"මරාට එරෙහිව" fb ගෘපයට එකතුවෙමු........

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    "මරාට එරෙහිව" fb ගෘපයට එකතුවෙමු........

    හලෝ යාලුවනේ...මරා අයෙ පාරක් රට කන්ඩ වගේ ලෑස්ති වෙන්නේ ..විලි ලැජ්ජාවක් තියෙනේවනන් ජනාධිපතිවෙලා ඉදලා අයේ මන්ත්‍රී වෙන්ඩ දගලයිය....අනික ලැජ්ජ බය නැති මිනුහට කරන්න බැරි මොනවද.ඒ හින්දා අපි හැදුවා "මරාට එරෙහිව" කියලා එෆ් බී ගෘප් එකක්...සන්ධාන,යූ ඇන් පී,ජේවීපි, ප්‍රජත්‍රන්ත්‍රවාදී හැමෝම සාදරයෙන් පිලිගන්නවා...මෙතතින් එමු>>>>>>>>>>>>>>>>>>>>> https://www.facebook.com/groups/463232370524227
     
    Last edited:
    • Like
    Reactions: roma3547

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න බබෝ අලි එනවා
    මැද මුලනම වනසනවා :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මරා එක්කම වලපල්ලට යැවිය යුතු මිලේච්ච බල්ලා

    TtxsM83.jpg
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ;

    රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි.

    බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි.

    මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමයි.

    බැඳුම්කර නිකුත් කරන එක ක්‍රමයක් වන්නේ බැඳුම්කර වෙන්දේසියයි.

    බැඳුම්කර වෙන්දේසි හරහා මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමනි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක් ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය,

    මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම්කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 ක්, 15ක් හෝ 30ක් වශයෙනි.

    බැඳුම්කර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්‍රාථමික වෙළදුන්ගෙන් ඒ සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමයි. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනියි.

    සාමාන්‍යයෙන් රජයෙ ණය අවශ්‍යතාවයෙන් 10%-20% පමන ප්‍රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්‍රාථමික වෙළඳුන්, සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සමාගම් සමග ඍජුව ගනුදෙනු කරමිනි. මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්‍රමවේදයකි. ඒ තමුන්ගේ මුලු අවශ්‍යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය.

    මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්‍රනයක් තුලිනි.

    සිදු වූයේ කුමක්ද?

    2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 ක කාලසීමකට යටත් රුපියල් බිලියන් 1 ක බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවයි. වෙන්දේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය.

    සුපුරුදු පරිදි ප්‍රාථමික වෙළඳ ආයතන 16 ම වෙන්දේසියට සහභාගී වූහ.

    ඒ මොහොතේ රටේ පැවති පොලී අනුපාතයන්ට අනුව මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන් 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්‍යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්‍රමානයන්ය.

    පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ක ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ක ගිනි පොලියකටය. සාමන්‍ය තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන් 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි.

    එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල්‍ය වංචාවක පලමු පියවර විය.

    රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්‍රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය.

    අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.


    මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකි.

    අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති වශයෙන් පත්කරනාවිට එයට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විරුද්ධ වුයේ මෙම මාමා බෑනා සම්බන්ධය නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අන් ප්‍රාථමික වෙළඳුන්ට නැති වාසියක් ලැබෙනු ඇත කියාය. එහෙත් ඒ කිසිවෙකුට සවන් නොදී අත්තනෝමතික තීරණයක් ගත් රනිල් වික්‍රමසිංහ රටට පැවසූවේ අර්ජුන ඇලෝසියස් මෙම සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් අස්වී ඇති බවත් අර්ජුන් මහේන්ද්‍රන් පිලිබඳ සම්පුර්ණ වගකීම භාරගන්නා බවය (චම්පික රණවක)

    රනිල් හැමදාමත් හිතුවේ රට වැසියන් බූරුවන් කියාය. අර්ජුන අධ්‍යක්ෂ කමෙන් අස්වුනාට සමාගමේ අයි තිය ඔහුගේ සහ පියාගේය. ඒ නිසා සමාගමේ තීරණ ගන්නේ කවුද කියා හිතාගන්නට බුරුවෙකුට උනත් පුලුවන.

    එදා මාමා බැණා සම්බන්ධය ගැන බොහෝ දෙනෙකු කී, රනිල් යම් කපටි අරමුණක් නිසා පිලිනොගත්, අනාවැකිය අද ඇත්ත වී ඇති ආකාරය වටහාගන්නට පහත දැක්වෙන කරුණ පමනක්ම ප්‍රමාණවත්ය.

