මලාලා යුසුෆසායි ගේ කතාව...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
මලාලා යුසුෆසායි ගේ කතාව...

"මම මට වෙඩි තැබූ තලෙයිබානුවන්ටත් වෛර කරන්නේ නෑ..."


Malala%20Yousafzai%20UN%20Speech%20Full%20Text%20BND.jpg


[තලෙයිබාන්වරුන් විසින් හිසට වෙඩි තබා ඝාතනය කරන්නට තැත් කළ, පාකිස්ථානු පාසැල් දැරිය- මලාලා යූසුෆසායි, 2013 ජූලි මස 12 වන සිකුරාදා, සිය දහසය වැනි උපන් දිනය සමරනු වස්, විශේෂයෙන්ම කැඳවන ලද එක්සත් ජාතීන්ගේ රැස්වීමක් අමතා කළ කතාවේ සිංහල පරිවර්තනය.]

"අද, දිගු කලකට පසු නැවතත් මෙසේ කතා කරන්නට ලැබීම මා ලද ගෞරවයක්. ගෞරවාර්හ මිනිසුන් සමග මෙසේ සිටින්නට ලැබීම මගේ ජීවිතයේ ඉතාම වැදගත් මොහොතක්.

මගේ කතාව කොතැනකින් අරඹන්නටදැයි මා දන්නේ නෑ. මා කුමක් කියාවිදැයි මිනිසුන් හිතමින් ඉන්නවාද යන්නත් මා දන්නේ නෑ. නමුත්, සියල්ලටමත් වඩා, දෙවියන්ට ස්තූතිවන්නට අප සියල්ලෝම සමානයි. මගේ නව ජීවිතය වෙනුවෙනුත් මගේ ඉක්මන් සුවය වෙනුවෙනුත් යාඥා කළ හැමකෙනෙකුටම ස්තූතියි. මිනිසුන් මට මොනතරම් ආදරයක් දැක්වූවාද යන්න විශ්වාස කළ නොහැකි තරම්. ලෝකයේ සෑම තැනකින්ම මට සුව පැතුම් පත් සහ තිළිණ දහස් ගණනක් ලැබුණා. ඒ හැමදෙයකටම ස්තූතියි. දරු දැරියනි, ඔබටත් ස්තූතියි- ඔබේ අහිංසක වදන් මා දිරිමත් කළා. මගේ වැඩිහිටියනි, ඔබටත් ස්තූතියි- ඔබේ යැදුම් මා ශක්තිමත් කළා. මා සුවපත් කළ පාකිස්ථානයේ සහ එක්සත් රාජධානියේ රෝහල්වල මගේ හෙද සොයුරියන්ට, වෛද්‍යවරුන්ට සහ සියළු කාර්ය මණ්ඩලවලටත් ස්තූතියි.



සොයුරු සොයුරියනි, මතක තබා ගන්න- මලාලා දිනය යනු මගේ දිනය නොවේ. අද දවස තම අයිතීන් වෙනුවෙන් හඬ අවදි කරන සියළු ස්ත්‍රීන්ගේ, දරුවන්ගේ දැරියන්ගේ දවසයි. මිනිස් අයිතීන් වෙනුවෙන් කතාකරන, අධ්‍යාපනයේ, සාමයේ සහ සමානාත්මතාවයේ අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහා අරගල කරන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ සමාජ ක්‍රියාකාරීන් සිය ගණනක් ඉන්නවා. ත්‍රස්තවාදීන් විසින් දහස් ගණන් මිනිසුන් මරා දමා තිබෙනවා; මිලියන ගණනකට තුවාල කොට තිබෙනවා. මා එයින් එක් අයෙකු පමණයි.

