මයුරගේ_UFC සිහිනය සැබෑ වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    මයුරගේ_UFC සිහිනය සැබෑ වෙයි

    මයුරගේ UFC සිහිනය සැබෑ වෙයි




    mmaoh-620x360.jpg



    මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ගෞරවණීය ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායකගේ දක්ෂතා කෙරෙහි ලොව විශාලතම මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ප්‍රවර්ධන සමාගමේ ප්‍රධානියා වහ වැටී තිබෙන බව වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UFC (Ultimate Fighting Championship) නැමති මෙම සමාගමේ සභාපති, ධනා වයිට් මයුර සොරුන්ට පහර දුන් ආකාරය වර්ණනා කරමින් කතා කර තිබෙන බවයි.

    “ඔහු සටන් කළ ආකාරයට මම කැමතියි. ආදරෙයි. මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාව යනු ලොව පුරාම අවධානය දිනාගත් අළුත් සටන් කලාවක්.“ යනුවෙන් මයුරගේ විශ්මිත ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ධනා වයිට් පවසා තිබේ.

    UFC (Ultimate Fighting Championship) සමාගම ඇමරිකාව පදනම් කරගත්තක් වන අතර එය විසින් ලොව පුරා ආත්මාරක්ෂක සටන් කලා ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කරයි.

    ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ශූරයෙකු වූ මයුර අදහස් දක්වමින් පවසා තිබෙන්නේ සොරුන් ළඟ පිහි හෝ තුවක්කු තිබුණාදැයි තමන් තැකීමක් නොකළ බවයි.

    මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාවෙන් බොහෝ දුර යාමේ අධිෂ්ඨානය ඇතිව තමා ඇමරිකාවට පැමිණි බව මයුර මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ මෙසේයි.

    “මට UFC සමග එක්වීමට අවශ්‍යයයි. ඒක මගේ සිහිනයක්. මම ඇමරිකාවට ආවේ එවැනි බලාපොරොත්තුවක් ඇතිවයි.“
    UFC (Ultimate Fighting Championship) සමාගමේ සභාපති ධනා වයිට්ගේ සේයාරුවක් පහත දැක්වේ.



    dana.jpg





    source:අදදෙරණ
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    UFC? :P ඕක විකාරයක් හෙන යන එවුන් අම්බානෙකට ගුටි කනවා WWE හොදයි මොකද ඒකෙ ගොඩක් එවා acting.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    UFC ?

    මුටත් මේ වැඩේම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා :rofl:

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔයිට වඩා බන් අපේ ගම්වල ඉපදුන ෆෝසස් කොල්ලෝ , කොටින්ට නෙලලා තියෙනවා හරියට කාල බිලාවත් නැතුව