මර්වින්ව අත්අඩංගුවට ගැනීමට ගෝඨා නියම කරයි!Har, Creative boruwa ne...
2013 ජනවාරි 08 වෙනි අඟහරුවාදා, 13:51 සාමාන්‍ය
Share
හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වන ‘සිංගප්පූරු සරත්’ නොහොත් ‘බාර් සරත්’ හෙවත් සරත් එදිරිසිංහ පොලීසියට දී ඇති කට උත්තරයේ සඳහන් වන්නේ හසිත මඩවල මන්ත්‍රීවරයා මරා දැමීම සඳහා තමා වෙත කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඇමති මර්වින් සිල්වා බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ කාර්යාලයේ රඳවා ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමෙන් පසු මර්වින් ඇමතිවරයා ව අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග නිකුත් කොට ඇත.
අමාත්‍ය මර්වින් සිල්වා අද දවස පුරා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දුරකතනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාත්‍ය මර්වින් සිල්වා ව මඟ හරිමින් සිටින බව ඔහුගේ කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි.