මරණයෙන් පසු >>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මරණයෙන් පසු

    යම් පුද්ගලයෙකු මිය ගිය පසු එම පුද්ගලයාගේ සිරුර මුල් පැය 24 ත් 48 ත් අතර කාලය තුල අවධි කිහිපයක් පසු කරයි.

    මූලික අවධි කිහිපය වන්නේ

    Pallor mortis (පැලර් මෝටිස්: ලතින් වැකියේ තේරුම 'මරණයේ සුදුමැළි ස්වභාවය'),

    Algor mortis (ඇල්ගර් මෝටිස්: ලතින් වැකියේ තේරුම 'මරණයේ සීතල ස්වභාවය'),

    Rigor mortis (රිගර් මෝටිස්: ලතින වැකියේ තේරුම 'මරණයේ දෘඩ ස්වභාවය') සහ

    Livor Mortis (ලිවර් මෝටිස්: ලතින් වැකියේ තේරුම 'මරණයේ නිල් පැහැ ස්වභාවය') වෙයි. පටක දිරාපත්වීම මෙම අවධි සියල්ලම තුල සිදුවෙයි.

    පැලර් මොටිස් අවධිය බොහෝදුරට මරණය සිදුවීමත් සමග, එනම් විනාඩි 15 ත් 25 ත් අතර කාලය තුල ආරම්භ වෙයි. සුදු පැහැති හෝ ලා පැහැති සමක් ඇති සිරුරක හොඳින් දැක ගැනීමට හැකිවෙයි. කේෂනාලිකා තුල රුධිර සංසරණය ඇණහිටීම හා ගුරුත්වාකර්ෂණය හේතුවෙන් රුධිර සෛල සිරුරේ පහළ ප්‍රදේශ වෙත රැස්වීම මීට හේතුවයි. ඇස් අවපැහැ වීමද මෙහිදී සිදුවේ.

    ඇල්ගර් මෝටිස් අවධියේදී සිරුරේ උණුසුම අවට පරිසරයේ උණුසුම දක්වා ක්‍රමක්‍රමයෙන් අඩුවී යන අතර, සාමාන්‍ය වේගය පළමු පැය තුල 2°C ක් පමණද, ඉන් අනතුරුව 1°C ක් පමණද වේ. මිනී මැරුමක් වැනි අවස්ථාවකදී මියගිය කාලය නිර්ණය කිරීම සඳහා ඇල්ගර් මෝටිස් අවධිය ඉවහල් වෙයි.

    මරණය සිදුවූ සැනින් සිරුරේ සියළුම මාංශ පේශීන් සම්පූර්ණයෙන් ලිහිල් වෙයි. එය ප්‍රාථමික ඉහිල්වීම ලෙස හැඳින්වේ.

    තෙවැන්න වන රිගර් මෝටිස් අවධිය සාමාන්‍යයෙන් මරණයෙන් පැය 2-3 කට පමණ පසුව ආරම්භ වන අතර පරිසර උෂ්ණත්වය මත රඳා පවතී. මෙම අවධියේදී සිදුවන්නේ පටක තුල ඇති ප්‍රෝටීන වල සිදුවන රසායනික ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් මාංශ පේශි සංකෝචනය වී සිරුර දරදඬු වීමයි. සාමාන්‍යයෙන් පැය 24-36 ක් පමණ කාලයක් මේ සඳහා ගතවෙයි.

    රිගර් මෝටිස් අවධිය ආරම්භ වන්නේ ඇසිපිය, බෙල්ල සහ හකු පාඩා වලිනි. මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඇති පටක තුල ඇති ලැක්ටික් අම්ල සංයුතිය මෙයට හේතුවෙයි. ඊළඟ පැය 4-6 ක කාලය තුළදී දරදඬුවීම සිරුරේ අනෙකුත් මාංශ පේශිවලට මෙන්ම අභ්‍යන්තර ශරීර කොටස් වෙතද පැතිරෙයි. ශීතල පරිසරයකදී මෙන්ම මියගිය පුද්ගලයා මිය යෑමට පෙර අධික ශාරීරික ක්‍රියාකාරකම් සිදු කර තිබේ නම්, සිරුර දරදඬුවීම වේගවත් වේ. එමෙන්ම පුද්ගලයාගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, ශාරීරික තත්වය සහ ස්ථුලභාවය අනුවද එම වේගය වෙනස් වේ.

    මිනී මැරුමක් වැනි අවස්ථාවකදී මියගිය කාලය නිර්ණය කිරීම සඳහා ඇඟිලි වල සන්ධි සහ විශාල සන්ධි යන දෙකම පරීක්ෂා කිරීමෙන් හා ඒවායේ දෘඩතාවය මැනීම මගින් 1-4 පරිමාණයක් මත තීරණය කළ හැකිය. බොහෝ ළදරු හා ළමා මළ සිරුරු වල මෙම අවධිය නිශ්ච්තවම හඳුනාගත නොහැකිය. කුඩා මාංශ පේශී සහ ශරීර ස්කන්ධය අඩු වීම එයට හේතුව විය හැකිය.

    පුද්ගලයෙකු මියගිය සැනින් ඇසිපිය වසා දැමීමේ චාරිත්‍රයට හේතුව වන්නේ රිගර් මෝටිස් අවධිය වෙයි. විවෘත ඇස් සමග මළ සිරුර දැකීම ඥාතීන් හා හිතමිතුරන් අපහසුවට පත්කිරීමක් වේ. බොහෝ සංස්කෘතීන්වල මළසිරුරේ ඇස් වැසීම සඳහා කාසි භාවිතා කර තිබේ. ජීවත්ව සිටියදී මෙන් නොව, මළසිරුරකට කාසි භාවිතා කිරීමට අවශ්‍යවන එකම අවස්ථාව එය ලෙස සැලකිණි.

    රිගර් මෝටිස් අවධියේදී සිරුර අධික විකෘති වීමකට ලක්විය හැකි අතර ඡායාරූපයේ දැක්වෙන්නේ එවැන්නකි.

    රිගර් මෝටිස් අවධියේ අවසානයේදී සිරුරේ මාංශ පේශී නැවතත් ලිහිල් වෙයි. එය ද්විතීයික ඉහිල්වීම ලෙස හැඳින්වේ.

    නිරීක්ෂණය කිරීමට ගතවන කාලය අනුව ලිවර් මෝටිස් අවධිය අවසාන අවධිය ලෙස සැලකුවද, සත්‍ය වශයෙන්ම එය ආරම්භ වන්නේ මරණයෙන් විනාඩි 20-30 පමණ කාලයකට පසුව වෙයි. එහිදී සිරුරේ පහල කොටස් දම්-නිල් මිශ්‍ර පැහැයක් ගනී. මියගිය රුධිර සෛල සිරුරේ පහළ ප්‍රදේශයට ගමන්කිරීම හා තැන්පත්වීම මෙයට හේතුවයි.

    මෙම සෑම අදියරක්ම ශරීරය දිරාපත්වීමේ ක්‍රියාවලිය අතරතුර නිශ්ච්ත ලෙසම පිලිවෙලින් සිදු වේ.



    MMVeQ0o.jpg



    TkncbzJ.jpg