මරණයෙන් නැගිට වසර දොළහයි
'මරුමූසුවෝ' නීතියට අණ දෙති
(පෝද්දල ජයන්ත)
"ඒයි ඕක ඔහොම හරියන්නෙ නෑ. මෙන්න මේක කකුලෙ යටට කියල ගහපං" කෲර පාලනයකට එරෙහිව කතා කළ මිනිසුන් පැහැර ගෙන ගොස් දෙතිස් වදය පැනවූ ජංගම වධකාගාරය තුළ මිනිසුන්ගේ අත් පා අමු අමුවේ කඩා බිද අමුවේ එලෙස ය. මගේ මතකයේ හැටියට සිහිසුන් වීමට පෙරාතුව වම් පාදයේ වළලුකර යටට තැබුවේ ලී කොට කෑල්ලකි. ඒ වාහනවල තිබෙන අඩ කොට කෑල්ලක් විය හැකිය. තවත් මොහොතකින් එම කකුල මතට අකුණු පහරක් පතිතවනවා දැණුනි.
මරුමූසු පාලකයන්ගේ නියෝග අනුව ඒ වධකයෝ 'දෙතිස් වධය' පමුණුවා මගේ වම් පාදය වළලුකරෙන් කඩා බිද දමා තිබුණි. දකුණු අතේ ඇගිලි තුඩුද තලා දමා තිබුණි. දකුණු පාදයට වම් පාදයේ ඉරණමම අත් කිරීමට වෙහෙස වී තිබුණද , එහි අස්ථි බිදුමක් සිදුව තිබුණේ නැත. එහෙත් එම පාදය සුවකර ගැනීමට බොහෝ කල් ගතවිය. මගේ රැවුල කොණ්ඩය කපා මුව තුළට ඔබා ගැට ගසා තිබුණි. ඒ වධකයෝ දෙතිස් වදය පමුණුවා ඇතැයි මම කියන්නේ එහෙයිනි.
හදිසි අනතුරු වාට්ටුවේ දින 28 ක්
කඩා දැමුණු වම් පදයේ වළලුකර ලෝහමය තහඩු විශේෂයකින් බද්ධ කෙරුණි. කෙළවරක් නොවූ වධ හිංසා නිසා අබල , දුබල වූ ශරීරයට යම් සුවයක් ලැබීමට පුරා දින 28 ක් කොළඹ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලැබීමට සිදුවිය. දෙකකුල් බිම් තැබීමට නොහැකි වීම නිසා වැසිකිළි යාමේ අපහසුවක් , තවත් පසෙකින් මුත්‍රා බෑගයද එල්ලා ගෙන මේ දින 28 තුළ නොවිදිනා දුක් වින්දෙමි. එම දින 28 තුළම මගේ සියලු ආවතේවකම් කරමින් මගේ බිරියද මම සේම අපා දුකක් වින්දා ය. රෝහලින් නිවසට පැමිණ තවත් මාස පහක පමණ කාලයක් අඩි කිහිපයක් හෝ ඇවිද ගියේ අත්වාරු දෙකේ පිහිටෙනි. මගේ බිරියද එවකට කුඩා දියණියද මේ අපා දුකේ සම කොටස් කරුවන් විය.
තවදුරටත් නීරෝගී මිනිසෙකු ලෙස ජීවත් වීමට තිබූ මගේ අයිතිය ඒ 'මරුමූසුවෝ' සදහටම අහිමි කළේ ය.
මම ඉතාම නිරෝගී මිනිසෙකු ලෙස දුව පැන කඩිසරව වැඩ කළ කෙනෙකි. ඒ බව මගේ මිතුරු සමූහයම හොදින් දන්නා කරුණකි. එහෙත් ඒ නිරෝගී ජීවිතයට මට හිමිකම් කීමට හැකියාව තිබුණේ 2009 ජුනි 01 දක්වා පමණි. ඉන් වසර දොළහක් ගෙවීත් අදද මා දෙපයින් නැගී සිටින්නේත් , ඇවිද යන්නේත් ලෝහමය තහඩු විශේෂයකින් සහ ඇණ විශේෂයකින් බද්ධ කරන ලද පාදයෙනි. අදද මට හරියාකාරව පඩි පෙළක් නැගීමට නොහැක. ඉතා කුඩා වළ ගොඩැලි සහිත බිමක වුව ඇවිද යා යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. එක් පාදයක් හෝ සුළු අසමබරතාවක් ඇති වුවහොත් විනාඩි ගණනාවක් ඇවිලෙන වේදනාවක් විදිය යුතු ය. ශීත සෘතුවේදී නිවසින් පිටත සිටින විට කොතරම් ඝන පාවහන් පැළදුවද කකුලේ පහළ සිට ඉහළට ඇදුම්කන වේදනාවක් ඇතිවේ.
