මරණය සිතන්න

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
"ජීවිතං අත්තභාවො ච - සුඛ දුක්ඛාච කෙවලා
එක චිත්තසමායුත්තා - ලහුසො වත්තතෙ ඛණො.
යෙ නිරුද්ධා මරන්තස්ස - තිට්ඨමානස්ස වා ඉධ
සබ්බෙපි සදිසා ඛන්ධා - ගතා අප්පටිසන්ධියා.
අනිබ්බතෙත්න න ජාතො - පච්චුප්පන්නෙන ජීවති
චිත්තහඞගා මතො ලොකො - පඤ්ඤත්ති පරමට්ඨියා"


"ජීවිතයද ආත්මභාවයද සුඛ දුක්ඛ වේදනාවද යන මෙය හුදෙක් එක චිත්තක්ෂණයෙකින් යුක්තය. ජීවිත ක්ෂණය වහා පෙරලෙයි.

මැරෙන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්ධයෝද දැන් මෙහි ජීවත් වන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්ධයෝද යන මේ සියල්ලෝම සමානයෝය. ඒ දෙපක්ෂයෙහිම වූවෝ ගැළපීම් රහිතවැම ඉක්ම ගියෝය. (ජීවිතය එක චිත්තක්ෂණක ය.)

මේ ලෝක සත්ත්වයා නූපන් සිතින් නූපන්නේය. දැන් පවත්නා සිතින් ජීවත් වන්නේය. චිත්තයාගේ භඞ්ගයෙන් මැරෙණේය.
"



" තස්මා හවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය - මරණානුසසතියා සදා."

"එසේ හෙයින් සුප්‍රාඥ මහානුභාව ඇති මරණානුස්මෘතිය සඳහා ඒකාන්තයෙන් නිතර අප්‍රමාද වඩන්නේය."