ඉතින් මා මෙහි නැගීසිටිනවා... දැරියක ලෙස.... බොහෝ අය වෙනුවෙන්.
මම කතාකරනවා- මා වෙනුවෙන් නොවෙයි. සියළු දැරියන් ද දරුවන් ද වෙනුවෙන්.
මම හඬ නගනවා- ඒ මට කෑ ගහන්නට පුළුවන් නිසා නොවෙයි, හඬක් නැති අයට හඬක් නැගීම වෙනුවෙන්.
තම අයිතීන් වෙනුවෙන් අරගල කරන අය වෙනුවෙන්....
සාමයෙන් ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන්...
ගරුත්වයෙන් යුතුව සලකනු ලැබීමට ඇති අයිතිය වෙනුවෙන්...
සම-අවස්ථා ලබා ගැනීම සඳහා ඇති අයිතිය වෙනුවෙන්...
අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන්....

මගේ මිතුරු මිතුරියනි, 2012 ඔක්තෝබර් 9 වන දා, තලෙයිබාන්වරුන් මගේ නළලේ වම් පසට වෙඩි තිබ්බා. ඔවුන් මගේ යහළුවන්ටත් වෙඩි තිබ්බා. ඔවුන් සිතුවා, උණ්ඩ වලින් අප නිහඬ කළ හැකියි කියා. නමුත් ඔවුන්ට වැරදුණා. ඉතින් නිහඬ බව වෙනුවට, දහස් ගණනක් හඬවල් නැගී ආවා. ත්‍රස්තවාදීන් හිතුවා අප අපගේ ඉලක්කයන් වෙනස් කරාවි යැයි කියා, එහෙත් මගේ ජීවිතයේ කිසිවක් වෙනස් වූයේ නැහැ; දේවල් තුනක් හැර- දුර්වලත්වය, බිය සහ බලාපොරොත්තුවිරහිතභාවය. ඒවා මිය ගියා. ශක්තිමත්බව, බලය සහ ධෛර්යය උපත ලැබුවා. මා කලින් හිටි මලාලාමයි. මගේ අභිලාෂයන් ද පෙර සේමයි. මගේ සිහින ද පෙර සේමයි.

මාගේ සොයුරු සොයුරියනි, මා කිසිවෙකුට එරෙහි වෙනවා නොවේ. මම මෙහි ආවේ තලෙයිබාන්වරු හෝ වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහි පුද්ගලික කෝන්තරයක් නිසා නොවෙයි. විශේෂයෙන් තලෙයිබාන්වරුන් ද ඇතුළත් මේ සියළු අන්තවාදීන්ගේ දූ පුතුන්ට අධ්‍යාපනය උරුම කර දීම මගේ අවශ්‍යතාවයයි.

මම මට වෙඩි තැබූ තලෙයිබානුවාටවත් වෛර කරන්නේ නෑ. මා අතෙහි තුවක්කුවක් තිබෙනවා නම් ඔහු මා ඉදිරියේ සිටී නම් මා ඔහුට වෙඩි තබන්නේ නැහැ. ඒ මා අනුකමපාවේ දිවැසිවර මුහම්මද්තුමාගෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් හා බුදුන් වහන්සේගෙන් උගත් "කරුණාව"යි. ඒ, මාටින් ලූතර් කිංගෙන්, නෙල්සන් මැන්ඩෙලාගෙන් සහ මුහම්මද් අලි ජින්නාගෙන් මා ලද උරුමයයි. ඒ මා ගාන්ධිතුමාගෙන්, බාචා කාන්තුමාගෙන් තෙරේසා මවුතුමියගෙන් උගත් අවිහිංසාවාදී දර්ශනයයි. ඒ මා මගේ මවුපියන්ගෙන් උගත් සමාව දිමේ ගුණයයි. මට මගේ ආත්මය කියන්නේ සාමකාමී වන්න- හැමකෙකුටම ආදරය කරන්න යන්නයි.

මාගේ සොයුරු සොයුරියනි, අප ආලෝකයේ ඇති වටිනාකම වටහා ගන්නේ අඳුර දකිමින් සිටියදීයි. අපට අපගේ හඬෙහි වටිනාකම වැටහෙන්නේ අප නිහඬ කරනු ලැබ ඇති විටදීයි. එලෙසින්ම, ස්වැට් නිමනයේදී, අප පෑන් සහ පොත්වල වටිනාකම වටහා ගත්තේ, අප තුවක්කු දකිමින් සිටින විටදීයි.