ලසන්ත වික්‍රමතුංග වසානාවන්තයි
ඉහත සියලු ශාරීරික වධ වේදනා වින්දත් මගේ මනස සුවපත් කර ගැනීමට මට තවමත් නොහැකි වී තිබේ. මන්ද යත් පැහැරගත් මොහොතේ දැණුනු 'මුන් මාව මරාවි' යන මරණ බිය ගෙවුණු දොළොස් වසර තුළම බොහෝ රාත්‍රියක් හිදී යළි යළිත් සිහිනෙන් ආවර්ජනය වෙමින් වධ දෙන බැවිනි. මා මිය ගියේ යැයි වධකයෝ සිතුවද අහක යන තරුණ ත්‍රිරෝද රිය දුරකුගේ අප්‍රමාණ මනුෂ්‍යත්වය මා මරණින් නැගිට්ටුවා තිබේ. එහෙත් එතැන් සිට අද දක්වා , මේ මොහොතේත් මා මැරි මැරී උපදින්නේ ය. එක් අතකින් ලසන්ත වික්‍රමතුංග වාසනාවන්ත යැයි වරෙක මට ඉබේම කිය වෙන්නේ ඒ නිසා ය.
පැහැර ගැනීමට ලක්ව කෲර වධ හිංසාවන්ට ලක්ව මේ මොහොතේ මරා දමනු ඇතැයි යන මරණ බයෙන් වෙව්ළුම් කෑ මිනිසෙකුට හැර වෙනත් කිසිවෙකුට මේ ඛේදවාචකය තේරුම් ගත හැකි යැයි මම විශ්වාස නොකරමි. ඒ බිහිසුණු මොහොත යළි සිහිපත් කරමින් මේ ලිපිය ලිවීම කොතරම් අසීරු වුවද , එය ඔබ වෙත ලියා තබන්නේ යම් අනුකම්පාවක් ලැබීමට නොව , තවත් කවරෙකුට හෝ මෙවන් ඛේදවාචකයකට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතුය යන පණිවුඩය ඔබට ලබා දෙනු වස් ය.
මනුෂ්‍යත්වයෙන් පිරි තරුණ ත්‍රීරෝද රථ රියදුරා සහ ලංකා ඊ නිව්ස් සදරුවන් සේනාධීර , බෙනට් රෑපසිංහ
2009 ජුනි 01 දා පස්වරු 5.20 ට පමණ මා පැහැර ගනු ලැබුවේ නුගේගොඩ ඇඹුල්දෙණිය මහවත්ත පාරේදීය. ඒ බසයෙන් බැස එවකට ජීවත් වූ කුලී නිවස වෙත යමින් සිටිය දීය. පැහැර ගත් වේලාව හරියටම දැන ගත්තේ මහවත්ත පාරට හැරෙන්නට පෙර ඒ අසළ කඩේකින් බිරියට සහ දියණියට ගත් එළවළු රොටි දෙකේ කුඩා බිල්පත ඇද සිටි කලිසම් සාක්කුවේ තිබූ හෙයිනි. සුදු වෑන් රථයකින් අසවල් පුද්ගලයා දා ගෙන ගියා යැයි ඇඹුල්දෙණිය හන්දියේ ඔසු සැලකට දැනුම් දී තිබුණේ පාරේ ගමන් ගත් පුද්ගලයෙකි.
