මල් මී වසන්තේ කඳු මාවතේ

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මල් මී වසන්තේ කඳු මාවතේ



    මල් මී වසන්තේ කඳු මාවතේ
    පිණිබිදු තුෂාරයේ හමු වී එදා
    නොසිතූලෙසේ //

    විමසූ සඳේ මා තොරතුරු ඇගේ
    නිහඩව සිනා සැලූ ඈ කවුරුදෝ
    මෝහන සිනාවෙන් මා හද වෙලූ
    වන දෙව්ලියක්දෝ මායාව දෝ
    මායාව දෝ

    මල් මී වසන්තේ කඳු මාවතේ....

    කඳුරට දිසාවේ මිටියාවතේ
    කවුරුත් නොදන්නා ඈ කවුරුදෝ
    අකලංක ප්‍රේමේ වෙනුවෙන් තමාගේ
    වන දෙව්ලියක්දෝ මායාව දෝ
    මායාව දෝ

    මල් මී වසන්තේ කඳු මාවතේ....

    ගායනය : රාජ් සෙනෙවිරත්න