මව්බිම මාධ්‍යවේදී ප්‍රභාත් අත්තනායක වරද
මව්බිම මාධ්‍යවේදී ප්‍රභාත් අත්තනායක වරද නිවැරදි කරයි.
Posted on 24 August 2012.
Rating: 7.0/7 (1 vote cast)
අප විසින් පසුගිය දිනෙක වාමාංශික ගණිකා නිවාස හිමියෙකු සම්බන්ධයෙන් යම් ප්‍රවෘත්තියක් වාර්තා කරණු ලැබූ අතර අප එහිදී ඔහු වසර 2005 සිට ලගින් ඇසුරු කළ පිරිසෙන් කිහිප දෙනෙකුගේ නම් ඉදිරිපත් කළෙමු. එහිදී අප එම නම් ලැයිස්තුවේ නම් සඳහන් අයගෙන් ඉල්ලා සිටියේ මෙකී ගණිකා නිවාස හිමියා සමග ඔවුන්ගේ සම්බන්ධයක් ඇත්තටම නැත්තම් එය අපට දන්වා එවන ලෙසත් එවිට අපට එය නිවැරදි කළ හැකි බවත්ය. ඒ අනුව ‛මව්බිම’ පුවත්පතෙහි මාධ්‍යවේදී ප්‍රභාත් තරින්ද අත්තනායක මහතා අපට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අදාළ පුද්ගලයා සමග ඔහුගේ කිසිදු සම්බන්ධයක් මේ වන විටත් නැති බව දන්වා සිටියේය. ඔහු අපට පැවසූ කරුණු පහත පරිදිය.
“මම මේ පුද්ගලයාගේ ගණිකා නිවාස සිදුවීමත්, ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබීම ගැනත්, දැනගත්තේ මගේ මිත්‍රයෙකු මාර්ගයෙනි. එකී සහෝදරයා කී විස්තර අනුව දීප්ති පවා මේ අවස්ථාවේ දී මෙකී පුද්ගලයා මුහුණ දී ඇති ඉරණම සම්බන්ධයෙන් කණගාටුවන බවත්, අවශ්‍ය උදව්වක් ඇතොත් මානුෂික කරුණු මත සලකා එය කිරීම සඳහා විවෘතතාවක් දක්වන බවත් දැන ගතිමි.
x කණ්ඩායමේ 2004 සිදුවීම අතරවාරයේ ඇතිවූ වැරදි අන්‍යෝන්‍ය අවබෝධයක ප්‍රතිඵලයක් ලෙස මට සංවිධානයෙන් දුරස් වන්නට සිදුවිය. ඉන් පසු ටික කලක් මෙකී පුද්ගලයා ඇතුලු සංවිධානය හැරගිය පිරිස සමග යම් සම්බන්ධයක් පවත්වනු ලැබුවද දැනට වසර ගණනාවකට පෙර පටන් මට මෙකී පුද්ගලයා සමග කිසිදු වැදගත් සම්බන්ධයක් තිබුණේ නැත. තවමත් මට දීප්ති සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් දැඩි ගෞරවයක් පවතී. එසේම මේ පුද්ගලයා පසුගිය කාලය පුරා ඔබ දේශපාලන සංවිධානයට එරෙහිව කළ කැත වැඩ ගැනද දැනුවත් භාවයක් මට ඇත. කෙසේ නමුත් මෙකී පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයේ සිටින වකවානුවේ මානුෂික හේතු මත යම් උපකාරයක් කළ හැකිව තිබූයේ නම් එය කරන්නට ද මම නොපසුබට වුනෙමි. නමුත් ඔබගේ වෙබ් අඩවිය මගින් මා මෙකී පුද්ගලයා සමග තවමත් සම්බන්ධකම් පවත්වන බවට ප්‍රවෘත්තියක් පලවීමෙන් මා දැඩි ලෙස හිත් තැවුලට පත් වූයෙම්. මේ නිසා මම දැඩි අවධාරණයෙන් යුතුව පවසා සිටින්නේ මෙකී පුද්ගලයා සමග මගේ කිසිම ඇසුරක් නැති බවයි. තවද මෙකී පුද්ගලයා අද දින (අගොස්තු 21) මා හට ශෂි ප්‍රභාත් රණසිංහගේ පොතක් දොරට වැඩි