මල්වාන ඉඩම හා නිවස බැසිල්ගේ ද…?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මල්වාන ඉඩම හා නිවස බැසිල්ගේ ද…?

    “සත්‍ය, බොරුව මෙන් ඉගිලෙන්නේ නැත. ඔබ සත්‍ය සොයා ඉගිලිය යුතු ය.”

    2010 වසරේ එක්තරා දිනක ජාතික පුවත්පතක වෙළඳ දැන්වීමක් පළ වෙන්නේ ය. එහි තිබුණේ ගම්පහ, මල්වාන ප්‍රදේශයේ ඉඩමක් විකිණීම පිළිබඳව ය. එවකට කුඩා පරිමාන ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කළ මුදිත ජයකොඩි නම් පුද්ගලයෙක් මෙම ඉඩම මිළට ගැනීම පිළිබඳ සිතක් ඇති වූයේ දැන්වීමේ තිබූ අංකය අමතා ඉඩමේ විස්තර දැනගන්නේ ය. අදාළ ඉඩමේ විකුණුම්කරු ද හමුවී එහි මිළ ගණන් සාකච්ඡා කර ගන්නේ ඉන්පසුව ය. විකුණුම්කරු කීවේ ඉඩමේ මිළ රුපියල් මිලියන 64ක් ලෙස ය.

    ඒ වන විට මුදිත සතුව තිබුණේ රුපියල් මිලියන 30ක් පමණි. ඉතිරි මිලියන 34 සොයා ගැනීමට ඔහු උපායක් කල්පනා කළේ ය. මේ වන විට මුදිතගේ මිතුරු ලැයිස්තුවේ තිරු නඩේශන් නම් ධනවතෙක් විය. මුදිතට තිරු නඩේශන් හමුවන්නේ අනුර බණ්ඩාරයාක මහතාගේ නිවසේ දී ය. අනුරගේ නිවසට නිති ආව ගිය නඩේශන් අනුරගේ කුළුපග මිතුරෙකි. එවකට අනුර බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත ඉදිකෙරුණු කතානායක නිල නිවසේ ගෘහ නිර්මාණ සැලසුම් කටයුතු භාරව සිටියේ මුදිතගේ බිරිඳ ය. දිනක් සිය බිරිඳ ද සමග අදාළ නිල නිවෙස් සැලසුම පිළිබඳ උපදෙස් ගැනීමට බණ්ඩාරනායක මහතා හමුවීමට අනුරගේ නිවසට ගිය අවස්ථාවක මුදිතට නඩේශන් හමු වී තිබුණි. පසුකාලීන ව මුදිත හා නඩේශන් අතර මිතුරුකම වැඩි දියුණු වන්නේ ය. මල්වාන ඉඩමේ ඉතිරි මිලියන 34 ලබා ගැනීම සඳහා කළ උත්සාහයේ දී මුදිතට මුලින් ම සිහි වන්‍නේ නඩේශන් ය. මුදිත නඩේශන්ගෙන් ණයක් ලෙස අදාළ මිලියන 34 ඉල්ලා සිටින්නේ ය. තිරු නඩේශන් ඊට එකඟ විය. එහෙත් කොන්දේසියක් මත ය. කොන්දේසිය වූයේ ඉඩමේ භුක්තිය මුදිත ජයකොඩිට පැවරෙන අතර පරම අයිතිය නඩේශන් යටතේ තබා ගැනීම ය. ඊට එකඟ වූ මුදිත ජයකොඩි නඩේශන්ගෙන් ණය මුදල ලබාගෙන මල්වාන ගඟබඩ ඉඩම රුපියල් මිලියන 64කට මිළට ගන්නේ ය.

