මරණ_දඩුවම_හා_බන්ධනාගාර_ගැන කෙටියෙන්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මරණ_දඩුවම_හා_බන්ධනාගාර_ගැන කෙටියෙන්

    මරණ දඩුවම හා බන්ධනාගාර ගැන කෙටියෙන්

    මරණ දඩුවම හා බන්ධනාගාර ක්‍රමය ඉතා ඈත අතීතටය දිව යන්නකි . එය අනාදිමත් කාලයක සිට විවිධ ආකාරයෙන් පවත්වාගෙන එන්නකි අද කියන්න හදන්නෙ ඒ මරණ දඩුවම හා බන්ධනාගාර ක්‍රමය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි . සමහර විට දන්නව වෙන්නත් පුලුවනි දන්න නොදන්න සැමටම.
    images


    1790 දී පෙන්සිල්වේනියාවේ බන්ධනාගාරය ආරම්භවී ඇත . බන්ධනාගාර ක්‍රම සංකල්පය ලොවට මුලින්ම හදුන්වා දී ඇත්තේ මෙයිනි .
    එම බන්ධනාගාර ක‍්‍රමය තිබූ ආකාරය අනුව රැඳවුම්කරුවන් අවට සමාජයේ ඔවුනොවුන්ගෙන් වෙන් කොට තැබීම ප‍්‍රධාන පරමාර්ථය විය .
    බන්ධනාගාර ක‍්‍රමය පහත සඳහන් මූල ධර්මඔස්සේ සකස් විය .
    99_big.jpg

    • රුඳවුම්කරුන්ගෙන් පළිගැනීම මුල් කොට බන්ධනාගාර ජීවිතය සකස් විය යුතු නැත .
    • බන්ධනාගාර ජීවිතය සකස් විය යුක්‍තේ මහන්සි වී වැඩ කරන මාර්ගයෙනි .
    • රැදවුම්කරුවන්ගේ ජීවිතය වෙනස් කිරීමට උපයෝගී කරගෙනය .
    • බන්ධනාගාරයේ අවශේෂ රැදවුම්කරුවන් හා තවත් අය වෙතින් රැඳවුම්කරුවන් කෙරෙහි ඇතිවන නරක බලපෑම අඩු කිරීම හ ඒ අයගේ බලපෑමෙන් ඉවත් කිරීමට තනි කුටි සදා ඇත .
    • හුදෙකලාව සිටින විට රුඳවුම්කරුවන්ට තමාගේ වැරදි ගැන තනිව සිතාමතා පශ්චත්තාප විය හැකිය .
    • මිනිසාසමාජයෙන් ඈත් කොට තනි කොට තිබීම ඔහුට දඩුවමක් වන්නේය .
    • හුදෙකලා සිර දඩුවම ආර්ථික වියදම් හෝ පාඩු සිදුවන බරපතල වරදක් නොවේ . ඉතා විශාල ප‍්‍රමාණයක නිළධාරීන් හෝ මුරකරුවන් රැසක් ඊට අවශ්‍ය වන්නේ නැත . ඇඳුම් පැළඳුම් වලට පවා යන වියදම අඩුය .
    fr1188.png