අවස්ථාවේ දී මුණ ගැසුණ අතර ඔහු මට බැණ වදිමින් මා සමග ආරෝවකට ද පැටලුණේ මම තවමත් ඔබ සංවිධානය සමග සම්බන්ධකම් පවත්වනවා යැයි චෝදනා කරමිනි. ඊට අමතරව බන්ධනාගාරය තුළ දී මා විසින් ඔහුට උදව් කිරීමට ගත් පියවරයන් මොහු අර්ථකථනය කළේ මොහුගේ ගණිකා මඩම් සිද්ධියේ තොරතුරු ඔබ සංවිධානය වෙත ලබාදීමට මා යෙදූ උප්පරවැට්ටියක් ලෙසය. එහි සත්‍ය අසත්‍යතාවය ඔබ හොඳින් දන්නා බැවින් ඒ පිළිබඳ අමතර පැහැදිලි කිරීමක් කළ යුතු නැත. මේ නිසා මට සිදුවූ අසාධාරණය නිවැරදි කර මෙය ඔබ වෙබි අඩවියේ පළ කරන්නට හැකි නම් එය වඩා සුදුසු යැයි මම සිතන්නෙමි. මම නැවතත් අවධාරණයෙන් කියා සිටින්නේ මේ පුද්ගලයා සමඟ මගේ කිසිදු ගනුදෙනුවක් නොමැති බවයි.”
‛මව්බිම’ පුවත් පතෙහි මාධ්‍යවේදී ප්‍රභාත් තරින්ද අත්තනායක මහතාට අපි පළමුව වරද නිවැරදි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළකර සිටින අතර අප විසින් පළකල ප්‍රවෘත්තිය නිසා ඔහුට සිදු වූ සිත් තැවුලක් වේ නම් ඒ ගැන අපේ කණගාටුව පළ කරන්නෙමු.
නමුත් මෙතැනදී විශේෂ කරුණක් සඳහන් කළ යුතුය.
ප්‍රභාත්ගේ නම අප සඳහන් කළේ 2005 වැනි යුගයකදී ප්‍රභාත් ඉහත පුද්ගලයා සමඟ දැක් වූ සබඳකම්වලට අදාළව මිස කිසිදු ආකාරයකට පසුගිය දින කිහිපය තුළ “මානුෂික හේතු” මත අදාළ පුද්ගලයාට ඔහු උදව් කළාය යන්න සම්බන්ධයෙන් නොවේ. එහි සන්දර්භය පැහැදිළි කිරීම සඳහා කොළඹ ප්‍රදේශයට හදිසියේම ප්‍රාදූර්භූත වී ඇති තොත්ත බබුන් වර්ගයක් පිළිබඳව සලකා බලමු.
මේ තොත්ත බබුන්ට අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයා x කණ්ඩායමේ සිටි මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියයි; අවංකත්වයේ කැඩපතයි; x කණ්ඩායමේ බර තනිවම ඇද්ද ගොන් කරත්තයයි; 70 ගණන්වල සිට දේශපාලනය කොත්තු දමා කෑ පරිණතභාවයේ ප්‍රතිබිම්භයයි; ජීවිතයම සමාජ වෙනසක් වෙනුවෙන් කැප කොට එනිසාම බැට කෑ නමුත් තම සමාජ අරමුණ අදටත් අත නොහැරි අවංකත්වයේ දිදුලන තාරකාවයි; දීප්ති නමැති රකුසා මේ අහිංසක මිනිසාට තම අවතාර පිල්ලි මගින් නිතර අඩන්තේට්ටම් කරයි; නිදහසේ ජීවත් වීමට නොදෙයි; තමා කැමති දේශපාලන අරමුණක් වෙනුවෙන් කැපවෙන මේ වටිනා ආදරණීය පුද්ගලයාගේ සමාජ ක්‍රියාකාරීත්වයට නිතර වල කපයි; එය කොතරම් දුරදිග ගොස් ද යත් මේ අහිංසකයාට ජීවත්වන්නට වෙන කිසිදු ආදායම් මාර්ගයක් නැති තැන යන්තමින් පිච්චියක් සොයාගැනීමට ගොඩ වූ රැකියාව පවා මතක් කොට මඩ ගසයි; බබ්බුන්ට අනුව ලෝකය එකම ඛේදවාචකයකි. එම ලෝකයේ අහිංසකයින්ගේ ජීවිත රකුසන් විසින් දුක්ඛිත ආකාරයකට පෙලයි.
ඒ අතින් ගත් කළ මේ පුද්ගලයා තමා කලින් සිටි දේශපාලන ව්‍යාපාරයට කළ හා කරන කැත වැඩ ගැන තමාට අදහසක් ඇතැයි ප්‍රභාත් විසින් පිළිගැනීම සතුටට කාරණයකි. යටින් කැත වැඩක් කර, මූණ හා අත පිහිදා අනෙක් පස හැරී අවංක ඉරියව්වකින් මුහුණ සරසා දීප්ති තමාට කළ අසාධාරණයක් ගැන දෙඩීමට මොහු දක්ෂයෙක් බව අප සැවොම පිළිගත යුතුය.මොහු දේශපාලනය ලෙස පසුගිය වසර කිහිපයක් තිස්සේ කළේ, කොළඹ අහුමුළුවල ඇවිදිමින් අපට විරුද්ධව පිස්සු බල්ලන් උසිගැන්වීමය. මේ ගැන බොහෝ තොරතුරු අපට ඇත. මේ සඳහා ඔහු බොරු ගොතයි. ඇත්ත සිදුවීම් වලට ව්‍යාජ හැඩරටා ලබාදෙයි. තමා නොසිටියා නම් x එක නැති බව කියයි. දීප්තිට හා සංවිධානයට විරුද්ධව නතර කරගත නොහැකිව තර්ක හදයි. ඒ තර්ක අතර සංවිධිතභාවයක්වත්, ඒවා තමාටම අදාළ කළහොත් කෙසේදැයි යන්නවත් නොසලකයි. වෙව්ලමින් බොරු කියයි. බෝල සුං වූවන්ට සස්පෙන්ඩර් අන්දවයි. මෝඩයන්ව මාක්ස් පෙන්වා චූන් කරවයි. විපරිතයන්ව මද්දුම බණ්ඩාරලා කරයි.
2005 මුලදී මොහු x කණ්ඩායමේ මූලස්ථානයේ තිබූ DVD යන්ත්‍ර දෙකම “තනියම පොරකා” රැගෙන යන හැටි නිහඬව බලා සිටි අප සති කිහිපයකට පසු දකින්නේ x කණ්ඩායමේ දේපළ දීප්ති විසින් අයිතිකර ගැනීමට පොර කෑ හැටි ගැන මොහු පත්තර සඟරාවලට ලියන ආකාරයයි. හොර, අශ්ලීල යටි බඩක් හා අනෙකා වෙත එල්ල කරගත් වෙවුලන දෙතොලින් යුතු අවංක මුහුණක් සහිත මොහුට රැවටෙන බබ්බුන්ද අහිංසකයන් නොවේ. අරගලකොට වෙනස් කළ යුතු සංකීර්ණ සමාජ වාස්තවිකයක් ගැන සංජානනයක් මොවුන්ගේ සංජානන සිතියම තුළ නොපවතී. ඒ වෙනුවට මොවුන් සිහිනෙන් පවා අවදිවන්නේ දීප්තිව හා පෙරටුගාමී පක්ෂය විනාශ කරන්නටය. මොවුන් විප්ලවවාදී දේශපාලන ක්‍රියාධරයන් නොවේ. ඒ වෙනුවට යම් දේශපාලන ව්‍යාපාරයක් සමාජ භෞතිකයක් හා ගැටෙන විට එහි අතුරුඵල ලෙස එම ව්‍යාපාරයේ බල ක්ෂේත්‍රය තුළම ශේෂගත වන එහිම නිශේධාත්මකයයි. ඔවුන්ගේ එකම සමාජ ක්‍රියාකාරීත්වය එම ව්‍යාපාරයේ විනාශය අරමුණු කරගත්තක් විනා, ඓතිහාසික සමාජ ව්‍යූහයන් වෙනස් කිරීම නොවේ. ගණිකා මඩම් හිමියා හා බබ්බුන් රැල යනු එහි ජීවමාන නිදර්ශනයයි.
