මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්?

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්?

ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට ලන්ඩනයේදී ද්‍රවිඩ ජනයා විරෝධය දැක්වූවාද?
01.gif


02.gif


03.gif


ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට සැපත්වුයේ ලංකාවේ වේලාවෙන් අද(08) අළුයම් කාලයේදියි. එතුමා සමග හය දෙනෙකු(6) ගෙන් යුතු කණ්ඩායමක් මේ ගමනට සහභාගිව සිටින බවයි මාධ්‍යය වාර්තා කලේ. ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යනාවකින් මේ ගමන නොයා, එමිරේට්ස් සමාගමේ සමානය ගුවන් යානයකින් ජනාධිපතිතුමා මේ ගමන ගියේ ඇයි දැයි කියා ඇතැමුන් අසා තිබුනා. ඒකට හේතුව වුයේ ශ්‍රී ලන්කන් සමාගමේ එම ආසන්න දිනවල ලන්ඩනයේ හීත්‍රෝ තෙක් දිවෙන ගුවන්යානා වල ආසන කලින් වෙනත් මගීන් සදහා වෙන්කර තිබීමයි.
කලින් නම් මෙවැනි තත්වයක් උදා වූ විට අදාල මගීන්ට වෙනත් ගුවන්යානා ලබා දී එම ආසන ලබා ගැනීමට කටයුතු කර තිබුනත්,එවැනි දෑ කිරීමට මයිත්‍රීපාල ජනාධිපතිතුමා කැමති වී නෑ. එම නිසායි එදිනට හිස් ආසන තිබුණු එමිරේට්ස් ගුවන්යානා සමාගමේ මේ ගමන ගියේ.

ලන්ඩනයේ ගත කරන කාලය තුල මිල අධික හෝටලයක ඉන්නවාට වඩා හිතවතෙකු ගෙදර හෝ තනාපති නිල නිවසක නැවතී සිටීමට ජනාධිපතිතුමා වැඩි කැමැත්තක් දක්වන බවද පවසා ඇති බවයි දැනගන්නට ලැබුනේ.

ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා සහ එතුමාගේ බිරිය ලන්ඩනයේ හීත්‍රෝ අහස්යාත්‍රා නැවතුම් පලට ලගා වූ විට ඒ අයව පිළිගැනීමට බ්‍රිතාන්‍යයේ
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකුද ගුවන් තොටට පැමිණ සිටියා.

මේ අතර හීත්‍රෝ ගුවන්තොටුපලේ සිටි නම දෙනෙකු(9) ගෙන් යුතු ද්‍රවිඩ ජාතිකයන් කණ්ඩායමක් ජනාධිපතිතුමාට විරෝධය පෑවේ යුධ අපරාද කරුවන් මහා බ්‍රිතාන්‍යයට නොආ යුතු බව දක්වමිනුයි. මෙහිදී ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ රුව ඇතුලත් පුවරු දෙකක්ද ඔසවාගෙන සිටියා.


Maithripala_London_Ranil_Chandrila_Fonseka_1.jpg


ටෙලිග්‍රාෆ්-කොළඹ සහ ලංකාදීපේ වාර්තා ඇසුරින් තමයි මේ ලිපිය සකස් කලේ.
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයිත්‍රී කොටියෙක් නෙවෙයිද බොලව් එතකොට?:confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මයිත්‍රී කොටියෙක් නෙවෙයිද බොලව් එතකොට?:confused:

    නෑ ඕයි මය්ට්‍රි කොටියා. කොටි හමුවෙලා ලබන සතියේ ඊළම දෙනවලු

    ඔය විරෝදතාවය කරන්නේ unp එකේ බත් පැකට් එකටයි අරක්කු බෝතලයට ආව unp කුක්කෝ 6ක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ayi ban mahindage photo allan inne..? issara mahinda enakota nan parawal walayi athana methana hamathanma udgoshanane...! moko dan sara baala wela?

    දැන් රාජපකස සැර බාල වෙලා නෙහ්
    උන්ගෙත් සැර බාල වෙලා


    මේ යුද්දේ තනියෙන් කලේ කියල කියහන් උන්ට මක්කටෙයි sf ගේ ෆොටෝ උස්සං ඉන්නේ
    කෝ බයගෝතා ගේ ෆොටෝ නෑ නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් රාජපකස සැර බාල වෙලා නෙහ්
    උන්ගෙත් සැර බාල වෙලා


    මේ යුද්දේ තනියෙන් කලේ කියල කියහන් උන්ට මක්කටෙයි sf ගේ ෆොටෝ උස්සං ඉන්නේ
    කෝ බයගෝතා ගේ ෆොටෝ නෑ නේ

    :rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් රාජපකස සැර බාල වෙලා නෙහ්
    උන්ගෙත් සැර බාල වෙලා


    මේ යුද්දේ තනියෙන් කලේ කියල කියහන් උන්ට මක්කටෙයි sf ගේ ෆොටෝ උස්සං ඉන්නේ
    කෝ බයගෝතා ගේ ෆොටෝ නෑ නේ

    :lol::lol::lol::lol: ane manda issara fonseka dinanna kalin nan mahindage ewa witharayi thibbe...? ko oke ranil ge, chandrikage ewath nahane..?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kohoma unath LTTE un kegahanne rate inna saha hitapu nayakathwayata,
    ithin api bedila methana maragaddi unta one de nikanma wela.
    mahinda paradunath,SF hamadapathi nowunath LTTe ewun e denna atharinne naha.
    war ekata nayakathwaya dipu aya hamoma araksha karana eka wathamane inne mona nayakayage unath yuthukamak
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙමල කොටි ලනකාවේ හැම එකටම විරුදැයි මචං. මහින්දට විතරක් විරුද්දයි කියල ලයින් එක me බයියන්ගේ ගොන් කතානේ.