    2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකුවට බැඳුම්කර රුපියල් බිලියන 3.275 කට ලංසු ඉදිරිපත් කල නමුත් දිනා ගත හැකිවුයේ රුපියල් මිලියන 27ක් වටිනා බැඳුම්කර පමනි. සාර්ථකත්වය 1% ටත් අඩුය.

    නමුත් මාමා අධිපති උනාට පසු 2015 පෙබරවාරි සිට මැය් දක්වා මාස 4දී පමනක් බැඳුමකර රුපියල් බිලියන 32.425 කට ලංසු ඉදිරිපත් කර රුපියල් බිලියන 14.75ක් වටිනා බැඳුමකර දිනා ගෙන ඇත. ගනුදෙනුවල සාර්ථකත්වය 45% කි. මාස හතරකින් මේ ප්‍රාතිහාර්‍යය කරන මට්ටමට බෑණාගේ සමාගම දියුනුවූයේ මාමාගේ අනුහසින් නොවේද ?


    දැන් අපි අදාල සිද්ධියට ආපසු යමු. 27 දා වෙන්දේසිය අවසන් වීමට නියමිතව තිබුනේ උදේ 11 ටය. වෙන්දේසිය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බංකුවට යම් බලවතෙකුගෙන් දුරකතන ඇමතුමක් ලබුනි. ඉන් ඉල්ලා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන් 2.5 ක ලංසුවක් තබන ලෙසය්. මෙතරම් විශාල මුදලක් රාජ්‍ය බැංකුවකින් මෙතරම් සුලු කාලයකින් වෙන් කරන්නටනම් එම දුරකතන ඇමතුම පිටුපස තිබිය යුත්තේ කිසිවෙකුට බෑ නොකිය හැකි බලයකි.

    ලංකා බැංකුවේ නිලධාරීන් එක ඉල්ලීමක් පමනක් කලහ. ඒ ඔවුන්ට අවශ්‍ය අත්සන් ලබා ගන්නා තෙක් වෙන්දේසිය උදේ 11.10 වන තුරු ප්‍රමාද කල හැකිද කියාය. දුරකථන ඇමතුම දුන් තැනත්තා එසේ කිරීමට පොරොන්දු විය.

    මේ සිද්ධිය කරලියට එන්නේ පසුගියදා යටපත් කරන ලද කෝප් කමිටු පරීක්ෂණයේදීය. මෙම දුරකථන සාකච්ඡාවේ පටිගත කරන ලද කොටස් කෝප් කමිටුව ලබාගෙන තිබුනි.

    ඊලඟට සිදුවන්නේ මහබැංකු ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයකි. උදේ 10.45 ට මහ බංකු අධිපති කඩිමුඩියේ වෙන්දේසිය පැවත්වෙන කාමරයට පැමිණෙයි. මීට පෙර කිසිදිනක මහ බැංකු අධිපතිවරයෙකු බැඳුම්කර වෙන්දේසියක් අතරමැද වෙන්දේසිය පැවත්වෙන තැනට පැමිණ නැත. ඔහු වෙන්දේසිය අවසන් වන තුරු එහි රැඳී සිටියේය. ඔහු මොනවා සඳහා එහි ආවාදැයි තේරුම් ගැනීමට කල යුත්තේ වෙන්දේසිය අවසන් වූ කාලය පරීක්ෂා කිරීම පමණි. වෙන්දේසි කොලයේ පැහැදිලිවම සටහන් කර තිබෙන පරිදි වෙන්දේසිය අවසන් වී තිබෙන්නේ ප්‍රාථමික වෙළඳුන් 16ට කලින් දන්වා තිබූ පරිදි උදේ 11 ට නොව, ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉල්ලා සිටි පරිදි උදේ 11.10 ටය.

    මහ බැංකු අධිපති තනතුර යනු කාර්‍ය බහුල රැකියාවකි. නමුත් අඅර්ජුන් මහෙන්ද්‍රන් 27 දා සම්පූර්ණ අවධානය දී තිබුනේ නිලධාරීන් විසින් කරනු ලබන මහබැංකුවේ එදිනෙදා සාමාන්‍ය කටයුත්තක් වන බැඳුම් කර වෙන්දේසියට ඇඟිලි ගැසීමටය. ඔහු දහවල් 12.30 ට දෙවන වරටත් වෙන්දේසි කාමරයට පැමිණියේය.

    මේ වන විට නිලධාරීන් වෙන්දේසිය අවසන් කොට ලිපි ලේඛන සකස් කරමින් සිටියහ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉදිරිපත්වූ බිලියන් 15ත් සමග මුලු ලංසු ප්‍රමානය රුපියල් බිලියන් 20.7 ක් විය. බිලියන් 1 බැඳුමකර නිකුතුවට සුදුසුකම් ලබා තිබුනේ ආයතන 7 කි. ඉහලම පොලී අනුපාතය වූයේ 10.45% කි. 12.5% ගිනි පොලියට ලංසු තබා තිබුන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සුදුසුකම් ලබා තිබුනේ නැත.

    මේ දුටු මහබැංකු අධිපති පුදුමාකාර නියෝගයක් දුන්නේය, ඒ රුපියල් බිලියන් 20.7ක් වන සියලු ලංසු පිලිගන්නා ලෙසය්. එසේ කලානම් ඇලොසියස් බෑණාගේ 12.5% ගිනි පොලියට දෙන රුපියල් බිලියන් 15 ම රජය ණයට ගන්නට තිබුනි. එයින් බැණා ලබන්නට තිබුනේ එසේ මෙසේ ලාබයක් නොවේ.


    නමුත් වෙන්දෙසිය බාරව සිටි අවංක නිලධාරීහු මෙය තරයේ ප්‍රතික්ෂේප කලහ. ඔවුන් පෙන්නා දුන්නේ 10.45% පොලියට වෙන්දේසිය අවසන් කොට රජයෙ ඉතුරු මුදල් අවශ්‍යතා 10.45% උපරිම පොලියට යටත්ව ඍජු සාකච්චා මගින් ලබා ගැනීමේ සම්ප්‍රදාය කැඩුවොත් රජයට විශාල පාඩුවක් වන බවය.

    ආපසු හැරී ගිය මහ බැංකු අධිපති බැඳුම්කර ටෙන්ඩර් කොමිටියේ රැස්වීමක් දහවල් 12.45 ට කැඳවීය. 1.10 නිකුත් වූ කමිටු වාර්තාවෙන් උපදෙස් දී තිබුනේ බාරගන්නා ලංසු ප්‍රමාණය රුපියල් බිලියන 10 දක්වා වැඩි කරන ලෙසයි. මෙම කමිටුවද මෙම යෝජනාවට වැඩි කැමැත්තක් නොදැක්වූ බව පෙනෙන්නේ එක් අවංක නිල්ධාරියෙකු තම අත් අකුරින් එම වාර්ථාව මත " බාර ගන්නා ලංසු ප්‍රමාණය වැඩිකරන්නේ මහ බැංකු අධිපතිගේ උපදෙස් මතය" කියා එදා ලියා තිබෙන නිසාය.මෙම සටහනද කෝප් කමිටුවට ලැබී ඇත.


    කෝප් කමිටුව විසින් සොයා ගත් කරුණු අනුව මහ බැංකු ලොක්කා පෞද්ගලිකවම සම්බන්ධ වී මෙය කල බව ඉහත කී කරුණු වලින් ඉතා පැහදිලිය.

    මහ බැංකු අධිපතිගේ මෙම ක්‍රියා කලාපය නිසා සිදුවුයේ කුමක්ද ?

    පළමුව අර්ජුන ඇලොසියස් බෑනා රුපියල් බිලියන 7.5ක් පමණ මුදලක් 12.5% ගිනි පොලියට 30 අවුරුදු කාලයකට මහ බැංකුවට ණයට දීමට සමත් විය. මේ වන විට රටේ තිබුන පොලී අනුපාතය 9.5% පමන වෙයි. ඉතින් ඇලෝසියස් බෑනා මේ ගිනි පොලියට මහබැංකුවට ණයට දෙන්නේ ඔහුගේ අම්මා අප්පාගේ මුදල්ම නොව වැඩි හරියක්ම 9.5% අඩුපොලියට රජයේ බැංකු වලින්ම ණයට ගත් මුදල්ය. ඒ හැම රුපියලකටම ඔහු 3% පමන ලාබයක් උපයයි. ඒ වසරකටය. බිලියන 7.5ක බැඳුම්කර අවුරුදු 30 ක් වලංගුය.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කරන්නේ එම ලාබය පෙන්නා මෙම බැඳුමකර දින කිහිපයක් තුල රජයේ බැංකු, රක්ෂණ සමාගම් හා විදේශ අයෝජකයන්ට විකුනා දැමීමය. ඒ අනුව තමන්ගේ සියලු ණය පියවා දින කිහිපයකින් කෝටි ගනනක අති විශාල ලාබයක් ඉපයීමට මහ බැංකු අධිපතිගේ පවුල වාසනාවන්ත විය.

    දෙවනුව රජයට මෙම ගනුදෙනුව නිසා විශාල පාඩුවක් සිදුවිය. 10.45% පොලියට ණය ගන්නවා වෙනුවට බැඳුම්කර සීමාව බිලියන 10ට නැංවීමට ගත් තීරණය නිසා දල පොලී අනුපාතය 11.7% දක්වා වැඩිවිය. මෙම වැඩිවීම ඉන්පසු රජය ලබාගන්නා සියලු කෙටි මධ්‍යම හා දිගුකාලීන ණය වල පොලියට බලපායි. මේ අනුව මාර්තු , අප්‍රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන් 59 කට වැඩියැය් ඇස්තමේන්තුගත කර ඇත. මේ මුදලින් සංවර්ධන කටයුතු රැසක් කරන්නට තිබුනි. උදාහරනයක් ලෙස රජයට වූ මාස හතරක පාඩුව පමනක් මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. එසේම එය උසස් අධ්‍යාපනය සඳහා රජය වසරකට වැය කරන රුපියල් බිල්යන 23 හා අධ්‍යාපනය සඳහ රජය වසරකට වැයකරන රුපියල් බිලියන් 30 එකතුවට වඩා වැඩි මුදලකි. දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින 100 කෙරුවා මෙයින්ම වටහා ගත හැක.

    බැඳුම්කර මගඩිය එලියට ආවේ ආණ්ඩුව කිසිදිනෙක අපේක්ෂා නොකල ආකාරයකටය. සාම්ප්‍රධායික ප්‍රවෘතී නාලිකාවල හෝ පුවත්පත්වල මෙම විශය සාකච්චාවන්නට පෙර වෙබ් අඩවි හරහා මගඩිය වාර්ථා විය.

    දූෂණ මර්ධනය සිය මූලික තේමාව කරගෙන බලය ලත් යහපාලන ආන්ඩුවෙන් ඕනෑම අයෙකු බලාපොරොත්තු වූයේ රජය මෙම සිද්දිය ගැන පැහැදිලි විමර්ෂණයක් කරනු ඇත කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි. සිද්ධිය වාර්ථාවූ සැනෙකින් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පහුවදාම කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙ කිසිදු වංචාවක් සිදුවී නැති බවය. ඒ පිලිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ඔහු එසේ ප්‍රකාශයක් කරන්නේ කෙසේද ?


    දෙවනුව ප්‍රශ්ණය කරට ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහු මේ ප්‍රශ්නය යට ගහන්නට නොකළ තොවිලයක් නැත.පලමුව ඔහු පාර්ලිමේන්තුව තුල අර්ජුන් මහෙන්ද්‍රන් නිදොස් කරන්නට කතා කළේ ය. දෙවනුව තම මහ බැංකු අධිපතියා ගැන සොයනවා වෙනුවට හිටපු මහ බැංකු අධිපති නිවඩ් කබ්‍රාල්ට දිගට හරහට බනින්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තුව තුල හා පිටත විරෝධය නවතා ගන්නට බැරි වන විට ප්‍රශ්ණය විමර්ශණය කරන්නට කියා මුල්‍ය විශය ගැන කිසිදු අවබෝධයක් නැති එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයන් වන නිතිඥයන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය. ඔවුන්ට තාක්ෂණ උපදෙස් ලබා දෙන්නට පත් කළ හිටපු මහබැංකු උප අධිපති කෙනෙකු අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ ක්‍රියාපටිපටිය සැක සහිතයැය් කී විට ඔහුගේ අදහස් කමිටු වාර්තාවෙන් ඉවත් කොට මහෙන්ද්‍රන් සුද්ද වෙන වාර්ථාවක් ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පක්ෂයේම තිදෙනෙකු ලවා වැරදි නඩු නිමිත්තකට ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් දම්මවා එය ප්‍රතික්ෂේප කරවාගෙන අධිකරණයෙන් මහෙන්ද්‍රන් නිදොස් කළ බැව් බොරු ප්‍රචාරයක් ගෙන යමින් මහජනතාව රවටන්නට බොහෝ සේ උත්සාහ කලේය. අවසානයේ කෝප් කමිටුව හොරකම අල්ලාගත් පසු වාර්ථාව එලියට එන්නට පෙර සිරිසේනට කියා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තේය.

    බිලියන ගණනාවක වංචා වහන්නට රටේ අගමැති හා මුදල් ඇමති මේ තරම් කැපවීමකින් කටයුතු කළේ ඇයි කියා සිතන්නට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. මේ සිද්ධියට සම්බන්ධ ආයතන 4 ක් ඇත. ඒ මහ බැංකුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම, මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුවය. මේ සියලු ආයතන වලට සම්බන්ධයක් තියෙන ඒ සියලු ආයතන වලට නියෝග හා උපදෙස් දීමට සමත් පුද්ගලයා කවුද ?

