මරණය ඇත්තටම සිදුවන්නේ මෙහෙමයි (අනිවා කිය&#3520

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මරණය ඇත්තටම සිදුවන්නේ මෙහෙමයි (අනිවා කිය&#3520

පුද්ගලයකුගේ මරණය යනු කුමක්ද? මරණය සිදුවන මොහොත කුමක්ද?”

Source: COLOR="Red"]මනෝකායක් ගැන කියන කතා බොරු.... මරණය ඇත්තටම සිදුවන්නේ මෙහෙමයි[/COLOR]


http://www.lankagossipgirl.com/2014/04/death.html

මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම නූතන වෛද්‍ය විද්‍යාවට වුවද අසීරු කටයුත්තකි. ජීවිතයේ ආරම්භයේ සිටම කෙනෙකුගේ මරණය සිදුවන මොහොත, ඔහුගේ හෝ ඇයගේ හදවතේ ගැස්ම නතරවීම සහ හුස්ම ගැනීම නතරවීම ලෙස සැලකේ.
බුදුදහමට අනුව පුද්ගලයකුගේ මරණය යනුවෙන් හඳුන්වා ඇත්තේ එම පුද්ගලයා උපතින්ම ගෙන ආ ආයුෂ ගෙවීයාම, විඥානය සිරුරින් බැහැරවිම සහ සිරුරෙහි
උෂ්ණත්වය අඩුවී යාම ලෙසයි. නවීන විද්‍යාවේ දියුණුවත්, නූතන තාක්ෂණික උපකරණ හා ඉතා දියුණු මට්ටමේ පවතින දැඩිසත්කාර මධ්‍යස්ථාන ආදිය සලකා බැලීමේදී ඉතිහාසය තුළ මතෛක් කලක් මරණය අර්ථ දක්වා ඇති ආකාරය කතෛක්දුරට ගැළපේ දැයි සලකා බැලිය යුතුය.
වෛද්‍ය විද්‍යාත්මකව මරණය අර්ථ දක්වන්නේ මොළයේ සියලු ක්‍රියාකාරීත්වයන් ස්ථිර ලෙසම නැතිවී යාම ලෙසයි. මෙය බොහෝවිට සිදුවන්නේ හදවතේ ක්‍රියාකාරීත්වය නැතිවී යාමෙන් මොළයට සපයන රුධිරය නොමැතිවීමත් එමගින් මොළයේ ෙසෙලයන්ට අවශ්‍ය ඔක්සිජන් සහ ‍පෝෂණය නොලැබියාමත් නිසාය.
කෙනෙකුගේ හදවත නතර වීමට හේතු වන සාධක විශාල සංඛ්‍යාවක් පවතී. සරලව කියතොත් මේවා හෘදයේම ඇතිවන රෝගාබාධ සහ ඉන් බාහිරව ඇති වන හේතූන් ලෙස වෙන්කළ හැක. හෘදයේ පේශීන්ට රුධිරය සපයන කිරීටක ධමනි හදිසියේ අවහිරවීම හෘදයේම ඇති වන රෝගයකට උදාහරණයකි.
අධික ලෙස ‍ලේ වහනයක් වීමෙන් හෝ වෙනයම් හේතුවකින් රුධිර පීඩනය අධික ලෙස අඩුවීම, රුධිරයේ යම් යම් රසායනික ද්‍රව්‍යවල අඩුවැඩිවීම්, විෂවර්ග රුධිරයට එකතු වීම සහ ප්‍රදාහක සංඝටක රුධිරයට එකතුවීම ආදිය හෘදයෙන් බාහිරව ඇති වන හේතුනට උදාහරණ වේ. ශ්වසනය නිසි පරිදි සිදු නොවීමෙන් රුධිරයේ ඔක්සිජන් අඩු වන බැවින් එය හදවත නතර වීමට මෙන්ම මොළයේ ෙසෙලවලට හානි කිරීමටද හේතු වේ.
හෘදය නතරවී තත්පර පහක් දහයක් තුළ රෝගියාගේ සිහිය නැතිවී යයි. හෘදය නතරවී තත්පර විස්සත් හතළිහත් අතර කාලයකදී ඊ.ඊ.ජී. (ජ්ජ්ට්) මගින් බලා ගත හැකි මොළයේ ක්‍රියාකාරීත්වය නැතිවී යයි. හදවත නතර වී මිනිත්තු තුනක් වැනි කාලයක් තුළ නැවත හදවත පණගැන්විය හැකි නම් සමහර විට ඔහු ජීවත් කරවිය හැකිවනු ඇත.
එහෙත් හෘදය නතර වීමට හේතුකාරක වූ තත්ත්වය එසේම පවතින්නේ නම් හෘද සම්බාහනය කිරීම සහ කෘත්‍රිම ශ්වසනය දීමෙන් ප්‍රතිඵල අත්වීම දුර්ලභ සිදුවීමක් වනු ඇත. නමුත් හෘදය නතරවූයේ ක්ෂණිකව ඇතිවී එසේම නැතිවී යන විදුලිසැර වැදීමක් හෝ කිරීටක ධමනියක ක්ෂණික සංකෝචනයක් නිසා එහි ඇති වන අවහිරතාවයක් වැනි හේතුවක් මත නම් හෘද සම්බාහනය මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
මොළයේ ස්නායු ෙසෙලයනට ඔක්සිජන් සහ ‍පෝෂණය නොමැතිව ජීවත්විය හැකි කාලය ශරීරයේ අනෙකුත් අවයවයනට සාපේක්ෂව ඉතා කෙටිය. නමුත් ශරීර උෂ්ණත්වය යම් ආකාරයකින් ඉතා අඩු අගයකට පත්කළ හැකි නම් ඔක්සිජන් හා ‍පෝෂණය නොමැතිව මොළයේ ෙසෙල ජීවත්වන කාලය සැලකිය යුතු ලෙස වැඩිකර ගත හැක. 1999 වසරේදී ස්වීඩන් කාන්තාවක් විනාඩි අසූවක් අයිස් තුළ වැලලී සිට ගොඩගැනීමෙන් පසු නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරගත හැකිවී ඇත. ඇයගේ ශරීර උෂ්ණත්වය වී ඇත්තේ සෙල්සියස් අංශක 13.7කි. එසේම ශරීර උෂ්ණත්වය කෘත්‍රිම ලෙස සෙල්සියස් අංශක 18ක තබාගනිමින් මොළයේ රුධිර සංසරණය සම්පූර්ණයෙන් නවත්වා ස්නායු සැත්කමක් පැය භාගයක කාලයක් සිදුකළ හැක. මෙම ක්‍රමය