"පෑන කඩුවට වඩා බලවත්ය" යන රුවන් වැකිය සත්‍යයක්. අන්තවාදීන් වඩා බිය වන්නේ පොත් සහ පෑන්වලටයි. අධ්‍යාපනයේ බලය ඔවුන් තැති ගන්වනවා. ඔවුන් ස්ත්‍රීන්ට බයයි. ස්ත්‍රී හඬෙහි ඇති බලය ඔවුන් තැති ගන්වනවා. ඒ නිසයි ඔවුන් ඉකුත් දා Quettaහිදී එල්ල කළ ප්‍රහාරයෙදී අහිංසක වෛද්‍ය සිසුසිසුවියන් 14ක් ඝාතනය කළේ. ඒ නිසයි ඔවුන් ගුරුවරියන් බොහෝ ගණනකුත් Khyber Pakhtunkhwa සහ FATAහිදී පෝලියෝ ක්‍රියාධරයිනුත් ඝාතනය කළේ. ඒ නිසයි ඔවුන් දිනපතාම පාසැල් පුපුරුවා හරින්නේ. ඔවුන් එදත් අදත් වෙනස්කම්වලට බයයි; අප සමාජයට ගෙන එන සමානාත්මතාවයට බයයි.

මට මතකයි වරක් අප පාසලේ දී මාධ්‍යවේදියෙක් එක් සිසුවෙක්ගෙන් විමසුවා "තලෙයිබාන්වරු අධ්‍යාපනයට එරෙහි වන්නේ ඇයි?" කියා. ඔහු නිරායාසයෙන් දුන් පිළිතුර වුණේ, "තලෙයිබාන්වරු දන්නේ නැහැ මේ පොත් අස්සෙ ලියලා තියෙන්නේ මොනවද කියලා.."


1_Malala_Yousafzai_UN_Speech_Full_Text_BND.jpg



ඔවුන් හිතාගෙන ඉන්නේ, දෙවියන් වහන්සේ කියන්නේ, පාසල් යාමේ පාප කර්මයට දඬුවම් පිණිස ගැහැණු ළමුන් නිරයට දක්කන, ක්ෂුද්‍ර ආචිර්ණ කල්පික සත්වයෙක් කියලා. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ පුද්ගලික වාසිය සඳහා, ඉස්ලාමයේත් පශ්තුන් (Pashtun) සමාජයේත් නම අයුතු විදිහට යොදාගනිමින් ඉන්නවා. පාකිස්ථානය කියන්නේ සාමයට කැමති ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පශ්තුන්වරුන්ට අවශ්‍යයි ඔවුන්ගේ දැරියන්ටත් දරුවන්ටත් අධ්‍යාපනය ලබා දෙන්නට. ඉස්ලාමය යනු සාමයේ, මනුෂ්‍යත්වයේ සහ සහෝදරත්වයේ ආගමක්. ඉස්ලාමය කියන්නේ අධ්‍යාපනය ලැබීමට සෑම දරුවෙකුටම අයිතියක් තිබෙනවා යන්න පමණක් නොව එය ඔවුන්ගේ යුතුකමක් ද වගකීමක් ද වන බවයි.

