මරණ දඬුවම නියම වී දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන්ට මරණ දඬුවමෙන් නිදහස් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීම දක්වා යාමට තම අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අදාළ සිරකරුවන්ගේ පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇතැයිද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇප ලබා ගැනීමට නොහැකි ව සිටින රැඳවියන් 8,000ක පමණ පිරිසක් දෙසැම්බර් මාසයට පෙර නිදහස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 05 වනදා වැලිකඩ බන්ධනාගාරයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.