ච්ඥඥන ඩ්රනධබඩඥපථඪජ ඛිඪපජභතචබධපර ඒපපඥඵබ ලෙස හඳුන්වනු ලැබේ.
මොළයේ ෙසෙල මේ අයුරින් රුධිරය නොමැතිව සාමාන්‍ය ශරීර උෂ්ණත්වයේදී විනාඩි කීපයක් ඇතුළත මියගියද ශරීරයේ අනෙකුත් පටක මියයාමට ඒවායෙහි ස්වභාවය අනුව විවිධ කාලයන් ගත වේ. කෙනෙකුගේ අතක් හෝ පාදයක් රුධිරය නතරවී පැය හයක් හෝ හතක් වැනි කාලයක් ජීවත් වේ. මෙයට හොඳම උදාහරණය නම් කෙනෙකුගේ අතක් හෝ පාදයක් සම්පූර්ණයෙන් කැපී ඉවත්ව ගිය විටකදී පැය කීපයක් ඇතුළත ශල්‍යකර්මයක් මගින් එහි රුධිරනාල නැවත සිරුරට බද්ධ කිරීමෙන් එම ගාත්‍රය ජීවත් කරවිය හැකි වීමයි. මේ අනුව පෙනී යන්නේ හදවත සහ ශ්වසනය නතරවී පැය ගණනාවක් යනතුරු එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම මිය නොයන බවය.
හෘදය නතර නොවී මොළයේ පමණක් මරණය සිදුවන අවස්ථාද ඇත. මොළයට තදබල තුවාල සිදුවීමෙන් හෝ මොළයෙහි ආසාදනයක් හේතුවෙන් රෝගියෙකු සිහිමුර්ජා තත්ත්වයට පත්විය හැක. මේ අවස්ථාවේදී ඔහුගේ ශ්වසනය හරියාකාරව සිදුනොවන්නේ නම් ඔහුගේ ශ්වාසනාලය තුළට බටයක් ඇතුළුකොට ඒ මගින් කෘත්‍රිම ශ්වසනය ලබා දෙනු ලැබේ. මේ අවස්ථාවේදී රුධිර පීඩනය, රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය සහ ‍පෝෂණය නිසි පරිදි පවත්වාගෙන යනු ලැබේ.
යම් හෙයකින් ඔහුගේ මොළයේ තත්ත්වය උග්‍ර වීමෙන් මොළය මිය යාහැකිය. හදවතේ ගැස්ම පවත්වාගෙන යාමට මොළයේ ස්නායුමය සම්බන්ධය අවශ්‍ය නොවන බැවින් ඔහුගේ හෘදය හොඳින් ක්‍රියාකරයි. එහෙත් මොළයේ මියයාමත් සමග මොළයෙහි පිහිටා ඇති ශ්වසන කේන්ද්‍රය අක්‍රිය වේ. මෙම ස්ථානයෙන් ගමන් ගන්නා ස්නායු සම්බන්ධය ස්වාභාවිකව ශ්වසනය සිදුවීමට අත්‍යවශ්‍ය වේ. ශ්වසන යන්ත්‍රයක් මගින් පෙණහලු ක්‍රියාකරවන්නේ නම් ඔහුගේ හෘදය නතර නොවී තබාගත හැක.
එසේම ශරීරයේ රුධිර සංසරණය හොඳින් සිදුවන බැවින් වකුගඩු, අන්ත්‍ර, අක්මාව වැනි අනෙකුත් අවයවද හොඳින් ක්‍රියාකරයි. නමුත් මොළය පමණක් මියගොස් ඇති මෙවැනි රෝගියකු නැවත ප්‍රකෘති තත්ත්වයට පත් නොවේ. මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම ජීවත්වන ගසකට සමාන කළ හැක. ඔහුට කිසිදු බාහිර උත්තේජනයක් නොදැනේ. සිහිය නැත. සිතුවිලි ඇති නොවේ. මොළය මියගියද මොහුගේ කය ජීවත්වේ. මෙම තත්ත්වයට පත් රෝගියකුට කෘත්‍රිම ශ්වසනය හා ‍පෝෂණය ලබා දීමෙනුත් රුධිර පීඩනය සහ අනෙකුත් දේ නිසියාකාරව පාලනය කිරීමෙනුත් බොහෝ කාලයක් තබාගත හැක. නමුත් මොළය මියගොස් ඇති බව විනිශ්චය කිරීමෙන් පසු ශ්වසන යන්ත්‍රය ඉවත්කරනු ලැබේ.
මෙයට වසර කිහිපයකට පෙර ඉතාලියේ එක්තරා රෝහලකින් අපූරු සිදුවීමක් වාර්තා විය. මොළය මියගිය ශ්‍රී ලාංකික මවක් සැත්කමකට භාජනය කිරීමෙන් සාර්ථක දරු උපතක් සිදුවිය. මෙය සිදුවී ඇත්තේ මෙසේය. ගර්භණී මව ප්‍රසුතියට මාස කීපයකට පෙර තදබල මොළයේ වෛරස් ආසාදනයකට ලක්විය. මව රෝහල් ගත කරනු ලදුව රෝගී තත්ත්වය උග්‍රවීමෙන් සිහිමුර්ජා විය. ඉන්පසු ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් ශ්වසනය