කෙසේ හෝ එම ඔසු සැල් හිමියා මා දැන සිටි හෙයින් ඔහු දන්නා ලක්බිම ඡායාරූප ශිල්පියෙකුට දුරකථනයෙන් සිද්ධිය දැනුම් දී ඇත. එම ඡායාරූප ශිල්පියා ලක්බිම කර්තෘ සම්පත් දේශප්‍රියට දැනුම් දුන් පසු ඔහු ලංකා ඊ නිවුස් සදරුවන් සේනාධීරට දැනුම් දී තිබේ. වහාම මා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ සදරුවන් සේනාධීර විසිනි. මගේ නිවසට කතා කර තිබුණේ එහි සිටි බෙනට් රූපසිංහයන් ය. ඇතැම් විට මා ජීවග්‍රහයෙන් මහ මග දමා යන්නට ඇත්තේ සදරුවන් සේනාධීර හතර වටේට දැනුම් දෙමින් කළ මෙහෙයුමේ ප්‍රතිළුලයක් විය හැක. ඒ වෙනුවෙන් පොලීසිය ඔවුන් දෙදෙනාට නොසෑහෙන කරදර කළේ ය.
සුදු වෑන් රථය පැහැර ගැනීම් සදහාම තැනූ රථයක් ද ?
මගේ මතකයේ හැටියට ඒ වෑන් රථයේ තිබුණේ රියදුරු අසුන සහිත ඉදිරි අසුන් පෙළත් , පසුපස අසුන් පෙළත් පමණි. වධ තිස් දෙක දෙනු ලැබුවේ අසුන් රහිත හිස් කොටසේ බිම පෙරළා ගෙන ය. දෙඇස් , දෙඅත් , දෙපා බැදි සිහි විසඥ වූ මගේ සිරුර දමා ගොස් ඇත්තේ අංගොඩ උණ රෝහල පාරේ ලදු කැළෑ පෙදෙසක ය.
අදුරු වැටුණු පසු කිසිදු වාහනයක් ගමන් නොගන්නා ඒ මාර්ගයේ ඉහත ත්‍රීරෝද රථ රියදුරා ගමන් කර ඇත්තේ අහම්බයකිනි. ඔහුගේ කුඩා දරුවා අසනීප වී අංගොඩ උණ රෝහලට බෙහෙත් ගැනීමට ගෙනවිත් තිබේ. එහිදී දරුවා රෝහලේ නතර කරන ලෙස දැනුම් දීම නිසා දරුවා , බිරිය රෝහලේ තබා දරුවාගේ අඩුම කුඩුම රැගෙන ඒමට ඔහු කෙටි මාර්ගයකින් නිවෙස බලා ගොස් තිබේ. ඒ යන අතරතුර එහාට මෙහාට පෙරළෙන ලොකු ගුලියක් වැනි යමක් ලයිට් එළියෙන් ඇස ගැටී ඇත. ත්‍රී රෝද රථය ඉතා කිට්ටුවට ගෙන බලන විට එහි සිටින්නේ අත පය බැද දැමූ මනුෂ්‍යයෙක් බව දැක යන්න ගිය ගමන නවතා අංගොඩ හන්දියට ගොස් සිය ත්‍රීරෝද රථ ගාලේ මිතුරන්ට දන්වා ඔවුන්ද කැටුව වහාම මා රෝහල් කරා ගෙනවිත් තිබේ. එම ත්‍රීරෝද රථ රියදුරා එලෙස ක්‍රියා නොකරන්නට අද මේ සටහන ලියන්නට පෝද්දල ජයන්ත කෙනෙකු ඉතිරි වන්නේ නැත.
අප මරා දැමීමට තැත් කළේ ඇයි ?
වර් 2005 න් පසු රාජපක්ෂ පාලන සමයේදී ජනමාධ්‍යවලට එල්ලව වූ කල දසාව ඉතා නරක එකක් විය. එකී මර්දනයට එරෙහිව නැගී සිටීමට ශක්තිමත් විපක්ෂයක් අද මෙන්ම එදා ද නොතිබුණි. එහෙයින් එවකට පැවති මාධ්‍ය සංවිධාන ඊට එරෙහිව පෙළ ගැසෙන්නට විය. ජනමාධ්‍ය මර්දනයට පමණක් නොව , පැවති ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සෑම ක්‍රියා මාර්ගයකටම එරෙහිව අඩුම තරමින් පුවත්පත් නිවේදනයක් හෝ නිකුත් කිරිමට අපට සිදුවිය.
