මරා සහ රාජ්‍ය දේපළ

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මරා සහ රාජ්‍ය දේපළ

    රාජ්‍ය දේපළ යනු මහජනතාවට අයත් දේපළය. රාජ්‍ය දේපළ වංචා සහගත ලෙස පරිහණය යනු දූෂිත ක්‍රියාවකි. දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් යනු ඒ දේපළ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමට ද නිසි ලෙස කළමනාකරණය කිරීමට ද ජනතාව සමග රාජකාරිමය වශයෙන් වගකීමකින් බැඳී සිටින්නෝය. ඉහළ නිලධාරියකු ගේ එක් වගකීමක් වන්නේ තමා යටතේ සිටින නිලධාරීන් අතින් රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය වීම වලක්වා ලීමය. එවන් අයථා භාවිතයක් පිළිබඳව දැන සිට එය වසන් කිරීම යනු දූෂණයට අනුබල දීමට සමාන වන අන්ත දූෂිත ක්‍රියාවකි. මන්ද යත් රාජ්‍ය දේපළ වනාහී එකී නිලධාරීන් ගේ පෞද්ගලික දේපළක් නොව පොදු මහ ජනතාවට අයත් දේපළ බැවිනි.
    මෙරට බොහෝ දේශපාලකයින් රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කරන බව කියැවේ. ජනාධිපති වරයා තමාගේ කැබිනට් ඇමතිවරුන් ගේ එවන් වංචා පිළිබඳ තොරතුරු තමා සතුව ඇතැයි ද තමා ඒ ගැන ක්‍රියාමාර්ගයක් නොගන්නේ යැයි ද මෑතකදී ප්‍රසිද්ධියේ උජාරුවෙන් පැවසීය. ජනාධිපතිවරයා පවත්නා ව්‍යවස්ථාව අනුව නීතියට උඩින් සිටින බව ඇත්තය. එහෙත් අපේ පොදු දේපළ ආරක්ෂා කිරීමට අපෙන් වරම් ලබා සිටින ඔහු තමා ඒ කාරිය නොකරන බව අප ඉදිරියේ කීම ගැන ලජ්ජා විය යුතුය.
    එහෙත් ඔවුනට එවන් ලජ්ජාවක් නැති බව අපි දනිමු.


    Source FB:baffled::baffled:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඔව් බන්..මහින්දට චන්දෙ දෙන්නේ කාලකණ්නි
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    LOlxtuS.jpg