මර්වින් වෙස්වලාගෙන ඔබ අතරට
මහජන සම්බන්ධතා පිලිබඳ කැබිනට් අමාත්‍ය තැන්පත් මර්වින් සිල්වා මහතා සාමාන්‍ය මිනිසෙක් සේ වෙස් වලාගෙන ජනතාව අතර ගැවසෙමින් ජනතා ප්‍රශ්න හදුනාගන්නා බව ප්‍රකාශ කරයි.වෙස් වලාගෙන මහජනතාව අතර සැරිසැරීමෙන් මහජන දුක් ගැනවිලි, ප්‍රශ්න ඉතා හොඳින් අවබෝද කර ගත හැකි බවත්, සැමියා සහ බිරිඳ අතර පවතින සියුම් ප්‍රශ්න පවා මේ මගින් අවබෝධ කරගෙන ජනපතිතුමා හරහා විසඳීමට ක්‍රියා කරන බවත් ඔහු පැවසීය.මේ ක්‍රමය සාර්ථක ලෙස පුරාතනයේ ජීවත් වූ අග්බෝ රජුන් විසින් අත්හදා බැලූ බවද මර්වින් සිල්වා පවසයි.
ඒ අනුව යාචකයෙක් ලෙස, රොඩියෙක් ලෙස, බුලත් විට විකුනන්නෙක් ලෙස, සපත්තු මහන්නෙක් ලෙස, ජංගම රස කැවිලි, ලොතැරැයි වෙලෙන්දෙක් , සාස්තර කියන්නෙක් ලෙස වෙස්වලා ගනිමින් ජනතාව අතර ගැවසීමට මර්වින් සිල්වා මහතා තීරණය කර ඇත. තවද පොලිස් නිලධාරියෙක් ලෙස, ත්‍රී විල් රියදුරෙක් ලෙස පමනක් නොව ජංගම කරණවෑමියෙක් ලෙසද ගෙන් ගෙට යමින් ජනතා ප්‍රශ්න හදුනා ගැනීමටත්, මේ ප්‍රශ්න ජනපතිතුමා වෙත යොමු කිරීමටත්,එමගින් කඩිනම් සහන ලබාදීමටත් ඔහු තීරණය කර ඇත.
මර්වින් සිල්වාගේ කැබිනට් අමාත්‍යංශයට කිසිදු රාජ්‍ය ආයතනයක් නැති අතර, කිසිදු විෂයක් අයත් වන්නේද නැත.

Last edited: