මරණය සිදුවන දිනය ඔබම දැනගන්න-I
මරණය සිදුවන දිනය ඔබම දැනගන්න
මිනිසුන් සිහිපත් කිරීමට අකමැතිම වචනය මරණයයි. ඒ ගැන සිහියට නැගෙනවිට බියට තැතිගැන්මට පත් නොවන්නකු සොයාගැනීම කලුනික සොයනවාටත් වඩා අමාරු කාරියකි. හැමදෙනාම මරණය අමතක කර දමා තමාට රිසි දේවල් කරති. අමතක කරදැමීමෙන් මරණය ජයගත හැකි යෑයි බෙහෝ දෙනා සිතුවද කිසිවකුත් නොසිතන මොහොතක ඔවුන් මරු තුරුලට යති. යහපත් ජීවිතයක් ගතකළද නොකළද මරුගෙන් කිසිවකුට ගැලවුමක් නැත. කොතැනක සිටියත් එය මරුට බාධාවක් ද නොවේ. යමකුට නියත වශයෙන් උරුම වූ යමක් තිබේද එය මරණයයි.
ඒ නිසා හැමදෙනාම බියවන මරණය ගැන කථාකළ යුතුව තිබේ. උපන් සියල්ලෝම මියයති. ඒ ඔවුන්ගේ නලලේ මරණය කොටා ඇති බැවිනි.
උපන්නොත් යම් කෙනකු මෙලොවේ
මරණයත් කොටා ඇත නලලේ
මරණයක් ඇයිද මේ කෙටුවේ මහ බඹා
මනුසතා නලලේ
කියා තිබෙන්නේ එම නිසාය. මේ බව අවබෝධ කළ පැරණි සෘෂිවරු යමකු වෙත මරණය සමීප වන බව කල්තියා දන්වන පෙර නිමිති රැසක් සටහන් කර තැබූහ. චරක, සුශ්‍රැත සංහිතා වල හා දෛවඥ කාමෙ�නු වැනි ග්‍රන්ථවලද අථර්වන් වේදයේද මේ පිළිබඳ විස්‌තර අන්තර්ගතව තිබේ. මේ තොරතුරු ඇසුරු කරගෙන මරණය ලංවූ බව දැකගතහැකි පෙරනිමිති රැසක් අපි දැන් විමසා බලමු.
යමකුහට තද හිසරදයක්, කුසෙහි වේදනාවක්, තද පිපාසය, අප්‍රාණික ගතිය, ආහාරයෙන් ගතට සවිය නොලැබීම, සාපිපාසා නොසන්සිඳෙන ගතිය යන ලකුණු ගතෙහි පහලවීනම් ඔහුගේ දිවි සුරැකීමට ජීවකයාටත් නො හැකිවේ. ඔහු ඉක්‌මනින් මරු වැළඳ ගනී.