ගරු මහලේකම්තුමනි, අධ්‍යාපනය සඳහා සාමය අවශ්‍යයි. ලෝකයේ බොහෝ පෙදෙස්වල, විශේෂයෙන්ම පකිස්ථානයේ සහ ඇෆ්ඝනිස්ථානයේ, ත්‍රස්තවාදය, යුද්ධ සහ සංග්‍රාම මගින් දරුවන්ට පාසල් යාමේ ඉඩ අහුරා තිබෙනවා. මේ යුද්ධ වලින් අප වෙහෙසට පත්වෙලා. ලෝ පුරා බොහෝ තැන් වල ගැහැණුන් සහ ළමයින් මේ නිසාවෙන් විඳවමින් ඉන්නවා. ඉන්දියාවේ, අහිංසක දිළිඳු දරුවන් ළමා ශ්‍රම සූරාකෑමේ ගොදුරු බවට පත්වෙලා. නයිජීරියාවේ පාසල් බොහෝ ගණනක් වනසා දමලා. ඇෆ්ඝනිස්ථානයේ මිනිසුන් අන්තවාදයේ තහංචි මගින් පීඩනයට පත්වන්නේ දශක ගණනාවක සිටයි. තරුණ ගැහැණු ළමුන්ට සිදුව තිබෙනවා ගෘහස්ත ළමා මෙහෙකාරකමෙහි නියැලෙන්නට- අඩු වයසින් විවාහවෙන්නට ඔවුන්ට බල කෙරෙනවා. දිළිඳුකම, නූගත්කම, අසාධාරණය, වර්ගවාදය සහ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශ්වයම මුහුණ දෙන ප්‍රධාන ගැටළු.

මිතුරනි, අද මා ස්ත්‍රීන්ගේ අයිතීන් සහ දැරියන්ගේ අධ්‍යාපනය ඉලක්ක කරගත්තේ වැඩියෙන්ම පීඩනයට ලක් වන්නේ ඔවුන් නිසායි. එක් කාලයක් තිබුණා, ස්ත්‍රී සමාජ ක්‍රියාකාරීන් පිරිමි සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියා, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නැයි කියා. නමුත්, මෙවර, එය කරන්නේ අපමයි. මා කියන්නේ පිරිමින් ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නවතාලන ලෙස නොවෙයි- මට අවශ්‍ය ගැහැණුන්ම තමන්ගේ අයිතීන් වෙනුවෙන් ස්වාධීන ලෙස අරගලයට පිවිසෙනු දකින්නටයි.


2_Malala_Yousafzai_UN_Speech_Full_Text_BND.jpg


සොයුරු සොයුරියනි, මේ නිබයව කතා කළ යුතු කාලයයි.

සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් තමන්ගේ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි කියා අද අපි ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිමු.

සාමය පිළිබඳ සියළු ගනුදෙනු මගින් ස්ත්‍රීන් සහ දරුවන්ගේ අයිතීන් රැකිය යුතුයි කියා අපි ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිමු. ස්ත්‍රීන් සහ දරුවන්ගේ ගරුත්වයට එරෙහිව යන කිසිවක් පිළිගත නොහැකියි.

ලෝකය පුරා දරු දැරියන්ට නිදහස් අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීම සහතික කළ යුතුයි කියා අපි සියළු ආණ්ඩුවලින් ඉල්ලා සිටිමු.

ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කොට මේ ම්ලේච්ඡත්වයෙන් සහ හිංසනයෙන් දරුවන් ගලවා ගන්නැයි කියා සියළු ආණ්ඩුවලින් ඉල්ලා සිටිමු.

සංවර්ධනය වෙමින් පවතින රටවල දැරියන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සහාය වන ලෙස සංවර්ධනය වූ ජාතීන්ගෙන් ඉල්ලා සිටිමු.

ඉවසිලිවන්ත වන ලෙසටත්, ස්ත්‍රීන්ගේ නිදහස සහ සමානාත්මතාවය සහතික කරන ලෙසටත්, වර්ගය, ඇදහිල්ල, නිකාය, ආගම සහ ලිංගභේදය මගින් ඇති කරන අවිචාරවත්බව ප්‍රතික්ෂේප කරන ලෙසටත්, සියළු ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටිමු. අපෙන් හරි අඩක් තදින් බැඳ දමනු ලැබ ඇති විටෙක, අපට සාර්ථක විය නොහැකිය.

නිර්භීත වන ලෙසට අප අපේ සොහොයුරියන්ගෙන් ඉල්ලා සිටිමු. තමා තුළම ඇති ශක්තියත් තමා තුළම ඇති විභවයත් අවබෝධ කර ගන්නා ලෙසට අපි අපේ සොහොයුරියන්ගෙන් ඉල්ලා සිටිමු.

