මවක් සිය දියණිය සමග අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන ඇති අතර, කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි.

    අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග ඊයේ (18) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

    ඒ අනුව, විමර්ශන ඇරඹූ පොලිස් සොකෝ නිලධාරින් අද දහවල් එම නිවස පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි.

    එහිදී නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් පොලිසියට නිරීක්ෂණය වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

    නිවසෙහි වැසිකිළි වළ හා අවට කැලෑබද ප්‍රදේශද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

    කෙසේවෙතත් ඔවුන් දෙදෙනා හමු නොවුණු බැවින් පොලිසිය මේ වනවිට විමර්ශන පුළුල් කර ඇති බව වාර්තා වෙයි.

    අතුරුදන් වූ වාසනාගේ සැමියා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවය.

    මේ බව ඔහු පොලිසියට සැල කර ඇති අතර, පොලිසිය මේ වනවිට එම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

    ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.

    මේ අතර පොලිස් නිල සුනඛ බෘෘනෝ යොදවා එම නිවසද පරීක්ෂා කර ඇති අතර, අතුරුදන් කාන්තාව භාවිත කළ තුවාය සුනඛයාට ඉවකිරීමට ලබාදීම සඳහා සොයා තිබුණද එය නිවසේ නොතිබූ බව සඳහන් ය.

    පසුව ඇගේ පාවහන් යුගළ සහ හිස පීරන පනාව පොලිස් සුනඛයා විසින් ඉවකරනු ලැබ ඇති අතර, ඉන්පසු සුනඛයා, මේ වනවිට පොලිස් භාරයේ සිටින තැනැත්තාගේ ත්‍රීරෝද රථය වෙත ගොස් නතර වූ බව අප වාර්තාකරු පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාලෙකට මිනී මරණ රැල්ලක් එනව, තව කාලෙකට තරඟෙට ළමයි හදනව, ආයෙ වඳ බෙහෙත් හොයාගන්නව, තව කාලෙකට සහජීවනේ

    ට්‍රැක් ලන්තය
    තව කාලෙකට Thattayo threesome danawa, kollo gahanawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.


    අන්නේකයි
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Manawa himikam uttwal wadak na, meka karapu ekawa ewalema marala danna one

    ayi uba magic balenda karapu ekawa hoyanne,
    seya lamayage case eke ahinsaka un dennek athulata damme, antimedi un manawa himi kam nadu damma, ekek kuduth ekka ahu wela hire giya.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.

    24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.

    ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණි බිරිය සහ දරුවා නිවසේ නොසිටි බවට ඔහු පොලිසියට පැමිණිලි කළේය.

    ඝාතනය ලක් වූ කත පාවිච්චි කළ ඇගේ තුවාය ද ඇයගේ සිරුර මත තිබූ බව පොලිසිය පවසයි. මවගේ උදරය ප්‍රදේශය කබරයි විසින් කා දා ඇති අතර ඇගේ දියණියගේ සිරුර මවගේ සිරුර තිබූ ස්ථානයේ සිට මදක් දුරට වන්නට තිබියදි සොයාගෙන ඇත. ඇගේ මුහුණ ප්‍රදේශයට කබරයි විසින් හානි කර ඇත.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගත් සැමියාගේ ළඟම ඥාතියා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහල අතර ඔහු ‌ මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් ව ඇතැයි පොලිසිය කියයි. ඔහු සොයා මේ වන විට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගත් සැමියාගේ ළඟම ඥාතියා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහල අතර
    :angry::angry:

    Ganiwa nam Rape kara kiyamu.

    ai mu podi eka maruwe narakadiya..
     
    • Sad
    Reactions: WhyNot1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අතවර කරන්න ගිහින් සිද්ධිය වහන්න මරන්න ඇති.

    නැත්නම් you are not the father වගේ කේස් එකක්ද මන්ද
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Anatha army karayo adu kara nam hari.

    Maha eka ee budget eka adu karanneth na

    Dan okunta Army ekata yanna wadakuth nane

    Auruddak adala weapon training aran, panala gihin mokekhari Kuddekta wada karanawa.