    කෝප් කමිටුව නොවන්නට මේ සිද්දිය කෙසේ හෝ යට ගහන්නට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමත් වනු ඇත. ඔවුන්ගේ මුල් වාර්ථා වලින් කියවුනේ අර්ජුන මහෙන්ද්‍රන් ඉතා අහිංසක බවත් බැඳුම්කර සිද්දියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් ඍජුව නැති බවත්ය. අර්ජුන මහෙන්ද්‍රනුත් දිගින් දිගටම කීවේ එයමය.

    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.

    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජන් මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.

    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.

    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුම්කර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය
    .

    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතැන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.

    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට චෝදනා එල්ලවී වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.

    මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් ජූනි 26 දා කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.

    රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දමන බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය.

    මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් සැබෑ හොරුන් කවුදැයි ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වන නිසා මෛත්‍රීට උපදෙස් ලැබුනේ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය අන්තර්ජාල මාධ්‍ය හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියාය. එහෙත් අපේ රටේ මිනිස්සු ඔවුන් සිතනා මෙන් මෝඩයන් නොවේ. මෝඩයා කවුද කියා අගොස්තු 18 ජනතාව පෙන්නා දෙනු ඇත.

    Source : Facebook
    dsad
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කබ්රාල් අර්ජුන් හා.......නොවෙනස් ගමන් මග හෙව්ත් දෙවන කබ්රාල්


    පාඩුව දිනෙන් දින පැටව් ගහන 'බැඳුම්කර මගඩිය'



    දේශපාලනය සහ ආර්ථිකය යන්න නිරන්තරයෙන් එකිනෙකට බැඳී පවතින්නකි. එය ඉරක්‌ ගසා එකිනෙකින් වෙන් කළ හැකි දෙයක්‌ද නොවේ. මේ නිසාම දේශපාලන ආර්ථික විද්‍යාව (Political economics) කියා විෂයක්‌ද බිහිව තිබේ. එහෙත් මේ අප සූදානම් වන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව කුමක්‌ද කියා පැහැදිළි කිරීමට නම් නොවේ. එහෙත් මේ දෙය අප කීවේ නිකන්ම නොව හේතුවක්‌ ඇතිවය. මහ බැංකුව විසින් සිදුකරන භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව ආර්ථික කාරණයක්‌ වුවත් මේ දිනවල රටේ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන "බැඳුම්කර මගඩිය" ගැන කරුණු කීමට හැකි වන්නේ මේ කියන දේශපාලන ආර්ථිකය (Policitical economy) තුළය. ඒ නිසා ඇතැම් දේවල් හුදු ආර්ථික කරුණු ලෙස මතුපිටින් පෙනුනත් ඒවාට දේශපාලන පසුබිමක්‌ද තිබේ. මේ බැඳුම්කර මගඩිය ගැන කරුණු කියන විට ඇතැම් දේශපාලනඥයන් භූමි තෙල් ගෑවුණු ගැරඬින් මෙන් දඟලන්නේ ඇයි? එයට හේතුව ඇතැම් විට මේ කියන "දේශපාලන ආර්ථිකය" කියන කරුණ නිසා විය හැකිය. ඒ නිසා දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙයට ඇත්තේ තනිකර ආර්ථික පසුබිමක්‌ පමණක්‌ද නොවේ.

    පාඩුව දිනෙන් දින පැටව් ගහන
    'බැඳුම්කර මගඩිය'