    1862 දී නිව්යෝක් හි එල්මිරා වල බන්ධනාගාරයක් ආරම්භ කෙරුණි .එම බන්ධනාගාර ක‍්‍රමය තුළ රුඳවුම්කරුවන්පුනරුත්ථාපනය හෝ සංශෝධනය සිදු කළේ අධ්‍යාපනය මගිනි.එල්මිරා වල වැරදිකරුවන් ශ්‍රේණි තුනකට බෙදා බන්ධනාගාරයට ඇතුළත් කර ගන්නා ලදි .හයමසක් කල් ක‍්‍රියාව යහපත්ව සිටියහොත් ඔහු පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරන අතර අයහපත් චර්යා රටා තුළින් රුඳවුම්කරුවන් තුන්වැනි ශ්‍රේණියට පත් කරනු ලැබේ. ඇමෙරිකාවේ බන්ධනාගාර අදටත් ක‍්‍රමය මාර්ග තුනක් යටතේ සංවිධානය වී ඇත . වරදකරුවන්ගේ වරදේ ප‍්‍රමාණය අනුව මොවුන් බන්ධනාගාරගත කිරීම සිදුවී ඇත .ඒ අනුව වරදකරුවන්ට ලැබිය යුතු වරප‍්‍රසාදයන්හි වර්ග කිරීමක් සිදුකර ඇත . බන්ධනාගාරය අපරාධ කළ විට ලබාදෙන දඩුවමක් ලෙස ක‍්‍රියාත්මක වේ .
    images

    උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාර උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාර
    • මධ්‍යම ගණයේ ආරක්‍ෂා සහිත බන්ධනාගාර
    • අවම ආරක්‍ෂා සහිත බන්ධනාගාර
    ලංකාවේ ප්‍රධාන බන්ධනාගාර තුන

    images


    ලංකාවේ විශාලතම බන්ධනාගාරය වැලිකඩ වේ මේය (Magazine Prison) වර්ගයේ බන්ධනා ගාරයකි .
    අක්කර 48 ක ගණ මීටර් (190,000 ම්/2) වපසරියක පිහිටා ඇත .
    මේ අධිරාජ්‍ය වාදීන් විසින් දෙශපාලන හිරකරුවන් රදවා තබා ගැනීම සදහා 1841 ඉදිකරන ලද්දකි . මෙයටම සබැදි රෝහලක්ද වේ .

    9k=
    ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරය බෝගම්බර බන්ධනාගාරය වේ මෙයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාසීන් විසින් 1876 ඉදිකරන ලද්දකි . මහනුවර නගරයේ පිහිටා ඇති මෙය ඉදි කිරීමට වැයවූ මුදල රු -3,65,365.00 ලෙස සදහන් වේ

    මහර බන්ධනාගාරය මෙයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාසීන් විසින් 1875 ඉදිකරන ලද්දකි . රටේ නම ගිය පුද්ගලයෙක් වූ මරදන් කඩවල යකඩයා රදවා තබා ඇත්තේද මෙහිවේ .
    මෙය 1902 ජුනි 22 දහවල් 2 ට බන්දනාගාරය බිද ‍රැදවියන් 79 දෙනෙකු පැනගිය බවට වාර්තාවේ .

    ලංකාවේ මරණ දඩුවම පිලිබදව කෙටියෙන්
    අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න)
    මෙහි මරණඩන්ඩනය පිලිබදව පුලුල්ව විග්‍රහකර ඇත .

    මෙහෙ ඇති දඩුවම් ක්‍රම සමහරක් (රජ කාලෙ ක්‍රම) වෙනස්කර ඇත්තේ ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමනය කිරිමෙන් පසුව බව සදහන් වේ වර්තමානයේ පවතින එල්ලා මැරීම හදුන්වා දී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් වේ .

    ලංකාවේ එල්ලුම ගහ ගැන

    images


    • 1779 සැප්තැම්බර් මස 23දා පණ නිරුද්ධ වනතුරු එල්ලා මැරීමේ ක්‍රමය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
    • 1779 සැප්තැම්බර් 23 මරණ දඩුවම පිළිබඳ ආඥා පනත සම්මත වෙලා.
    • 1802දී පණ නිරුද්ධ වනතුරු එල්ලා මැරීමේ ක්‍රමය නීති සඔග්‍රහයට ඇතුලත් කර ඇත . එතැන් සිට රජ කාලේ දඩුවම් තහනම් වෙලා.
    • එහෙත් 1818 නොවැම්බර් 26දා මහනුවර කැරැල්ලෙදි අල්ලගත්ත කැප්පෙටිපොල නිල්මෙතුමා හිස ගසා මරලා තියෙන්නේ ඉඔග්‍රීසි ජාතිකයන් විසින්ම තමන්ගෙ නීති කඩමින් බව සදන් වේ .
    • බන්ධනාගාර ඉතිහාසයේ මුලින්ම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1812 පෙබරවාරි 10 මුල්ම පෝරකය හදලා තියෙන්නේ එලිමහනෙ .
    • ඉංගිරියේ කලු අප්පු යන අය මුලින්ම එල්ලලා තියෙන්නේ. ඒ පෑලියගොඩ නගරයේ ඉදිකරපු තාවකාලික එල්ලුම්ගසක් යොදා ගනිමින් .
    • එල්ලුම් ගහට නියම වුනු පළමු කාන්තාව ඩිංගිරි මැණිකා , ඒහෙත් අවසානයෙ ඇයටකා ට ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් ලැබී ඇත්තේ සිය කුඩා දරුවා නිසා බව කියැවේ .
    • 1871 මැයි 25 මුල්ම පෝරකය බන්ධනාගාරයක් තුල වැලිකඩ බන්ධනාගාරයේ ඉදිකර ඇත .
    • බන්ධනාගාරයේ අවසාන වරට එල්ලලා තියෙන්නේ 1976 ජුනි 23. ඒ ජේ.එම්. චන්ද්‍රදාස (හොද පපුවා) යන අයෙකි මොහු තිස්සමහාරාම යෝධකන්ඩිය ප්‍රදේශයේ විසූ අයෙකි .
    • බෝගම්බර අවසන් වරට එල්ලා මරණ ලද්දැයි සදහන් වන්නේ ටී.එම්.ජයරත්න හා ඩී.රිචඩ් . යන අයයී ඒ 1975 නොවැම්බර් 20 සහ 21 දවස් දෙකේදිය .
    images
    images
    images

    මෙතෙක් ලංකාවෙදි එල්ලලා මරණ ලද පිරිස මෙසේය .

    1885-1916 දක්වා 850යි

    1917-1922 දක්වා 266යි

    1923-1941 දක්වා 663යි

    1946___ වර්ෂයේදි 33යි

    1947-1956 දක්වා 258යි

    1961-1976 දක්වා 106යි
    එකතුව 2173 යි .

    ශ්‍රී ලංකාවේ දැනට පවතින එල්ලුම් ගස් දෙකක් වේ එකක් පිහිටා ඇත්තේ මා කලින් සදහන් කල ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරයේය . අනික බෝගම්බරය . සදහන් වන ආකාරයට මේ දෙකම අදටත් හොද සක්‍රීය තත්වයේ ඇත .

    images

    images
    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

     

    infojaye

    Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    Ape thaththa mata punchima kale kiyapu deyak mathk uma machanz la...

    "Police and court not for the good people" :sorry:

    Thaththa nethi wenakota mata yantham awruda 7i...


    Many thanks for share this bro.... :yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරය බෝගම්බර බන්ධනාගාරය වේ මෙයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාසීන් විසින් 1876 ඉදිකරන ලද්දකි . මහනුවර නගරයේ පිහිටා ඇති මෙය ඉදි කිරීමට වැයවූ මුදල රු -3,65,365.00 ලෙස සදහන් වේ

    ඈ බන් බෝගම්බර හදල තියෙන්නේ Over Draft එකක් අරන්ද ? :eek:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දිරිමත් කරන හැමෝටම ස්තුතියි ....!!
    ……මගේ බ්ලොග් එකට ගිහින් බලන්න....
    …
    …" ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.


    http://upullive.blogspot.com/

    images
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මේවා තිබුනට වැඩක් නැහැ බන් 1ක් වත් එල්ලන්නේ නැහැ.සෙට් 1ක් එල්ලලා දැම්මනම් අපරාද අඩු වෙනවා බන්