මරණාසන්න රටට ජීවිතය හෝ මරණය තෝරා දෙන චීන තීන්දුව!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (27) ශ්‍රි ලංකාවට මාධ්‍ය හරහා පනිවිඩයක් දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපය භාර අංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රි නිවාසන් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබුණේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන අතරේ චීනය සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ කර ගත යුතු බවය.
      ද්වී පාර්ශ්වික ණය අතරින් ශ්‍රි ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති රාජ්‍යය ලෙස චීනය මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ව සිය අභිලාශය ප්‍රකාශ කිරීම හෝ ණය පොලී කපා හැරීම් ඇතුළු සහනය සඳහා කැමැත්ත ලබා දීමේ එක් සංඥාවක් වන්නේ ශ්‍රි ලංකාවට ණය තිරසාරත්වය කෙරෙහි සාධනීය ප්‍රගතියක් ලබන බව ඇඟවීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිය ණය ලබා දීම සඳහා එය මූලික වූ කොන්දේසියකි.

      ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අයි.එම්.එෆ්. කොන්දේසිය
      මීට ටික දිනකට පෙර ශ්‍රි ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායම ශ්‍රි ලංකාවේ සිය සාකච්ඡා හමුවීම් අවසන් කර යන අවස්ථාවේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රි ලංකාව විසින් ඉල්ලීම් කරන ලද මූල්‍ය සහනය ලබා දීමට නම් ඊට පෙර අත්සන් කළ යුතු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ලියවිල්ලට අරමුදලේ අධ්‍යක්ෂවරුන් සිය අත්සන යොදන්නේ මෙම ණය තිරසාරත්වය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව පිළිගත හැකි ප්‍රගතියක් ලදහොත් පමණක්ය යන්නය.
      එයින් ඇඟවෙන කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය ලිපි ගොනුව යළි හරියට දිග හරින්නේ මේ එකඟතාවලට ගියහොත් පමණක් බවය.
      ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති ණයවලින් සියයට 10ක පමණ නියෝජනයක් චීනයට ඇත. මෙම ද්වීපාර්ශ්වික ණය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර තලයේ මූල්‍ය ආයතනත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ ඇති අතර සෙසු ණය ජාත්‍යන්තර සෛවරී බැදුම්කර හරහා මෙරටට ලබා ගත් ණයයි. මේ ණය කන්ද අප ගෙවිය යුතුය.
      එයින් චීනයේ ණය වඩාත් විවාදිත වීමට බලපාන කරුණු කිහිපයක්ම ඇත. එන් පළමු කරුණ වන්නේ ආර්ථික අර්බුදයෙන් මිරිකී සිටින ශ්‍රි ලංකාව ට පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව මෙතෙක් චීනය කිසිවක් ප්‍රකාශ කර නොසිටීමය. අනෙක් ඔවුන් ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම පිළිබඳව සෘජුව විරෝධය දැක්වීමය.
      චීන ණය –
      චැතැම් හවුස් පර්යේෂණ ආයතනයට සහ ශ්‍රි ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රි ලංකාව චීන ආධාර ඇතිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවකි. එයින් වඩාත් විවාදිත වන්නේ රටටත් ජනතාවටත් ලෝකයටත් වැඩක් නැති අසාර්ථක මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් හරහා ශ්‍රී ලංකාව ණය කන්දක සිර වීමය.
      https://www.facebook.com/Srilankanu...ubW1PHJhW3J9IZDF0v0axHfnOhKU8sYJQ&__tn__=R]-R
      මේ අසාර්ථක ව්‍යාපෘති රැසක් කෙන්ද්‍ර වුණේ රාජපක්ෂවරුන්ගේ උපන් බිම වන හම්බන්තොටය. ලක්ෂ හයක පමණ ජනගහණයක් සිටින මේ ප්‍රදේශයට චීන සල්ලි ණයට අරන් වපුරා කළ ව්‍යාපෘති අතරින් අද වැඩක් ගන්නේ මහා මාර්ග ව්‍යාපෘති සහ ජල සම්පාදන ව්‍යාපෘති පමණි. උපායමාර්ගික සැලැස්මක් තිබුණද මේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවැසි උපායමාර්ගික ක්‍රියාන්විත සැලැස්මක් නොවිනි. මේ නිසා හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ වැනි මහා පරිමාණ ව්‍යාපෘති කෙටි කලක් තුළ රට ට බරක් වන සුදු අලින් බවට පත්විය. මේ හේතුව නිසාම ගත් ණය වෙනුවෙන් හම්බන්තොට වරාය චීනයට සින්න කොට ලෝකයේම අවමානය විඳින රටක් බවට පත් වන්නට සිදුවිය.
      චීනය සිය ආර්ථික සහ භූ දේශපාලනික බල ව්‍යාප්තිය සඳහා ෂී ජින්පින් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ලෝකය පුරා දියත් කරන “එක් තීරයක් එක් මාවතක් මහා සැලැස්ම“ යටතේ ලෝකයේ සෑම මහාද්වීපයකම සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. මේ හරහා රටවල්වලට කිසිදු වගවිභාගයකින් තොරව ලබා දුන් ණය හමුවේ බොහෝ රටවල් ණය උගුල්වල සිරවීමේ අවදානමකට ලක්ව ඇත. කෙසේ වුවද මෙම චීන ණය උගුල් පිළිබඳව ලෝකයට සිද්ධි අධ්‍යයනයට ඉඩ සපයන බිමක් බවට පත්ව ඇත්තේ ශ්‍රි ලංකාවය. අද ජාත්‍යන්තර අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සේම ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් චීන හෝ දරාගත නොහැකි වෙනත් වානිජ ණය පසුපස යන රටවලට පවසන්නේ ශ්‍රි ලංකාව වගේ වෙන්න එපා යනුවෙනි.
      රට බංකොලොත් කළ ව්‍යාපෘති –
      හම්බන්තොට මත්තල ඉදිකළ ගුවන් කොටුපළ අද වේලෙයි. ඒ සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 248කි. එය චීන ණයකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට පමණක් යොදා ගත් කොරියානු ණය ආධාර මත ඉදිකළ හම්බන්කොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තවත් සුදු අලියෙකි. ඩොලර් මිලියන 16 ක වියදමින් ඉදි කෙරුණු මෙම ව්‍යාපෘතිය අද කැළේට ගොසිණි. මාසිකව රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර දැවැන්ත වියදමක් දරා නඩත්තු කරන මේ ගිරුවාපත්තුවේ වැසියන්ගේ මගුල් ගෙදරක් ගැනීම හැරෙන්නට වෙනත් දෙයක් කළ නොහැකිය. එවැනි මගුලක් හෝ උත්සවයක් ගන්නටද එය දැරිය හැකි මිලකට ලබා ගත නොහැකිය. මේ නිසා එය අද පාළු අවතාර ගොඩනැගිලි සංකීර්ණයක් බවට පත්ව ඇත