මාධ්‍යවේදීන්ට තර්ජනය කරන විට , පහර දෙන විට. පැහැර ගෙන යන විට , ඝාතනය කරන විට, මාධ්‍ය ආයතනවලට පහර දෙන විට අප මාධ්‍ය සංවිධාන එකට එක්වී විරෝධතා ව්‍යාපාර පැවැත් වූහ. මේ විරෝධයන් හමුවේ රාජපක්ෂ රෙජීමය තව තවත් වියරු වැටෙන්නට විය. මාධ්‍ය සංවිධාන පහේ එකතුවට ඊට මුහුණ දීමට නොහැකි වූ තැන 'මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරය' නමින් විපක්ෂ දේශපාලන පක්ෂ , වෘත්තීය සමිති , සිවිල් සංවිධාන කැටුව පුළුල් පෙරමුණක් ඇතිකර ගනිමින් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ක්‍රියා කළෙමු. මා ඇතුළු අප මාධ්‍ය සගයන් කිහිප දෙනෙකුටම රාජපක්ෂ රෙජීමයේ තර්ජනය ගලා ආවේ ඉහත ක්‍රියාකාරකම් හේතුවෙනි.
උද්ඝෝෂණ නතර කළේ නැත්නම් වෙන දේ බලාගන්න පුළුවන්
ඉහත මාධ්‍ය සංවිධානවල නායකයන් අතුරින් මමත් , සනත් බාලසූරියත් ලේක් හවුස් හී සේවය කළ නිසා එවකට එහි සභාපති බන්දුල පද්මකුමාර හරහා අප දෙදෙනා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැදවා තිබුණි. සභාපතිවරයාගේ දැනුම් දීමට අනුව ඔහු සමගම අප දෙදෙනා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමට ගියෙමු. ඔහු අප දෙදෙනාට තරයේ දැනුම් දී සිටියේ දැනට කෙරෙන උද්ඝෝෂණ නතර නොකරන්නේ නම් වෙන දේ බලාගන්න පුළුවන් යනුවෙනි. "ඔබ කරන්නේ තර්ජනයක් බවත් , එය කරන්නේ ඔබ දැයි " අප විමසූ කළ ඔහු කියා සිටියේ "නෑ මම නෙවෙයි. ඒව වෙන්න ඕන තැනින් වෙයි" යනුවෙනි. අපි ඔහුට නැවත පිළිතුරු දෙමින් පැවසුවේ මාධ්‍යවේදීන්ට , මාධ්‍ය ආයතනවලට කෙරෙන අඩම්තේට්ටම් නතර වුණොත් අපේ උද්ඝෝෂණ ඉබේම නතර වෙනු ඇති බවයි.
ආරක්ෂක ලේකම් වරයාගේ රළු , පරළු ප්‍රශ්නවලට පෙරළා අප දුන් ඇතැම් පිළිතුරු ඔහු නොරිස්සුවේ ය. "මුන් කාට ජාතක වෙලා දැයි" එහි සිටි ලක්ෂ්මන් හුළුගල්ල දෙස හැරී කළ ප්‍රකාශයත් සමග "අපේ මව්පියන් කොතරම් දුප්පත් වුවත් , අපිව පදුරු පල්ලේ
ජාතක කර නැතැයි" පවසා අප දෙදෙනා එතනින් පිටව ආවෙමු.
ඉන්පසු දින සති මාස ගණන් ගෙවී යන විට බොහෝ නරක සිදුවීම් රැසක් සිදුවිය. සන්ඩේ ලීඩර් පුවත්පතේ මුද්‍රණාලයට ප්‍රහාරයක් එල්ල විය. සිරස මාධ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්විය. උපාලි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල විය. තවත් බොහෝ සිද්ධීන් රැසකි. මා පැහැර ගැනීමට ලක්ව මාස පහක් ගතවූ තැනත් ස්ථීර ලෙස සුවය ලබා නොතිබුණි. ඒ තත්ත්වය හමුවේම නැවත නැවත එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ශ්‍රි ලංකා භූමියෙන් තාවකාලිකව හෝ සමු ගැනීමට මම තීරණය කළෙමි. ඒ 2009 දෙසැම්බර් පළමු වැනිදා ය.
(ඉතිරි කොටස තව දින දෙකකින් විතර : 'සිළුමිණ' පුවත් පතේ මගේ කාර්හ භාරය කුමක්ද වුණිද ? )
(, පෝද්දල ජයන්ත)