    රජය වෙනුවෙන් ණය ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. භාණ්‌ඩාගාර බිල්පත් මෙන්ම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද මහ බැංකුව ණය රැස්‌ කරයි. ඒ නිසා රජයට ණය ගැනීම සඳහා මහ බැංකුව විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම අමුතු දෙයක්‌ නොවේ. එහෙත් දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් පෙබරවාරි 27 දින සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී නම් අමුතු දේවල් සිදුව ඇති බව මේ විට රටටම හෙළිදරව් වී හමාරය. මෙගා ඩීල් චෝදනා එල්ල කළ මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවා පත්කර ගත් වත්මන් රජයටද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. එම මගඩිය නිසා පොලී වියදම ඉහළ යැමෙන් රජයට මේ වන විට සිදුව ඇති පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවටද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. එසේ නම් මෙය එසේ මෙසේ මෙගා ඩීල් එකක්‌ නොවේ. පසුගිය රජයේ සියලු මෙගා ඩීල් වලටත් එහා ගිය එකකි. පොලී අනුපාතයට සිදුවූ බලපෑම හමුවේ මේ පාඩුව දිගින් දිගටම ඉහළ යමින්ද තිබේ. ඒ නිසා මේ චෝදනා එල්ල වී ඇති "බැඳුම්කර මගඩිය" තුළ කවුරු ඩීල් දමා තිබුණත් නැතත් මහජනතාවට සිදුවන හානිය සිදුව තිබේ. තවදුරටත් සිදුවෙමින් ද තිබේ. අද දිනයේ අප මේ ගැන වඩඩාත්ම කතා කළ යුතු වන්නේද මේ නිසාය. එනම් මේ පාඩුව රජයට සිදුවූවා යෑයි කීවත් අවසානයේ මෙහි බර දරන්නේ සමස්‌ත බදු ගෙවන මහජනතාව විසින්ම වීමයි.

    පසුගිය පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පාඩුව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. ඒ අනුව එහිදී සිදුවූ පාඩුව කුමක්‌ද? එහි අගය වරින්වර වැඩි වන්නේ කෙසේද? එසේ පාඩුවක්‌ සිදුවීමට බලපෑ හේතුව කුමක්‌ද සහ එම පාඩුව පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් පසු පැවැති අනෙකුත් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලදී ද පාඩුවක්‌ සිදුවීමට (පොළී වියදම ඉහළ යැමට) බලපාන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසක්‌ තවමත් ජනතාවට තිබේ. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමග සාකච්ඡා කොට මේ ගැන පැහැදිලි කිරීමට මේ ලිපියෙන් අපි අදහස්‌ කරමු.

    චෝදනාවට ලක්‌ වී ඇති පසුගිය පෙබරවාරි 27 දින, මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ ගියේය. එහෙත් එම වෙන්දේසියට පෙර වෙළෙඳපොළේ පැවැති සාමාන්‍ය පොළිය සියයට 8.85 ක්‌ පමණ වූ බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ අනුව සියයට තුනකට ආසන්න අගයකින් පොළී අනුපාතයේ ඉහළ යැමක්‌ සිදුව තිබේ. මේ නිසා රජයට අති විශාල පාඩුවක්‌ සිදු වෙයි. එය සිදුවන්නේ පොළී අනුපාතය ඉහළ යැම හේතුවෙන් රජයට වැඩි පොළී වියදමක්‌ දැරීමට සිදු වීම නිසාය. එහෙත් එම පොළී අනුපාත ඉහළ යැම. වෙළෙඳපොළ අනුපාතවලට සිදු කළ බලපෑම හමුවේ, ඊට පසුව නිකුත් කරන භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසිවලට ද අහිතකර ලෙස බලපානු ලබයි. එනම් එම වෙන්දේසිවලදී තීරණය වන සාමාන්‍ය පොළී අනුපාතය ඉහළ යැමට ද එය හේතු වන බවයි. ඒ නිසා වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යැමේ බලපෑම හමුවේ පෙබරවාරි 27 දින නිකුත් කළ බැඳුම්කරයෙන් සිදුවන පාඩුවට අමතරව ඉන් පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකින්ම රජයට පාඩුවක්‌ සිදු වේ. වෙනත් වචනවලින් කියනවා නම් වැඩි පොළී වියදමක්‌ දරන්නට සිදු වේ. රජය දරනවා යනු මේ වියදම අවසාන වශයෙන් දරන්නේ, මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාවයි. ඒ නිසා මහ බැංකුව විසින් ගත් වැරදි තීරණයක්‌ හේතුවෙන් තමන් නොකළ වරදකට දඬුවම් විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ බදු ගෙවන මහජනතාවටය.