    • සූරියවැව ඉදි කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය පවත්වා ඇත්තේ තරග 27ක් පමණි. ඒ 2011 සිට වසර 11ක් දක්වා කාලයක් තුළය. එක් අතකට පළාතේ දරුවන්ට සෙල්ලම් කරන්නට වත් මේ පිට්ටනිය භාවිත කළ හැකි වුවද ඩොලර් මිලියන ගණනක් යට කොට ඉදි කළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආදායම් උපදවන තැනක් බවට පත් කිරීමට රාජපක්ෂ ජනාධිපතිලා මෙන්ම ඩිජිටල් සිහින ලෝක සහ අභ්‍යවකාශ ගවේෂණ හරහා ලෝකය අල්ලන්නට දඟලන රාජපක්ෂ පුතුන්ටවත් සැලසුමක් නැත.
      ඇමෙරිකානු ඩොලර් මිලියන 104ක් වැය කොට ඉදි කළ නෙලුම් කුළුණ තවත් සුදු අලියෙකි. මේ වනවිට එය නිල වශයෙන් විවෘත කොට වසර හතරකට ආසන්න වුවද තවමත් කිසිදු මුදල් උපයන වානිජ ව්‍යාපාරයක් එහි ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් ශ්‍රි ලංකාව මේ වනවිට එහි ණය පොලිය සමඟද චීනයට ගෙවමින් සිටී.