ලබාදුණි. මොළයේ ආසාදනය දරුණු වීමෙන් මොළය පමණක් නැවත පණගැන්විය නොහැකි වන පරිදි මියගියේය. නමුත් කුස තුළ සිටින දරුවා බේරාගැනීමේ අරමුණින් මැයට කෘත්‍රිම ශ්වසනය සහ ‍පෝෂණය ලබාදීම දිගින් දිගටම කරගෙන යන ලදී. අවසානයේ දරුවා හොඳින් කුස තුළ වැඩුණ අතර නියමිත කාලයේදී සැත්කමකින් දරුවා බිහිවිය. ඉන්පසු මවගේ ශ්වසන යන්ත්‍රය ඉවත් කළේය. ආශ්චර්යය නම් දරුවා මේ කාලය තුළ වැඩී ඇත්තේ මොළයක් නොමැති කෘත්‍රිමව ජීවත් කරවන ලද සිරුරක් තුළය. එනම් සිතක් නැති කයක් තුළය.
අනෙක් වැදගත් කාරණය නම් මෙසේ මොළය මියගොස් ශරිරයේ අනෙකුත් කොටස් කෘත්‍රිමව ජීවත් කරවනු ලබන සිරුරක් බද්ධ කිරීම සඳහා අවයව ලබාගැනීමට ඉතාමත්ම සුදුසුය. ජීවත්ව සිටින පුද්ගලයකු ගෙන් ලබාගත නොහැකි ප්‍රමාණයක් අවයව මෙවැනි අයෙකුගෙන් ලබා ගත හැක. හෘදය, පෙණහලු, අක්මාව, අග්න්‍යාසය, වකුගඩු, කුඩාඅන්ත්‍ර ආදිය මේවායින් සමහරකි. මේ මගින් අවයව බද්ධ කිරීමකින් තොරව ජීවත් විමට වාසනාව නොමැති රෝගීන් ගණනාවකට මෙවැනි අවයව බද්ධ කිරීමකින් ජීවත් කරවිය හැක.
නමුත් කනගාටුවට කරුණ නම් තවමත් අප රටෙහි මේ අයුරින් මියයන බොහෝ රෝගීන්ගේ අවයව ලබගැනීමක් සිදුනොවන අතර මළ සිරුර අවයවත් සමගම ඥාතීන්ට ලබාදීමෙන් පසු භූමිදාන කර හෝ පුළුස්සා දැමීමයි. එසේ අවයව ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසා ගැනීම ඉතා වැදගත්ය. බහුතර බෞද්ධ රටක් වන අප රටේ යම් අයෙකු මේ ආකාරයට මියගියහොත් තම අවයව ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් එකතු වනු ඇත. බෙල්ජියම, ‍පෝලන්තය සහ ප්‍රංශය වැනි රටවල මේ ආකාරයට කෙනෙකු මියගියහොත් එම පුද්ගලයා මියයාමට පෙර සිය අකැමැත්ත ප්‍රකාශ කර නොතිබුණි නම් අනිවාර්යයෙන්ම ඔහුගේ අවයව ලබාගනු ලැබේ.
කෙනෙකුගේ මොළයෙහි ක්‍රියාකාරීත්වය රැඳී ඇත්තේ එහි අඩංගු කෝටි සංඛ්‍යාත නියුරෝන හෙවත් ස්නායු ෙසෙලයන්හි ජීව රසායනික ක්‍රියාවලිය හේතුවෙනි. පරිසරයෙන් ලැබෙන උත්තේජන ලබාගැනීම, ඒවාට ප්‍රතිචාර දැක්වීම, ඒවා තම මතකයෙහි තැන්පත් කර තැබිම, නැවත මතක් කරගැනීම, සිහිය පමණක් නොව කෙනෙකුගේ පෞරුෂ ලක්ෂණ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, පවා රැඳී ඇත්තේ මොළයේ ක්‍රියාකාරීත්වය මතය.
මොළයේ යම් යම් ස්ථානවලට සිදුවූ අනතුරු හෝ ආබාධ නිසා කෙනෙකුගේ පෞරුෂ ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස්වූ අවස්ථා ඇත. නොයෙක් මානසික රෝග ඇති අයගේද සිදුවන්නේ මෙම ජීව රසායනික ක්‍රියාවලියේ වෙනස්කම්ය. මෙයින් අදහස් වන්නේ කෙනෙකුගේ මනස හෝ සිත යනු ඔහුගේ එක් එක් අවස්ථාවේ මොළයේ ජීව රසායනික ක්‍රියාවලියේ ප්‍රතිඵල බවයි. මොළයේ ෙසෙලවලට අවශ්‍ය ඔක්සිජන් හා ‍පෝෂණය නොමැතිව මේ ජීව රසායනික ක්‍රියාවලිය සිදුකළ නොහැක. මරණයේදී සිදුවන්නේ එයයි.
