කොණ්ඩය ස්ට්‍රේට් කිරීමත් සමඟ ප්‍රශ්න රැසක් විසඳුණු බවක් ෆැෂ නෝනාට සිතුණු නමුත්, දිනක් ෆේෂල් එකකින් අනතුරුව සිය රුව පූර්ණ කණ්ණාඩියකින් බැලූ විට සියල්ල පවතින්නේ බෙල්ලෙන් උඩ පමණක් නොවේය යන හැගීම ඇයට ඇති වූ අතර, ඒත් සමඟම ඈ බඩ අඩු කර ගැනීමේ ව්‍යායාම රහසේම ආරම්භ කළාය. වෙනදා මෙන් කම්මැළි නොවී ඒ ව්‍යායාම කෙරුවාව මාසයක් ඇද ගැනීමට ඇයට හැකි වුණු අතර අන්තිමට බඩ ටිකක් අඩු වී පස්ස ගොඩක් ලස්සන විය. ඇය ලෝකයාගෙන් අපේක්ෂා කළ වර්ගයේ බැලුම් ඇයට ඇත්තටම ලැබෙන්නට ගත්තේ මේ සාධක දෙක සපුරාලීමෙන් අනතුරුවය.