      චීන ණය චීනයටත් පාරාවළල්ලක් වෙයි ද?
      එයින් පැහැදිලි වන තවත් කරුණනක් වන්නේ තනි රටක් ලෙස චීනය සිය එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ලෝකයේ බොහෝ රටවලට ලබා දුන් ව්‍යාපෘති තනිකරම ඔවුන්ගේ ණය ආධිපත්‍යයට රටවල් නතු කරන උගුල් කෙමනක් බවට පමණක් පත්වීමය. 1949න් පසුව චීනය විසින් ගෝලීය මට්ටමින් දියත් කරන ලද දැවැන්තම ව්‍යාපෘතිය වන්නේ මෙම වන බෙල්ට් වන් රෝඩ් ව්‍යාපෘතියයි. එය එතෙක් තනි රටක් ලෙස ලෝකය පුරා දියත් කළ දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙසින්ද සැලකෙයි.
      එහෙත් චීනයට අද මෙයින් ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබී ඇතිද යන්න පිළිබඳව පසුගියදා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත ප්‍රශ්න කළේය. එයට හේතුව පෙන්වන්නටද උදාහරණයකට ගන්නේ ශ්‍රි ලංකාවය. මේ වනවිට චීනයද මේ අසාර්ථක ව්‍යාපෘතිවල ප්‍රතිඵල පාරාවළලක් සේ කරකැවී එන තැනකට පැමිණ ඇත.
      ඔවුන්ට ශ්‍රි ලංකාව අත් හැරිය නොහැකි භූ ගෝලීය පිහිටීමක ඇත. රටේ පාලකයන් එහා මෙහා කළත් වැලි පුරවා වරාය නගරය ඉදි කර සිතියම වෙනස් කළත් මෙ පුචි දිවයිනේ භූ ගෝලීය පිහිටීම එහා මෙහා කරන්නට ඔවුන්ට නොහැකිය. පවතින දෙශපාලනික ප්‍රවණතා තුළ ශ්‍රි ලංකාවට පිටුපාන්නටද නොහැකිය.
      චීනය මේ පිළිබඳව තවමත් නිහඬ පිළිවෙතක සිටියද චීනයේ ශ්‍රි ලංකා තානාපති පාලිත කොහොන බීජිං නුවර සිට පසුගියදා කීවේ “එක් සන්ධිස්තනයකදී“ හෝ ඩොලර් බිලියන 4ක පමණ ආධාරයක් චිනය ලබා දෙන්නටද ඉඩක් පවතින බවය. මේ කතාව ඔහු කීවේ ඇයිදැයි මෙතෙක් පැහැදිළි කළේ නැත. එක් සන්ධිසතානය (At some point) කුමක්දැයි චීන රජය හෝ කොහොන තානාපතිවරයා නිල ප්‍රකාශයක් කළේද නැත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ඔය හම්බන්තොට කන්ෆරන්ස් හෝල් එක ෆ්‍රීලාන්ස් කරන උන්ට රෙන්ට් අවුට් කරන්න බැරිද හයිවේ බස් ටිකත් හරියට දාල. කරන්ට් ප්‍රශ්න නෙට් ප්‍රශ්න නැතුව 24X7 රන් කරල දුන්නොත් සෑහෙන වැඩක් කරගන්න පුලුවන් වෙයිනෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    ඔය හම්බන්තොට කන්ෆරන්ස් හෝල් එක ෆ්‍රීලාන්ස් කරන උන්ට රෙන්ට් අවුට් කරන්න බැරිද හයිවේ බස් ටිකත් හරියට දාල. කරන්ට් ප්‍රශ්න නෙට් ප්‍රශ්න නැතුව 24X7 රන් කරල දුන්නොත් සෑහෙන වැඩක් කරගන්න පුලුවන් වෙයිනෙ.
    karanna puluwan karanna danne na bn mun. naaki gon hukanno monwada dnne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය හම්බන්තොට කන්ෆරන්ස් හෝල් එක ෆ්‍රීලාන්ස් කරන උන්ට රෙන්ට් අවුට් කරන්න බැරිද හයිවේ බස් ටිකත් හරියට දාල. කරන්ට් ප්‍රශ්න නෙට් ප්‍රශ්න නැතුව 24X7 රන් කරල දුන්නොත් සෑහෙන වැඩක් කරගන්න පුලුවන් වෙයිනෙ.

    ඔව් බන්
    අපෙ ඔපිස් එකෙ ජෙනි ව්ල් පෙට්‍රොල් කොස්ට් එක මේ මාසෙ 45000යි. ශෙඩ් එකෙ එකාට දොල පිදේනි වෙනම දෙනව.

    තව ඩීසල් ජෙනියකුත් ගන්න යන්නෙ
    ඔක්කොම ඉතුරු වෙනව ඔය වගෙ එකක් සෙට් උනොත්.
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ඔව් බන්
    අපෙ ඔපිස් එකෙ ජෙනි ව්ල් පෙට්‍රොල් කොස්ට් එක මේ මාසෙ 45000යි. ශෙඩ් එකෙ එකාට දොල පිදේනි වෙනම දෙනව.

    තව ඩීසල් ජෙනියකුත් ගන්න යන්නෙ
    ඔක්කොම ඉතුරු වෙනව ඔය වගෙ එකක් සෙට් උනොත්.
    ප්ලේස් එකත් පට්ටනෙ. සොලර් පැනල් ටිකක් සෙට් කරා නන් වහලෙට කරන්ට් එකත් ලොකුවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ගොඩක් උන්ට ලැප් නෙ තියෙන්නෙ.
    ඕනි නන් මාර්කට් කරන්න පුලුවන් සුද්දන්ටත් ඇවිත් වැඩ කරන්න කියල ලෙශර් එකේ. යාල සෆාරියකුත් සෙට් කරල, වටේ තියෙන ලොජ් වලටත් ගාණක් ලැබෙන විදියට වැඩක් කරන්න පුලුවන් ඉතින්

    අපිටත් පිස්සු බන් මුන් කවද්ද මේව කරෙ. 🤷‍♂️
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක හින්දා තමා රනිලා වලි දාගන්න තනන්නේ.. බෑරි බෑරියාව වහගන්න.. රාජපස්සලා ලන්කාව දෑම්මේ එසේ මෙසේ අමාරුවක නෙමේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    සූරියවැව ඉදි කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය පවත්වා ඇත්තේ තරග 27ක් පමණි. ඒ 2011 සිට වසර 11ක් දක්වා කාලයක් තුළය.
    මේකට සල්ලි දුන්නේ ICC එකෙන්