මෙසේ මොළයේ ෙසෙල අක්‍රිය වීමේදී කිසිදු ශක්තියක් හෝ අද්භූත බලවේගයක් සිරුරින් පිටතට නිකුත් විය නොහැක. එසේ නම් විඤ්ඤාණය ලෙස හඳුන්වනු ලබන සිහිය, සිතුවිලි ඇතිවීම සහ මතකය නැතිවීම සිදුවනවා මිස සිරුරෙන් බැහැරවීමක් සිදු නොවේ. පරිගණකයක දෘඪතැටියෙහි විද්‍යුත් ආරා්පණ යම් ක්‍රමයකට ගබඩා කර තැබිම තුළ එහි මතකය රැඳී තිබේ. එසේම ‍ප්‍රොසෙසරය වැනි අනෙකුත් උපාංග මගින් මේ මතකය අවශ්‍ය පරිදි ලබාගෙන ක්‍රියාකාරකම් සිදුකරයි. නමුත් යම් ආකාරයකින් අකුණුසර වැදීමක් වැනි දෙයකින් මෙම පරිගණකය විනාශවී ගියහොත් එහි ගබඩා කර ඇති මතකය නැතිවී යයි. එය අවකාශයට හෝ වෙනත් පරිගණකයකට ගමන් නොකරයි.
මොළයේ මරණයේදී සිදුවන්නේ එහි ජීව රසායනික ක්‍රියාවලිය අක්‍රියවනවා මිස එය වෙනත් තැනකට ගමන් කිරීමක් නොවේ. මරණයේදී සිත සිරුරින් ඉවත්වී ‘මනෝකාය’ ලෙස පවතින බව හා එය යම් ආකාරයකින් වෙනත් ජීවියකුගේ සිරුරට ඇතුළු වෙනවා යන විශ්වාස හුදෙක් කිසිම විද්‍යාත්මක පසුබිමක් නොමැති වචන මාලාවක් පමණි. තොරණක විදුලි බලය නවතා දැමූ කල්හි තොරණින් ඉස්මතුවූ ආලෝක රටා, රැස්වළලු ආදි සියල්ල නැතිවනවා මිස අවකාශයේ රැඳී නොපවතී.
මරණය වේදනාකාරීද? යන්න බොහෝ අයට ප්‍රශ්නයකි. මරණය න්‍යායාත්මකව වේදනාකාරී නොවේ. වේදනාවක් ඇතිවනවා නම් එය සිදුවන්නේ මරණයට පෙරයි. මෙය කායික හෝ මානසික වේදනාවක් විය හැක. යම් පුද්ගලයකු නිර්වින්දනය කර සිටින විටදී හදිසියේ මියගියහොත් ඔහුට කිසිදු කායික හෝ මානසික වේදනාවක් නොදැනේ. යම් අයෙකුගේ හෘදයේ කිරීටක ධමනියක් අවහිර වීමක් ගැන සලකා බලමු. අවහිරය සිදුවී ක්ෂණයකින් හෘදය නතර වේ. තවත් තත්පර කීපයකින් ඔහුට සිහිය නැතිවේ. මේ අතරතුර කාලය තුළ වේදනාවක් දැනීමට හෝ ඔහුගේ තත්ත්වය ගැන අවබෝධවී බියට පත්වීමට කාලයක් නොමැත.
හදිසි අනතුරකදී හිසට බරපතළ තුවාලයක් සිදුවී ඇති රෝගියෙකු සලකා බැලීමේදී හිසට ඇතිවන කම්පනයත් සමගම ඔහුගේ සිහිය නැතිවී යයි. ඉන්පසු ඔහුට කිසිත් නොදැනේ. නමුත් මෙවැනි සිහිමුර්ජාවූ රෝගියකු දෙස බලා ඉන්නා කෙනෙකුට ඔහු අපහසුවෙන් හුස්ම ගන්නා අයුරු හා අතපය චලනය වන අයුරු දැකගත හැක. නමුත් ඒ කිසිත් ඔහුට නොදැනේ.
යුද්ධයේදී වෙඩිවැදී මියයන සොල්දාදුවකු සලකා බැලීමේදී. ඔහුගේ පෙණහලු පසාරු කරගන යනු ලබන උණ්ඩයක් වැදුනා යයි සිතමු. යම් ප්‍රමාණයක් රුධිරය වහනය වනතුරු ඔහුගේ සිහිය පවතී. මේ කාලය තුළ ඔහුට වේදනාව ඇතිවිය හැකි නමුත් මෙවැනි අවස්ථාවලදී අධිකව වෙහෙසට පත්ව ඇති විට හෝ සිත ආවේගාත්මකව ඇති විට මොළයේ යම් ස්ථානවලින් තදබල වේදනා නාශකයක් නිකුත් වේ. මෙය ‘එන්ඩෝපීන්’ ලෙස හඳුන්වනු ලබන අතර මේ මගින් වේදනාව මෙන්ම සිතෙහි ඇති විය හැකි බියද නැතිකර දමයි.
යුද්ධයේදී වෙඩි වැදුන සොල්දාදුවකුට වේදනාව දැනෙන්නට පටන් ගන්නේ තම කඳවුරට ගෙන ආ පසුවය යන්න ප්‍රසිද්ධ කියමනකි. ඕනැම සිත කලබලකාරී අවස්ථාවක දරුණු වේදනාවක් වුවද දරාගැනීමේ හැකියාවක් මෙම ‘එන්ඩෝපින්’ නිසා ස්වභාවයෙන්ම ඇති වේ.
පිළිකා රෝගියෙකු මියයාමට පෙර ඔහු කායිකව සහ මානසිකව වේදනාවට ලක්වේ. නමුත් කල්යත්ම ඒවා දරාගැනීමේ ඇති හැකියාව වැඩිවනවා පමණක් නොව මියයාම කැමැත්තෙන්ම භාරගැනීමට පවා එවැනි අය පෙළඹේ.

