මරණය සිදුවන දිනය ඔබම දැනගන්න-II

D.S.M

Member
May 15, 2010
29
6
0
මරණය සිදුවන දිනය ඔබම දැනගන්න-II

අහස්‌කුස උතුරු තරුව, අරුන්දතී තරුව හා සඳුගේ රුව යමකුට දර්ශනය නොවේද හිරුගේ රැස්‌ කළඹ සිඳී ගියාසේ පෙනේද සොලොස්‌ මසකින් මෙපිට ඔහු මරණයට පත්වේ.

යමකු මළ මුත්‍ර රන් රිදී ලෙස සිහිනෙන් දකීද දසමසකින් මරු දකී. යක්‌ පිසස්‌ බූත ප්‍රේතයන් මෙන්ම ගදඹුන් සහිත නගර රන්වන් රුක්‌ සිහිනයෙන් දුටු කල නව මසින් මෙපිට මියයයි. යමකු අහේතුකව තරවීම හෝ කෙට්‌ටුවීම අටමසකින් මිය යන බවට පෙර නිමිත්තකි. මැටි හෝ මඩ මත තම පිය සටහන තැබූ විට කඩ කඩව ගියොත් සත් මසකින් මරු දකී.

උකුසු කපුටු ගිජු ලිහිනි පරෙවි කවුඩු ආදීන් තම හිස සැඟවෙනු සිහිනෙන් දුටුවොත් සමසින් දිවි නැසේ.

වැහි නොමැති කාලයේ බටහිර අහසේ විදුලිය දකීද ජලයේ දේදුනු ඡායා දර්ශනය වේද දෙමසින් හෝ තුන්මසින් මිය යයි. දිය, තෙල් හෝ ගිතෙල් බඳුනක සිය සේයා රුව හිස නැතිව දර්ශනය වේද මසක්‌ ඇතුලත හදිසි විපතකින් මිය යයි.

යමකුගේ සිරුරෙන් මළ සිරුරක හෝ වස්‌සකුගේ ශරීරයෙන් එන ගඳ වහනය වේද දෙසතියකින් මිය යයි. දිය බී කල පිපාසය නොසන්සිඳෙන්නේද ස්‌නානය කළ විට පපුවේ දිය බිඳු නොරදන්නේද දස දිනකින් ආයුෂ කෙලවර වේ.

වඳුරන් දෙදෙනකු බැඳී රථයක යම දිගට ගී ගයමින් යැම, අඟනක්‌ රතු හෝ කලු ඇඳ ගී ගයමින් දකුණු දිගට යැම, නිරුවත් තාපසයකු සිනාවීම, තමන් හිස තෙක්‌ සයුරු මඩෙහි ගිලී සිටීම මරණය ගැන පෙරනිමිති ගෙන එන සිහින වෙති.

ඔටු කොටලුවන් යෙදූ රථයකින් යම දිග බලා යැම, වලකට වැටී එහි සිරවීම, ගින්නට වැටී එහි සිරවීම, ජලයේ ගිලීම සිහිනෙන් දැකීම මරු කැඳවීමකි.

අඟුරු, ඉසකේ, අළු, සර්පයින්, දියනැති මහිමඬල සිහිනෙන් දුටුකල දස හෝ එකොලොස්‌ දිනෙන් මරු දකී. නපුරු කාලවර්ණ මිනිසකු අවි හෝ ගල් මුගුරින් තමාට තලනු දුටුවොත් ඔහුට නපුරු මරණයක්‌ හිමිවේ.

තම සෙවනැල්ල අන් අය නොදකීද මැදියම් රැයේ දේදුනු දර්ශනය වීද දහවල චන්ද්‍රග්‍රහණ දකීද මෙවැනි විපරීත ලකුණු දුටුවොත් මරණය ලංව ඇත. නැහැය වකුටුව දෙකන් පිටට නැමී වම් ඇසින් කඳුලු වැගිරේ නම් කල් ජීවත් නොවේ.

දෙඇස්‌ උඩුකුරුවී නැවත සමබවට පැමිණ රත් පැහැවේ ද නැබ සීතල වී මුව උනුසුම් වේද හිරි ඔතප් නැතිවී ජනයා ඉදිරියේ රහසඟ පිරිමදීද මරණය ලංවූ බවට ලකුණුය.

දිව කෙටිවී කථාකළ නොහැකි වීම හැඳිවත සුදු පැහැ වුවත් එය කලු හෝ රතු පැහැයෙන් පෙනීම, හිස කේ, දත්,ගැලවී වැටෙනු සිහිනෙන් පෙනීම මරණයේ පෙර නිමිති වෙති.

මළගිය පුරුෂයකු හෝ ස්‌ත්‍රියක තමා වැළඳ ගනු සිහිනෙන් දුටුවොත් මරණය ළඟම පැමිණේ. රෑ දවල් දෙකේ එවැනි භූතයන් පැමිණ හිරිහැර කරයි නම් දින සතකින් මෙපිට මරු දකී.

එසේම යමකුගේ පියවි ස්‌වභාවය වෙනස්‌ වී අස්‌වාභාවික හැසිරීමක්‌ ඇතිවේද එය ඉක්‌මන් මරණයක පෙර නිමිත්තකි.

අර්ථවන් වේදයට අනුව මරණ එකසිය එකක්‌ තිබේ. ඉන් එකක්‌ හැර අන් සියල්ලම අකල් මරණ වෙති. ඒවා බොහොමයක්‌ වළක්‌වා ගතහැකිය. නමුත් හදිසියේ හෙනක්‌ මෙන් පතිතවන අකල් මරණය වැළැක්‌විය නොහැක.

එවැනි දරුණු මාරකයක්‌ නොවූ කල ඇතිවන මාරක ජන්ම පත්‍ර පරික්‍ෂාවෙන් හඳුනාගෙන නොයෙක්‌ පුන්‍ය ක්‍රියා ශාන්ති කර්මවල යෙදීමෙන් වළක්‌වාගෙන තමාගේ මෙලොව ජීවත්වන කාලය තවත් දිර්ඝ කර ගැනීමේ හැකියාව හැමකෙනකුටම තිබේ. ඒ නිසා මරණය කල් දමා ගැනීමේ හැකියාව උදාකරගත හැකිවේ.