2005 සිට මේ දක්වා මොහු විසින් අපව විනාශ කරන්නට කියා කළ කැත වැඩ ලැයිස්තුව දිගු එකකි. අප විසින් තවමත් කතා නොකළ විශාල තොරතුරු ප්‍රමාණයක් අප සතුව ඇති බව සියලු බබ්බුන් දැනගත යුතුය. උදාහරණයක් ලෙස, වරක් මොහු තමාට අහඹු ලෙස ගොඩනැගුණු දුරස්ථ පාතාල සම්බන්ධයකට බොරු ගොන්නක් කියා පණිවුඩ යවා, x පක්ෂයේ (අප x පක්ෂය ලෙස වැඩ කළ 2006 දී පමණ) රැස්වීමකට පාතාලය ලවා පහරදිය හැකිදැයි යන්න පවා උත්සාහ කර බැලුවේය (එහි පටිගත කළ හඬපටය අප සතුව ඇත). “දේශපාලන පරිචයක්” සහිත මේ ගණිකා මඩම් හිමියා එම සිදුවීමේදී මැදට බිල්ලට දැම්මේ, එවකට යන්තමින් වයස විසි ගණන්වල මුල සිටි කොලු පැටියෙක්වය.
බබ්බුන් රංචුවද යමක් මතක තබා ගත යුතුය. එනම්, මනුෂ්‍යයකු ලෙස අපද වරක් ආදරය කළ මේ පුද්ගලයාව පිරිහීමෙන් පිරිහීමට යවන්නට තව තවත් උපකාර කරන්නේ තමන් බවයි. අමාරිස් මෙන්ම පුබුදු ජයගොඩ වැදගත් මහතාද මෙතැනදී අහිංසකයන් නොවේ. වරක් දෙමළ මිනිසුන්ගේ ජාතික අරගලය මහා ඛේදවාචකයකින් විනාශ කරන්නට නිහඬව උඩගෙඩි දුන් මේ මහතා වසර ගණනාවකට පෙර සිටම අපට විරුද්ධව බලවේගයක් ගොඩනැගීම සඳහා අප සංවිධානයෙන් විවිධ හේතු මත ගැලවී ගිය උදවියව හයර් කරන්නට උත්සාහ ගත් බව අප දන්නෙමු. මෙතැනදී උපුල් ශාන්ත සන්නස්ගල හා පුබුදු ජයගොඩ අතර වෙනසක් නැති තරම්ය. එකෙකු මුදල් හයිය පාවිච්චි කරන අතර අනෙකා සංවිධාන හයිය පාවිච්චි කරයි.තමාට ශක්‍යතාවයක් නැති දේ අපෙන් පෝෂණය වූ අය ලවාම කරගන්නට උත්සාහ දැරීම රැඩිකල් දේශපාලනයේදී හොඳ ක්‍රීඩාවක් නොවන බව මේ න්‍යායවේදියාට මතක් කර දෙන්නට තරම් අවංක සහෝදරයෙක් ඔහු සිටින ව්‍යාපාරයේම නැතිවීම කණගාටුවට කරුණකි.
යථාර්ථයට වියරු සිනහවක් ඇති බවත්, ‛ජනරළ’ පුවත්පතේ පර්යේෂණ වාර්තාවක් සැකසීමට ගණිකා මඩමට පැමිණි වෙලේ තමා අසු වූ බව නිදහසට කරුණු ලෙස අදාළ පුද්ගලයා පවසන බවත් දැනගැනීම, දේශපාලනයේදී ලාභ ගේම් ගසනවා යැයි තම මව් පක්ෂයට නොනවත්වාම චෝදනා කරන පුබුදු ජයගොඩ වැදගත් මහතාට සමහරවිට ඉදිරිකාලයේදී ප්‍රයෝජනවත් වනු ඇත.
මේ අනුව ගණිකා මඩම් සිද්ධිය අපට සදාචාර ගැටළුවක් හෝ පුද්ගලයෙකුගේ දෙබිඩිභාවය පිළිබඳ සාක්ෂියක් හෝ නොවේ. ඒ වෙනුවට එය වැදගත් මහත්වරුන් බොහෝ දෙනෙකුගේ සස්පෙන්ඩර පිච්චී යන තරම් අධික සාන්ද්‍රතාවයක් ඇති ද්‍රාවණයක් ගැන කදිම ලිට්මස් පරීක්ෂාවකි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,