සංවාදයට විවෘතයි
වෛද්‍ය ආනන්ද දිසානායක
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනෝකායක් ගැන කියන කතා බොරු.... මරණය ඇත්තටම සිදුවන්නේ මෙහෙමයි

    මොළයේ මරණයේදී සිදුවන්නේ එහි ජීව රසායනික ක්‍රියාවලිය අක්‍රියවනවා මිස එය වෙනත් තැනකට ගමන් කිරීමක් නොවේ. මරණයේදී සිත සිරුරින් ඉවත්වී ‘මනෝකාය’ ලෙස පවතින බව හා එය යම් ආකාරයකින් වෙනත් ජීවියකුගේ සිරුරට ඇතුළු වෙනවා යන විශ්වාස හුදෙක් කිසිම විද්‍යාත්මක පසුබිමක් නොමැති වචන මාලාවක් පමණි. තොරණක විදුලි බලය නවතා දැමූ කල්හි තොරණින් ඉස්මතුවූ ආලෝක රටා, රැස්වළලු ආදි සියල්ල නැතිවනවා මිස අවකාශයේ රැඳී නොපවතී.
    මේකෙ කියන්නෙ මැරුනට පස්සෙ මනෝකාය කියල එකක් පිටවෙන්නෙ නෑ ඔක්කොම ඉවරයි කියලනෙ :dull:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මේකෙ කියන්නෙ මැරුනට පස්සෙ මනෝකාය කියල එකක් පිටවෙන්නෙ නෑ ඔක්කොම ඉවරයි කියලනෙ :dull:

    mama nam kiyanne punuruppaththiyak thiyanwa machan
    minihek marunata passe e manokaaya thawath mawkusakata yanawa
    ehema yaddi kalin aathme hamadeyakma amathaka wenawa
    namuth samahara ayata tikak mathakai e dewal
    podi kale samahara lamai e wage dewal kiyanwa
    loku wenakota nikanma amathaka wenawa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mama nam kiyanne punuruppaththiyak thiyanwa machan
    minihek marunata passe e manokaaya thawath mawkusakata yanawa
    ehema yaddi kalin aathme hamadeyakma amathaka wenawa
    namuth samahara ayata tikak mathakai e dewal
    podi kale samahara lamai e wage dewal kiyanwa
    loku wenakota nikanma amathaka wenawa
    ඔව් මාත් විශ්වාස කරන්නෙ මරණින් මතු නැවත ඉපදෙනව කියල..මේ දොස්තරල කියන්නෙ පොතෙන් ඉගෙනගත්ත ටික විතරයි..මෝහනය කරල කලින් ආත්මවල දේවල් පවා කියන්න පුලුවන් බව "වෛද්‍ය ආනන්ද දිසානායක" කියන පොර දන්නෙ නැතුව ඇති :baffled:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඔව් මාත් විශ්වාස කරන්නෙ මරණින් මතු නැවත ඉපදෙනව කියල..මේ දොස්තරල කියන්නෙ පොතෙන් ඉගෙනගත්ත ටික විතරයි..මෝහනය කරල කලින් ආත්මවල දේවල් පවා කියන්න පුලුවන් බව "වෛද්‍ය ආනන්ද දිසානායක" කියන පොර දන්නෙ නැතුව ඇති :baffled:

    ow machan owa gana ona tharam sinhala poth thiyanwa research karapuwa
    :):):)
    doctorsla balanne thamange mathe oppu karanna witharai:frown::frown:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    "තොරණක විදුලි බලය නවතා දැමූ කල්හි තොරණින් ඉස්මතුවූ ආලෝක රටා, රැස්වළලු ආදි සියල්ල නැතිවනවා මිස අවකාශයේ රැඳී නොපවතී."

    fuck you!!

    what happen to the photons just emitted. Their in the space. Eventually decaying due to the scattering.

    If they go to a vacuum? Think about it!!