]

ආදරණීය සොයුරු සොයුරියනි, හැම දරුවෙකුගේම අනාගතය දීප්තිමත් වන්නට නම් අපට පාසල් සහ අධ්‍යාපනය අවශ්‍යයි. සියල්ලන්ට සාමය සහ අධ්‍යාපනය ලැබීම අපේ ගමනාන්තයයි. එමග අපි යන්නෙමු. කිසිවෙකුට අප වළකාලිය නොහැකිය. අප අපේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්නෙමු. අපේ හඬ නැගීම් මගින් වෙනසක් උදා වෙනු ඇත. අප අපේ වචන වල බලය සහ ශක්තිය විශ්වාස කළ යුතුමය. අපේ වචන වලට ලෝකය වෙනස් කළ හැකිය.

අධ්‍යාපනය නම් අභිප්‍රාය වටා අප එක්ව සිටින්නෙමු. ඒ අභිප්‍රාය සාක්ෂාත් කර ගන්නට නම් අප දැනුමේ අවියෙන් සන්නද්ධ විය යුතුය. එක්සත්භාවයේ සහ සාමූහිකත්වයේ පලිහ දරා ගත යුතුය.

ආදරණීය සොයුරු සොයුරියනි, අප අමතක නොකළ යුතුයි, දිළිඳුකමින්, අසාධාරණයෙන් සහ නූගත්කමින් මිලියන ගණනක් මිනිසුන් පීඩාවට පත්වෙමින් සිටින වග. අප අමතක නොකළ යුතුයි, පාසැල් නොයන මිලියන ගණනක් ළමයින් සිටින වග. අප අමතක නොකළ යුතුයි, අපගේ සොයුරු සොයුරියන් පැහැපත් සාමකාමී අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තු සහගතව ජීවත් වන වග.

නූගත්කමට, දිළිඳුකමට සහ ත්‍රස්තවාදයට එරෙහි අරගලයක් දියත් කරමු. පොත් සහ පෑන් අතට ගමු; ඉතාම බලවත් ආයුධ වන්නේ ඒවායි.

එක දරුවෙකුට- එක් ගුරුවරයෙකුට- එක් පෑනකට- එක් පොතකට- ලෝකය වෙනස් කළ හැකියි!

එකම පිළිතුර- අධ්‍යාපනයයි!!

සියල්ලට පෙර අධ්‍යාපනය!!!

ස්තූතියි."

Source ......
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකට තමා බන් පෙර පින කියන්නෙ.. පකිස්තානෙ නන්නත්තාර වෙලා හිටපු කෙල්ල වෙඩි කාලා යාන්තමින් බේරිලා අන්තිමට එන්ගලන්තෙ විසා හම්බවෙලා ඉගෙන ගන්නවා.. ඊට හපන් මේ ලගදි මෙයත් එක්කම හිටපු යාලුවටත් විසා හම්බ උනා පකිස්තානෙ ජිවිත තර්ජන තියනවා කියලා.. දැන් දෙන්නම එකම ඉස්කොල්ට යන්නෙ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තවාදීන් වඩා බිය වන්නේ පොත් සහ පෑන්වලටයි. අධ්‍යාපනයේ බලය ඔවුන් තැති ගන්වනවා. ඔවුන් ස්ත්‍රීන්ට බයයි. ස්ත්‍රී හඬෙහි ඇති බලය ඔවුන් තැති ගන්වනවා. ඒ නිසයි ඔවුන් ඉකුත් දා Quettaහිදී එල්ල කළ ප්‍රහාරයෙදී අහිංසක වෛද්‍ය සිසුසිසුවියන් 14ක් ඝාතනය කළේ. ඒ නිසයි ඔවුන් ගුරුවරියන් බොහෝ ගණනකුත් Khyber Pakhtunkhwa සහ FATAහිදී පෝලියෝ ක්‍රියාධරයිනුත් ඝාතනය කළේ. ඒ නිසයි ඔවුන් දිනපතාම පාසැල් පුපුරුවා හරින්නේ. ඔවුන් එදත් අදත් වෙනස්කම්වලට බයයි;

