් සමඟයි.දිල්ෂාන්ට ලෝක කුසලානයේ අනුෂූරයන් වෙච්චි ලෝක ටෙස්ට් වර්ගීකරණයෙත් අංක දෙකේ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්න
    ලැබුණා.
    හැබැයි ක්ලාක්ට නම්ලැබුනේ ඊට ටිකක් වෙනස් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව දිගින් දිගටම පරාජයට පත් වෙලා ලොකු පීඩනයකට පත් වෙලයි හිටියේ අළු බඳුන 5ට 0කට පැරදුනා.ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියෙනුත් එළියට විසික් වුනා.


    03-09-2011-11-09-00-900mdf33026.jpg


    අවාසනාවකට වගේ මේ තරුණ පරිණත නායකයන් දෙන්නාටම එකමග යන්න වාසනාව තිබුනේ නෑ.න්ලාක් හෙමින් හෙමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් අරන් උඩට යන කොට ආයෙත් ඉස්සර වගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශකතිමත් කණ්ඩායමක් වුනා.අළුත් වේග පන්දු යවන්නන් වගේම හොඳ නවක පිතිකරුවන් කණ්ඩායමට එකතු වූනා.ලෝක කුසලානය ඉවරවෙලා වසරකට පස්සේ අයෙත් හැරිලා බලනකොට ක්ලාක් ඉහලටම නැගලා ගිය සතියේ ඉන්දියාවට එරෙහිව 329 වාර්ථා කළා.

    දිල්ෂාන් නම් එච්චර වාසනාවන්ත වුනේ නෑ ටිකෙන් ටික කණ්ඩායමත් එක්ක දිල්ෂාන් ගියේ පහලට නවකයයන් ගොඩ දෙනෙක් අසාර්තකයි නැත්තම් ආබාද වලට ගොදුරු වුනා.කණ්ඩයම ඇතුලේ ප්‍රශ්න ගොඩක් පරාජය දිල්ෂාන්ව හොයාගෙන ආවා. ලෝක කුසලානය ඉවරවෙලා වසරකට පස්සේ අයෙත් හැරිලා බලනකොට දිල්ෂාන් පහලටම වැටිලා. පහුගිය තරඟ දෙකේ දීම 0 තරම් දිල්ශාන්ට ලැබුණ වෙනත් ලකුණක නැහැ.
    සිද්දිය ඔහොම යද්දී හරි විනොද ජනක ලිපියක් FB wall එකෙන් හම්බ වුනා.නිර්මාණය කාගෙද කියල නම් හරියට කියන්න දන්නේ නෑ.

    ලියුම මෙහෙම පල කරනවා.


    next.....
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පර්ත් සිට ලියමි

    තෙරුවන් සරණයි!

    මා හිතාදර දිල්ෂාන් අයියා වෙත,

    ඔබව නායකත්වයෙන් නෙරපීමට යන බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබුන .මාත් සමගම නායකත්වයට පත් වෙලා සැමගෙන්ම බැනුම් අහන ඔබ ගැන මට අවංකවම ඇත්තේ දැඩි කණගාටුවක්. දිවා රෑ නොතකා පඩි නොගෙන සේවය කරලත් ඔබට බැනුම් අහන්න වෙන එක මට මාර දුකකි. එත් ඉතින් මොනවා කියල කරන්නද . ඔස්ට්‍රේලියාවේ එක් දින තරගාවලිය වෙනකම් captaincyඑක තියාගන්න ට්‍රයි කරපන් මචං.

    මෙහෙ ආවම ඉන්දියාවට ගහල අපියි උඹලයි ෆයිනල් සෙට් වෙමු. මම උඹට cup එක අරගෙන දෙන්නම් ශේප් එකේ. ඇත්තෙන්ම මම ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවට වඩා ආදරෙයි. මම ඉන්දියාවට 329 ගැහුවේ අපිට match එක දිනන්නම නෙමෙයි. සවුත් ඇෆ්රිකාවෙන් උඹල කනකොට ඉන්දියාව අපෙන් කනවා දැකල උඹල හොදට සතුටු වෙන හින්දයි.

    ඉතින් දිල්ෂාන් අයියේ, මොකක් හරි හදිස්සියක් උනොත් මට ඕනේ වෙලාවක කෝල් කරපන්. මං උඹේ සහෝදරයා කියල හිතපන්.දැන් සල්ලිත් අමාරු ඇති නේ. මං කෑෂ් චෙක් එකක් එවන්නම් හෙටම.ඔක්කොම සනීපෙන් ඉන්නවනේ. උඹල බයවෙන්න එපා. උඹලගෙ දුක නැතිවෙන්න අපි ඉන්දියාවට
    4-0 තියල ගහනවමයි. එහෙනම් මං නවතින්නම්.
    ක්රි-කට් වලට අධිපති දෙයියන්ගේම පිහිටයි!

    මීට
    හිතාදර.
    දයාබර.

    මයිකල් ක්ලාර්ක් මල්ලි ...