මල්ලි මැරුණා එල්ලිලා........

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
මල්ලි මැරුණා එල්ලිලා........

මේ කවිටික ගැන විචාරයක් කරන්න මන් දන්නේ නෑ.ඒ උනත් කියවන යනකොට මොකද්දෝ අමුතු,අපි නොදකින පැතිකඩක් අපූරුවට විස්තර කරනව කියල හිතෙනව.පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා,මේ පද පේලිය මාර විදියට හිතට වදිනවා. ගත්තෙ fb එකෙන්.(real මචං දාල තිබුනෙ)පොඩි ගතියක් තියන නිසා share කරන්න හිතුන.
:):):)

මල්ලිගේ (මළ දරු) උපත

නුරා රස අනවසරයෙන් දුන් දෙදරු දරු ගැබ ඔසවලා
සුරා මත අම්මටත් බර ඇති පියා දුර පිට මං වෙලා
උරා සුසුමන් නුඹෙන් ලං වෙන ජීවිතේ මිට මොළවලා
හොරා ලෝකෙට මගේ අභිමුව ඌ දුරක් පියමං කළා..

බලා මෝරන කුසේ හැඩ වැඩ නොදැක අසරණ ජීවිතේ
හිනා වෙන හඬ ඌට ඇහුණලු සෙයිලමේ උන් මාවතේ
හඬා වැ‍ටුණම වත්තෙ හාමුගෙ නාමෙ ඉල්ලා දහ අතේ
ලියා දුන්නලු අපේ අවජාතකේ කඳුලැලි ඈ නෙතේ

බඩට අන්නසි ගැට නොදුන්නේ දරා නෙක නින්දා හිසේ
‍රැයට නොදු‍ටුව පතිනි අම්මල ඇයට හිනැහෙනවා ඇසේ
කහට උගුරට නොවන අවනත හඬන හඬවල් හිස් කුසේ
උඹට මට බඩගිනි දැනෙද්දී කිරට හරවන්නේ කෙසේ..?

මෙවැනි ලෝකෙක හමුනොවන්නට පතා මා අත අල්ලලා
මැකී යන ලෙස මහමෙරක් බර අගේ කුසයෙන් හෙල්ලිලා
කෑ ගහද්දී ඌ වගේ තව දහක් ජීවිත ඉල්ලලා
පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා —
 
  • Like
Reactions: HondaMPLG and 5tech

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තැන්ක්ස් අපිට බලන්න දැම්මට...+9

මේක ලියල තියෙන්නේ කවුද කියපන්කො.මේ වගේම තව ගලපලා ලියපු පදවැල් ඇතිනේ බලන්න.
 
  • Like
Reactions: lokaya123

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
තැන්ක්ස් අපිට බලන්න දැම්මට...+9

මේක ලියල තියෙන්නේ කවුද කියපන්කො.මේ වගේම තව ගලපලා ලියපු පදවැල් ඇතිනේ බලන්න.

Real Machan කියල fb එකේ ඉන්නෙ.නමක් දන්නේ න බන්.මුගේ කවිනන් පට්ට ගති.