    පෙබරවාරි 27 දින සිදු කළ 30 අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මුලින් ලබා ගැනීමට අපේක්‍ෂා කළ ණය ප්‍රමාණය රු. බිලියනයකි. එනම් කෝටි සියයකි. එහෙත් වෙන්දේසියේදී රු. බිලියන 10.058 ක වටිනාකමක්‌ සඳහා වන ලංසු පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් මීට පෙරත් බැඳුම්කර වෙන්දේසිවලදී මුලින් ලබාගැනීමට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක්‌ සඳහා ලංසු පිළිගෙන ඇති බව සැබෑය. එහෙත් නිකුත් කළ අගය මෙන් දස ගුණයකටත් වඩා ලංසු පිළිගැනීම නම් සාමාන්‍ය තත්ත්වයක්‌ නොවේ. ඒ තුළ වැඩි පොලියට ඉදිරිපත් කර තිබූ ලංසුද මහ බැංකුව විසින් පිළිගැනීම හරහා වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ යැම සිදුවිය. දැන් බිලියන 10 ක්‌ දක්‌වා වන ලංසු පිළිගැනීමට තීරණය කළේ කවුද සහ කාගේ උපදෙස්‌ මතද යන්න පිsළිබඳ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබේ. පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කෙරුණේ මහ බැංකු අධිපතිවරයා රු. බිලියන 10 ක්‌ දක්‌වා මුදල් රැස්‌කරන ලෙස උපදෙස්‌ ලබාදුන් බවට, රාජ්‍ය ණය අධිකාරීවරිය අදාළ ලේඛනයක සහනක්‌ තබා ඇති බවයි. එම සටහන ඇතුළත් ලේඛනය මාධ්‍යයටද පෙන්වනු ලැබිණි. එම සටහන බැඳුම්කර නිකුතුව ගැන විමර්ශනය කරන්නට පත්කළ කෝප් කමිටුවේ සාමාජික සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ම මේ වන විට දැක ඇත. එසේම රු. බිලියන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌a කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් උපදෙස්‌ ලබාදුන් බවට මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරිය සටහනක්‌ යොදා ඇති බව මේ වන විට මාධ්‍ය හරහා මේ රටේ මහජනතාව ද දන්නා කාරණයකි. දැන් එය සැඟවිය නොහැකිය. රු. බිලයන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌ කිරීමේ තීරණය මහ බැංකුවේ ටෙන්ඩර් කමිටුව විසින් ගත් තීන්දුවක්‌ බවටත්, ඒ සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක්‌ නොමැති බවටත් ලෝකයට පෙන්වා දීමට බරපතළ උත්සාහයක්‌ තිබුණද එය මේ වන විට අසාර්ථක වී තිබේ. එයට හොඳම සාක්‍ෂිය වන්න් රාජ්‍ය ණය අධිකාරිවරිය තැබූ මේ සටහනයි. ඇය මෙවැනි සටහනක්‌ තබන්නට ඇත්තේද අනුන්ගේ පව් තමන්ට කරගසන්නට වේ යෑයි සිතා, මතු ආරක්‍ෂාවට විය හැකිය. ඒ නිසා පොලී අනුපාතය ඉහළ යැමට තුඩු දුන්නේ වැඩි පොලියකට ඉදිරිපත්ව තිබූ ලංසුද ඇතුළත්ව රු. බිලියන 10 දක්‌වා අරමුදල් රැස්‌ කිරීමට මහ බැංකු අධිපතරවියා දුන් උපදෙස්‌ නිසා නොවේද? තියරියට අනුව නම් මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයකු නොවන බවත්, මේ තීරණය ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් බවටත් කියා සිටින්නට පුළුවන. එහෙත් එය එසේ නොවන බව මේ වන විට රට වැසියාට හෙළිදරව් වී අවසන්ය.

