මරාට

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු නියෝගයක්
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණයෙන් අද (03) නොතීසි නිකුත් කළේය.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.00ට පුකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව පුකාශයට පත් කෙරිනී.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කිසිවක් කියාගන්න බැරිව අසරණව, කාටුං පෙන්නමින් ඉන්න ලංකාවෙ තක්කඩි ටීවි චැනල් කාරයින්ට අපගේ බලවත් කණගාටුව