    මට මතකයි වරක් අප පාසලේ දී මාධ්‍යවේදියෙක් එක් සිසුවෙක්ගෙන් විමසුවා "තලෙයිබාන්වරු අධ්‍යාපනයට එරෙහි වන්නේ ඇයි?" කියා. ඔහු නිරායාසයෙන් දුන් පිළිතුර වුණේ, "තලෙයිබාන්වරු දන්නේ නැහැ මේ පොත් අස්සෙ ලියලා තියෙන්නේ මොනවද කියලා.."
    මේ කියන දේවල් නම් මෙතන ඉන්න සමහරක්ටත් අදාලයි..............:lol::lol::lol:

    ඈ මෙසේ දකියනවා...........
    අඩු වයසින් විවාහවෙන්නට ඔවුන්ට බල කෙරෙනවා.

    නමුත් අවාසනාවකට ඇය දන්නේ නෑ හෝ අමතක කරනවා ශුදධ වූ කුර්ආනය මගින් එය අනුදැන ඇති වග...........
    මේ දැරිවිය ගේ කතාවෙන් වුවද වැටහෙන්නේ ඇය කොතරම් “ඇන්දී“ ඇත් ද යන්නය.......
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කියන දේවල් නම් මෙතන ඉන්න සමහරක්ටත් අදාලයි..............:lol::lol::lol:

    ඈ මෙසේ දකියනවා...........


    නමුත් අවාසනාවකට ඇය දන්නේ නෑ හෝ අමතක කරනවා ශුදධ වූ කුර්ආනය මගින් එය අනුදැන ඇති වග...........
    මේ දැරිවිය ගේ කතාවෙන් වුවද වැටහෙන්නේ ඇය කොතරම් “ඇන්දී“ ඇත් ද යන්නය.......
    ඔය ඇන්දිලා නෙමෙයි මචන්.. අන්දවලා.. බලපන් ඔය කෙල්ල බටහිර ඉත්තෙක් වෙලා කවදාහරි පාකිස්තානෙ චන්දේ ඉල්ලන්නෙ නැද්ද කියලා.. එන්ගලන්තෙ ඇමෙරිකාව ඔය කෙල්ලව උගන්නලා බටහිර චින්තනේ පොවලා ගන්නෙ ඌරගේ මාලු ඌරගේ ඇගේතියලම කප්පවන්න.. තව අවුරුදු 20ක් විතර යනකොට ඔය කෙල්ල තම්බිලාගෙ රෙදි ගලවන මට්ටමට ගේනවා..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මට තියෙන ප්‍රශ්නේ මෙච්චර දේවල් වෙලත් මෙයා තාමත් තිරිසනෙක් අදහන්නේ ඈයි කියන එකයි.

    එක්කෝ කොමික් බුක් එක අදහගෙන අපා දුක් විදගෙන ඉදපන්. නෑත්තන් අවිහින්සාවදී සියලු සත්වයන්ට හොදක් වෙන දහමක් සරණ පලයන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    It's common in Islamic countries like Pakistan, Bangladesh, Egypt and most other that non-Muslim girls are often kidnapped and raped, and many of them are forced to marry their rapists. :(:(
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඔය ඇන්දිලා නෙමෙයි මචන්.. අන්දවලා.. බලපන් ඔය කෙල්ල බටහිර ඉත්තෙක් වෙලා කවදාහරි පාකිස්තානෙ චන්දේ ඉල්ලන්නෙ නැද්ද කියලා.. එන්ගලන්තෙ ඇමෙරිකාව ඔය කෙල්ලව උගන්නලා බටහිර චින්තනේ පොවලා ගන්නෙ ඌරගේ මාලු ඌරගේ ඇගේතියලම කප්පවන්න.. තව අවුරුදු 20ක් විතර යනකොට ඔය කෙල්ල තම්බිලාගෙ රෙදි ගලවන මට්ටමට ගේනවා..


    :yes: :yes: :yes: :yes:
     

    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    She is Westerners Puppet.
    Entire story scripted by them.


    Is Malala the only one who survived from terrorist?
    How many in other countries?
     

    Similar threads