    පෙබරවාරි 27 වැනි දින නිකුත් කළ බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළ යැම හරහා රටට පාඩුවක්‌ සිදුවූ අතර එම අගය රු. කෝටි 870 ක්‌ බවට ඇස්‌තමේන්තු කර තිබේ. මෙහිදී පාඩුව යෑයි අර්ථකථනය කරනුයේ රජයේ පොලී වියදම ඉහළ යැමයි. මේ අගය ගණනය කළේ කෙසේ ද? මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පවසන පරිදි පෙබරවාරි 27 දිනට පෙර පැවැති පොලිය සියයට 8.85 ක්‌ ලෙස සැලකුවහොත් එම අනුපාතය යටතේ මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයේ වසරක පොලී වියදම රු. මිලියන 890 කි. (රු. මිලියන 10,058 Ü 8.85%) එසේම සියයට 11.73 කට වැඩි වූ සාමාන්‍ය පොළී අනුපාතය අනුව වසරකට වැය වන පොළිය රු. මිලියන 1180 කි. ඒ අනුව එම තිස්‌ අවුරුදු බැඳුම්කරයට පමණක්‌ වසරකට වැඩියෙන් ගෙවීමට සිදුවන පොළී මුදල රු. මිලියන 290 ක්‌ වේ. එම බැඳුම්කරය 30 ස්‌ අවුරුදු බැඳුම්කරයක්‌ වන නිසා වසර 30 ක කාලයට දැරීමට සිදුවන අතිරේක පොළී වියදම මිලියන 8700 කි. එනම් රු. කෝටි 870 කි. එහෙත් පොළී අනුපාත ඉහළ යැම හමුවේ මෙය ඉන්පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකටම මේ අහිතකර තත්ත්වය බලපෑම නිසා ඒවායෙහි රජයේ ණය පොළී වියදම ද ඉහළ ගොස්‌ ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දෙන කරුණකි. ඒ සෑම වෙන්දේසියකදීම පොළී වියදම ඉහළ යැම එක්‌ වසරකටත්, අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කරයේ හෝ බිල්පතේ පරිණත කාලය (කල් පිරෙන කාලය) අනුව සිදුවන මුළු පොළී වියදම ඉහළ යැමත් ගණනය කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. මේ ලිපිය ලියන විට අවසන් වරට (2015.07.02 දින) පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක දක්‌වා රජයේ මුළු පොළී වියදම ඉහළ යැම රු. මිලියන 59,211 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ. එනම් රු. කෝටි 5921 කි. එනම් මේ බැඳුම්කර මගඩියේ පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා පැටව් ගසා ඇති බවයි. රාජ්‍ය ණය පොළී වියදම් දරන්නේ මහජන බදු මුදලින් වන බැවින් මෙහි බර දරන්නේ මහජනතාව විසිනි. මේ බැඳුම්කර මගඩිය තුළ කාගේ ඩීල් තිබුණා ද නැද්ද කියා අප දන්නේ නැත. එහෙත් කිව යුතු වන්නේ කාගේ ඩීල් තිබුණත් නැතත් රටේ මහජනතාවට මේ පාඩුව විඳින්නට සිදුව ඇති බවයි. එනම් තමන් වගකිවයුතු නැති පාපකර්මයක විපාක විඳින්නට මහජනතාවට සිදුව තිබේ.

    රජයේ දේපළ උලාකන උන්දැලා ඊළඟ ආත්මවලදී උපදින්නේ බල්ලන්, කපුටන් වෙලා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (07) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මූලස්‌ථානයේදී පැවැති එම දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින් ප්‍රකාශ කර තිබූ බව පුවත්පත් වාර්තා කර තිබිණි. රජයේ දේපළ උලා කන අය ඊළඟ ආත්මවලදී බල්ලන්, කපුටන් වී උපදිනවාය කියන කාරණය ශ්‍රී පාද අඩවියේ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පැහැදිලිවම සඳහන් වන බව ද ඒ දේ කොයි කාලෙටත් වඩා ගැලපෙන්නේ අද කාලයට යෑයිද සඳහන් කර තිබූ ජනාධිපතිවරයා තවදුරටත් යෝජනා කර තිබුණේ, එම නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පිටපතක්‌ සියලු ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කළ යුතු බවයි. (විශේෂයෙන් මහ බැංකුව ඉදිරිපිට ද මෙය ප්‍රදර්ශනය කරන ලෙස අපි යෝජනා කරමු.) ජනාධිපතිවරයා මේ දෙය කීවේ මහින්ද රාජපක්‍ෂ සමයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද එසේත් නැත්නම් වත්මන් යහපාලන රජයේ දින 100 තුළම සිදුව අතැයි චෝදනා එල්ල වී ඇති 'බැඳුම්කර මගඩිය' නිසා දැයි කියන්නට අප හරියටම දන්නේ නැත. මහින්ද රාජපක්‍ෂ රජයේ මෙගාඩීල් ගැන වඩාත් කතා බහට ලක්‌ වූයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදීය. මේ දිනවල පසුගිය රජය සමයේ 'මෙගාඩීල්' වලටත් වඩා කතා බහට ලක්‌වන්නේ මහ බැංකුවේ 'බැඳුම්කර මගඩිය' ගැන බව අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිහිපත් කරමු.

    මහින්ද රාජපක්‍ෂ රජය යටතේ සිදු වුවත්, මෛත්‍රී පාලනය යටතේ සිදුවුවත් මේ කිසිවක්‌ යටගැසිය යුතු නැත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේදී ද වැරදි සිදුව ඇති බවට එක්‌සත් ජාතික පක්‍ෂය පැත්තෙන් චෝදනා එල්ල වී තිබේ. අප නම් කියන්නේ කබ්රාල්ගේ කාලයේ වැරදි සිදුවී ඇත්නම් ඒවාද සෙවිය යුතුය. එහෙත් එසේ කියා, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ සිදුවූ 'බැඳුම්කර මගඩිය' යට ගැසීමට ඉඩ දිය යුතු නැති බවද අපි කියා සිටිමු.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත


    http://www.divaina.com/2015/07/12/politics09.html

    ddd