    එක් පසෙකින් ගඟින් ද අනෙත් පස සුන්දර භූමි භාගයකින් ද වට වූ පොල් ඉඩම ආයෝජනයකට කදිම තෝතැන්නකි. මුදිත තීරණය කරන්නේ නවතම ගෘහ නිර්මාණ සැලසුමකට අනුව අදාළ ඉඩමේ සංචාරක නිවස්නයක් ඉදිකිරීමට ය. ගඟබඩ පිහිටි නිසා ආදර්ශ සංචාරක ගොවිපළක් දැමීම ද මුදිතගේ සැලසුමක් ව තිබුණි. ව්‍යාපෘථිය දියත් කිරීමට කොන්ත්‍රාත්කරුවෙකු ද සොයාගත් මුදිත තම සංචාරක නිවස්නයට මුල්ගල තැබීමට සැලසුම් කරගන්නේ ඉන් අනතුරුව ය. මේ වන විට මුදිත ජයකොඩි රාජපක්‍ෂවරුන් සමග ද දැනහැඳුනුම්කමක් ගොඩනගා ගෙන තිබුණි. මේ අනුව, ගම්පහට සම්බන්ධ රාජපක්‍ෂවරයා වූයේ බැසිල් රාජපක්‍ෂ ය. අදාළ සංචාරක නිවස්නයේ මුල්ගල තැබීම සඳහා මුදිත බැසිල්ට ආරාධනා කරන්නේ ය. බැසිල් එය බැහැර කළේ ය. එවිට මුදිත බැසිල්ගෙන් ඇසුවේ පුෂ්පා රාජපක්‍ෂ ඊට සම්බන්ධ කරගත හැකි ද යන්න ය. පුෂ්පාට කතා කර ඇසූ විට ඇය ඊට එකඟතාව පළ කළා ය. මේ අනුව, මින්පෙර කිසි දිනක ගොස් නොතිබූ මල්වාන ප්‍රදේශයට පුෂ්පා රාජපක්‍ෂ යෑමට පිටත් වූයේ ගොඩනැගිල්ලේ මුල්ගල තැබීම සඳහා ය. නැකතට අනුව උදෑසන ම පිටත් වූව ද ඇයට මාර්ගය සොයා ගැනීම පහසු කටයුත්තක් නොවීය. නැකත් වේලාව ද ලං වූයෙන් මුදිත පුෂ්පා‍ට කතා කර “කොහේ සිටින්නේ” දැයි විමසුවේ ය. ඔහුට දෙලොව රත්වුණි. නැකත තව තවත් ලං වෙමින් තිබුණේ ය. ඒ වන විටත් පුෂ්පා වෙනත් මගක බොහෝ දුරක් ගොස් ඇති බව ඔහුට සනාථ විය. එසැණින් ම එහි පැමිණ සිටි යතුරු පැදිකරුවෙකු ඇමතූ මුදිත ඔහුට කීවේ වහා ගොස් පුෂ්පා රාජපක්‍ෂ මහත්මියට ඉඩමට එන පාර පෙන්වන ලෙස ය. යාන්තං අවසන් මොහොතේ ඇය ඉඩමට ආවා ය. (ඇතැමෙකු ඉඩම බැසිල්ගේ බව කියන්නේ පුෂ්පාගේ මෙම මුල්ගල තැබීම පදනම් කරගෙන ය).

    මුදිත ජයකොඩි ගොඩනැගිල්ල ඉදි කිරීම ආරම්භ කරන්නේ මින් පසුව ය. ඔහුගේ කොන්ත්‍රාත් වැඩ සිදුකළ උපාලි සමරවික්‍රම නම් පුද්ගලයෙකුට ඔහු ඉදි කිරීම් භාර කිරීමට තිරණය කළේ ය. උපාලි යනු සමන්කුමාර රාමවික්‍රමගේ සොහොයුරෙකි. මේ අතර, මුදිත සියළු කටයුතු සොයා බැලුවේ ය. කොන්ත්‍රාත්කරුට මුදල් ගෙව්වේ ය. සැලසුම ගැන සොයා බැලුවේ ය. මේ සියල්ල සිදු වූයේ මුදිත අසෝසියේට් නම් ඔහුගේ සමාගම හරහා ය.

    රාජපක්‍ෂවරුන් පිළිබඳ රටපුරා නොයෙක් කටකතා පැතිර ගියේ මේ අවදියේ ය. බැසිල්ගේ, ගොඨාභයගේ හා නාමල්ගේ “ඉඩම්” ලංකාවේ සතර දෙසින් ම මතු විය. ඉදිවන සියළු මහාපරිමාන නිවෙස් හා හෝටල් ආදිය රාජපක්‍ෂවරන්ගේ බව වැඩපොළේ, බස් රථයේ හා කෝච්චියේ උණුම් ම මාතෘකාව විය. බොහෝ අය සිය කාන්සිය හා පාළුව මගහැර ගත්තේ මෙවැනි ‘රාජපක්‍ෂ කතා’ තමන්ගේ ම අත්දැකීමක් ලෙස සෙස්සන්ට කියමිනි. පුෂ්පා රාජපක්‍ෂ විසින් මල්වාන ගොඩනැගිල්ලට මුල්ගල ද තැබූ හෙයින් ඉහත කතා මුළු ගම්පහ මතු නොව රටේ බොහෝ ප්‍රදේශවල පැතිර ගියේ පෙර පැතිර ගිය රස කතාවන්ට කිසියම් වලංගුතාවක් ද දෙමිණි. මල්වාන ඉදිවන ගොඩනැගිල්ල ‘ටක්කෙට ම’ බැසිල්ගේ විය.

    පැතිර ගිය කටකතා රැල්ල මුදුන්පත් වන්නේ 2015 ජනවාරි 08 මහින්ද පාලනය පරාජයට පත්වීමෙනි. ඉන් පසු පැමිණියේ මහින්ද පාලනය මෙහෙය වූ රාජපක්‍ෂවරුන්ට එරෙහි ව “නීතිය” ක්‍රියාත්මක කරන “යහපාලන අවදියයි.” රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස “යහපාලන” ආණ්ඩුව පිටුපස සිටි බොහෝ අයගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය. මේ වන විට බැසිල් රාජපක්‍ෂ මහතා ඇමරිකාවට ගොස් සිටියේ එහි සිටි සිය දරුවන් සමග එකතු වීමට ය.

    මේ වන විට නැගෙමින් තිබූ නව දේශපාලන පසුබිම මත රාජපක්‍ෂවරුන්ට නොයෙක් තාඩන පීඩන හා චෝදනා එල්ල වෙමින් තිබුණි. මේ අතර, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වූ උපාලි රාමවික්‍රම ද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අදහස් කරන්නේ ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ මුදිත විසින් ඔහුට ගෙවිය යුතු මුදල් අතපසු කිරීම ය. මේ අනුව, එවක යහපාලන පැත්තට සේන්දු වී සිටි මර්වින් සිල්වා හමුවට යන උපාලි තමාට හිමි විය යුතු මුදල මුදිතගෙන් රැගෙන දෙන ලෙස මර්වින්ගෙන් ඉල්ලා සිටින්නේ ය. රාජපක්‍ෂවරුන්ට ගේමක් දී රනිල්-මෛත්‍රීපාලගෙන් ලකුණු දා ගැනීමට මෙය හොඳම අවස්ථාවක් බව සිතූ මර්වින් කරන්නේ ඉහත සිද්ධියේ පසුබිම බලා ඊට බැසිල් රාජපක්‍ෂගේ නම ඇඳීම ය. ඒ වන විට තිරු නඩේශන් සමග ද මර්වින් උරණ වී සිටියේ ය. ඒ බාන්ස් පෙදෙසේ පිහිටි නඩේශන්ගේ නිවසේ ඉදිරිපස ඉඩම අත්පත් කර ගැනීමට ගිය මර්වින්ට නඩේශන් නිසා එය කරගත නොහැකි වීම ය. මේ අනුව, මර්වින් කරන්නේ මල්වාන ඉඩම ගැන අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීම ය. ඒ දිනවල එය මාධ්‍යවල ද පළ විය.

    මෙවන් ගැටළු මැද, නිරූපමා රාජපක්‍ෂගේ සැමියා වූ තිරු නඩේශන්ගෙන් මුදිත ජයකොඩිට ඉල්ලීමක් ලැබුණි. ඒ තමා විසින් දෙන ලද රුපියල් මිලියන 34ක මුදල හා එහි පොලිය ගෙවා ඉඩම මුදිතගේ නමට ම හරවා ගන්නා ලෙස ය. මේ වන විට මුදිත සතුව මුදල් ගැවසුණි. ඉල්ලීම ලද සැණින් ම මුදිත කළේ තිරු නඩේශන්ට ඔහුගේ මිලියන 34 හා පොළිය ලෙස රුපියල් මිලියන 6ක් ගෙවා, භුක්තිය ලෙස පමණක් තබාගෙන සිටි ඉඩමේ පරම අයිතිය මුදිත නමට හරවා ගැනීම ය. මෙම මුදල මුදිත විසින් ඔහුගේ ම ගිණුමෙන් නඩේශන්ට ගෙවා තිබුණි. ඉඩම නැවතත් මුදිත නමට හැරෙන්නේ ඒ අනුව ය.

    මේ අතර, උපාලි රාමවික්‍රම තමාට ලැබීමට ඇති මුදල පිළිබඳ පොලීසියට කරන පැමිණිල්ල විභාගයට ගන්න අතර එය නීතිපති උපදෙස් ගැනීම සඳහා නීතිපති වෙත ඉදිරිපත් කෙරුණි. කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මැදිහත් වන්නේ මේ අදියරේ දී ය. මෙය හොරු ඇල්ලීමේ නාටකයේ තවත් උද්වේගතර අවස්ථාවක් කර ගැනීමට ඔවුහු සැලසුම් කරති.

    FCIDයට ලිපි ගොනුව ලැබීමත් සමග තත්වය වෙනස් ම මගක් ගන්නේ ඊට දේශපාලනය ද දැඩි ව සම්බන්ධ වෙමිනි. යම් යම් දේශපාලන සාකච්ඡා හා කුමන්ත්‍රණ පැන නැංගේ ය. අප ඉතා විස්වසනීය ලෙස දන්නා පරිදි මෙහි දී මුදිත ජයකොඩිට දැල හෙළුණි. ඒ ඔහු හරහා සියල්ල කරකැවිය හැකි හෙයිනි. ඊට අවශ්‍ය ආම්පන්න ද ආණ්ඩුවට ලැබී තිබුණි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ඉදිවන ආරක්‍ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණය භාරව සිටියේ මුදිත ජයකොඩි ය. එහි ගැටළුවක් තිබුණි. අදාළ ව්‍යාපෘථිය සඳහා ඔහුට කොන්ත්‍රාත්තුව පැවරීමේ දී ඉදිරිපත් කළ යුතු වූ ලිපි ලේඛනවල මුදිත විසින් දුන් තොරතුරු හා ඔහුගේ ඇත්ත තොරතුරු අතර වෙනසක් සොයා ගැනීමට ආණ්ඩුවට හැකි වී තිබුණි. කොටින් ම මුදිත විසින් තමාගේ යටතේ සේවය කළ සේවකයින් සංඛ්‍යාව ගැන වැරදි තොරතුරු දී තිබුණි. ආණ්ඩුවේ කල්ල මරේ ය. කෙනෙක් මුදිතට බලපෑම් කරන්නේ වැරදි තොරතුරු දීම පිට තමාට එරෙහි ව නඩු පවරා හිරේ නොදැමීමට නම් මල්වානේ ඉඩම බැසිල් රාජපක්‍ෂගේ කියන ලෙස ය.

    ඉනික්බිති ව, වසර එක හමාරක් තිස්සේ තමා විසින් කී සත්‍ය කතාව එක රැයින් වෙනස් කරමින් තම මුල් කට උත්තරයට සම්පූර්ණ පටහැනි කතාවක් මුදිත කීමට පටන්ගන්නේ ය. එම නව කටඋත්තරයට අනුව, ඔහු කියා ඇත්තේ මල්වාන ඉඩම ගැනීමට හා අදාළ නිවස ඉදි කිරීමට මුදල් යොදවන්නේ බැසිල් රාජපක්‍ෂ බව ය.

    ඉඩම සම්බන්ධ කිසිම තැනක හෝ ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධ මුදල් ගෙවීම් වවුචර්පත්වල හෝ අන් කිසිදු තැනක බැසිල් ගෑවිලාවත් නැති මල්වාන ඉඩම හා ගොඩනැගිල්ල බැසිල්ගේ වන්නේ මේ අනුව ය. පසුගිය දා මෙම ඉඩම වෙන්දේසි කරන ලෙස පූගොඩ උසාවියෙන් නියම කර ඇත. ප්‍රශ්නය වන්නේ ඊට හිමිකරුවෙකු නොමැති වීම ය. කිසි දිනෙක බැසිල්ගේ නොවූ දේපළක් තමාගේ බව කීමට ඔහුට නොහැකි ය. ඒ අනුව, මෙම නඩුව විමසූ සෑම අවස්ථාවක දීම බැසිල් කීවේ තමා මෙම නඩුවට ආදළ නොවන බව ය.

    මෙම ඉඩමට හිමිකරුවෙක් සිටි ද? සිටී. ඒ මුදිත ජයකොඩි ය. සියල්ල ඇත්තේ මුදිතගේ නමට ය. තම පළමු කටඋත්තරයේ මතු නොව, ඔහු රූපවාහිනියට දුන් ප්‍රකාශකට පවා සඳහන් වූයේ ඉඩම හා ගෙය අන් කාගේවත් නොව, තමා විසින් පරිශ්‍රමයෙන් උපයාගත් මුදලින් සරිකරගත් දේපළක් ය. එහෙත් ඔහුගේ දෙවැනි කටඋත්තරය තුළ එන්නේ වෙනත් කතාවකි. එනම් ඉඩම බැසිල්ගේ බව ය. කට උත්තර දෙක පරස්පර හෙයින් අදාළ ඉඩමට හා ගොඩනැගිල්ලට හිමිකම් කීමට දැන් ඔහුට හැකියාවක් නැත. ඉඩම වෙන්දේසි වන්නේ එහෙයිනි. සත්‍ය ඉබේ ඔබ මතට කඩා වැටෙන්නේ නැත. එය හඹා යන්න.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය මල්වානේ ගේ කියන්නේ බෙල්ල කපපු හන්දියට පෙන ගේ වෙන්න ඕනේ .....


    ඇත්තටම මුදිත ජයකොඩි ඔය ගේ මිලට ගත්තා නම් ඇයි ඔහු එහි ඉඩම් පවරාගත් ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නැත්තේ ... ඔප්පුවක් නැද්ද ඇත්තටම මේ ගෙදරට ?

    ඔප්පුවක් තියෙන ගෙදරක් කිසියම් නීතිමය රාමුවකට යටත්ව නේද වෙන්දේසි කරන්න පුළුවන් .. එතකොට අයිතිකරුවන් නැති මේ ගේ අයත්ව තියෙන ඉඩමේ මුල් ඔප්පු වත් නැද්ද ?
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    තමා විසින් පරිශ්‍රමයෙන් උපයාගත් මුදලින් සරිකරගත් දේපළක් ය. එහෙත් ඔහුගේ දෙවැනි කටඋත්තරය තුළ එන්නේ වෙනත් කතාවකි. එනම් ඉඩම බැසිල්ගේ බව ය.

    මිනිහෙක් ඔය කියන විදියේ පරිශ්‍රමයකින් කට්ටකාලා උපයා ගත් දේපොලක්, වෙන කාගේ හරි කියලා කියයිද නිකන්ම​?
    ඉඩම ගත්තට වඩා වියදමක් යන්න ඇති ඔය මන්දිරය හදන්න​. ඉඩමෙ මදිපාඩුව ඔච්චර අමාරුවෙන් හොයාගත්ත කෙනා, ඉඩම ගත්තගමන් ඉදිකිරීම කරන්න පටන් ගත්තෙ කොහොමද (ඉඩම ඇපේට තියලා ලෝන් එකක්වත් ගන්න බැහැනෙ)?
    ඔය කතාව ඇත්ත වෙන්නත් ඇති, මට හිතුන දේ තමා, මම කීවෙ :-)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    NICE STORY :yes::yes: dakka wage liyala tye.
    me idama gana nam nodani.

    oya kiyana architecture company eke kalin karapu (karanna dipu) project baluwama
    තමා විසින් පරිශ්‍රමයෙන් උපයාගත් මුදලින් සරිකරගත් දේපළක් ය kiyana eka nam hari :P:P:P

    puduma parishramayakin project karawagena tyenawa.:angry:
    :angry::angry: hamoma danne defence building wage loku ewane. 30 mn wage consultancy fees walata karapuwa dakkama :growl: eetapasse ewaye effets nisa ratata wena paduwa puduma pramanayak. project loss. loan salli :(



    mewa desapalane witarakma oluwe thiyagen inna unta terenne unge nayakayata karana awamanayak widiyata. :dull:

    sadaranawa hithana un sandaha liuwemi:yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මල්වානේ ගේ කියන්නේ බෙල්ල කපපු හන්දියට පෙන ගේ වෙන්න ඕනේ .....


    ඇත්තටම මුදිත ජයකොඩි ඔය ගේ මිලට ගත්තා නම් ඇයි ඔහු එහි ඉඩම් පවරාගත් ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නැත්තේ ... ඔප්පුවක් නැද්ද ඇත්තටම මේ ගෙදරට ?

    ඔප්පුවක් තියෙන ගෙදරක් කිසියම් නීතිමය රාමුවකට යටත්ව නේද වෙන්දේසි කරන්න පුළුවන් .. එතකොට අයිතිකරුවන් නැති මේ ගේ අයත්ව තියෙන ඉඩමේ මුල් ඔප්පු වත් නැද්ද ?

    මිනිහෙක් ඔය කියන විදියේ පරිශ්‍රමයකින් කට්ටකාලා උපයා ගත් දේපොලක්, වෙන කාගේ හරි කියලා කියයිද නිකන්ම​?
    ඉඩම ගත්තට වඩා වියදමක් යන්න ඇති ඔය මන්දිරය හදන්න​. ඉඩමෙ මදිපාඩුව ඔච්චර අමාරුවෙන් හොයාගත්ත කෙනා, ඉඩම ගත්තගමන් ඉදිකිරීම කරන්න පටන් ගත්තෙ කොහොමද (ඉඩම ඇපේට තියලා ලෝන් එකක්වත් ගන්න බැහැනෙ)?
    ඔය කතාව ඇත්ත වෙන්නත් ඇති, මට හිතුන දේ තමා, මම කීවෙ :-)


    liyala tyena taram saralai nam llawyer kenek 1500 kata allanna tyenne ayitiya pennanna:baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තර්ක කරල වෑඩක් නෑ. උසාවි නියෝගයක් දීලා තියෙන්නේ විකුනල සල්ලි උසාවියට බාරදෙන්න. ඌ අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් ඉඩම අරන් බිල්ඩිම හෑදුවනම් ඔහොම නිකන්ම දෙයි. ඔය ඉඩම කාගෙද කියල මුලු බියගමම දන්නව. ජෝක් කත දාන්න එපා බන්. බෑසිල තම Mr. 10% :lol:
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඔය මල්වානේ ගේ කියන්නේ බෙල්ල කපපු හන්දියට පෙන ගේ වෙන්න ඕනේ .....


    ඇත්තටම මුදිත ජයකොඩි ඔය ගේ මිලට ගත්තා නම් ඇයි ඔහු එහි ඉඩම් පවරාගත් ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නැත්තේ ... ඔප්පුවක් නැද්ද ඇත්තටම මේ ගෙදරට ?

    ඔප්පුවක් තියෙන ගෙදරක් කිසියම් නීතිමය රාමුවකට යටත්ව නේද වෙන්දේසි කරන්න පුළුවන් .. එතකොට අයිතිකරුවන් නැති මේ ගේ අයත්ව තියෙන ඉඩමේ මුල් ඔප්පු වත් නැද්ද ?

    Math hithùwe e ge kiyala ban. But eka parak tv eke pennuwama dekke wena geyak kiyala. Siyambalape pansala gawa thiyena ge newe.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    jjOIyai.jpg