මව් පදවිය 2k21

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    2021 හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!
    නව වසරේ මට ලැබුණා මගේ බිරිදගෙන් තෑග්ගක්,මම තාත්තා කෙනෙක් වෙන්න යනවා 🎉🎇✨

    ඉතින් මචන්ලා වයිෆ්ගේ දරු ප්‍රසූතය සදහා තොරා ගත්තේ ද සොයිසා රෝහල.
    මට දැන ගන්ම ඕනේ වයිෆ් සොයිසා රෝහලට යන්න කලියෙන් ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලද එම රෝහලට යන්න ඕනේ කියලා.

    dr a k prabodhana ranaweera මේ වෛද්‍යවරයාව කවුරුහරි චැනල් කරලා තියෙනවානම් මට ඒ ගැන විස්තර කියන්න පුළුවන්ද.මේ වෛද්‍යවරයා සොයිසා රෝහලේ වෛද්‍යවරයෙක්.ගොඩාක් ලොකු උපකාරයක්.

    හැමෝටම තෙරුවන් සරණයි.
    සිතූ පැතූ දේ හිටු වේවා!!!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    මුලින්ම මචං සුභ පැතුම්...

    • මම කොළඹ නෙමෙයි. ඒනිසා මම කොළඹ ඩොක්ටර්ස්ලා ගැන දන්නෙ නෑ මචං. හොඳට හොයලා බලලා තමන්ට හදිස්සියක් උනොත් ලේසියෙන්, ඉක්මණට ඇක්සස් කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක්ව තෝරාගන්න.
    • සති හය/ හත වෙනකොට අල්ට්‍රා සවුන්ඩ්ස් ස්කෑන් වල බබාව පෙන්නනවා. ඒ වෙද්දි ඩොක්ටර්ව චැනල් කරලා ස්කෑන් කරලා කන්ෆර්ම් කරගන්න.
    • ඒ ස්කෑන් කොපියත් අරගන මිඩ්වයිෆ්ට කතාකරන්න. එයා ෆයිල් එකක් දෙනවා. ඒක පුරවලා ළඟ තියාගන්න.
    • ඔයා දිගටම චැනල් කරන ඩොක්ටර්ට කියලා ඒකෙ සීල් එක තියාගන්න.
    • ගමේ ක්ලිනික් එකට අනිවා යන්න.
    • ගමේ ක්ලිනික් එකෙන් දෙන යකඩ පෙති කැල්සියම් පෙති ටිකක් බොන්න අමාරුයි. (රහ අවුල්) ඒ නිසා පුලුවන් නම් ඩොක්ට ලියල දෙන අදාල ටැබ්ලට්ස් ටික නොකඩවා ගන්න උපදෙස් පරිදි
    • වයිෆ් මාසතුනකට පෙර ඉඳලා ෆෝලික් ඇසිඩ් එක ගන්න ඇති කියලා හිතනවා. එහෙම අරගන නැත්තං ඩොක්ටට කියන්න ෆෝලික් ගත්තෙ නෑ කියලා. එතකොට එයා ඩෝසේජ් එක වැඩි ෆෝලික් එකක් දෙයි.
    • ඇනෝමලි ස්කෑන් එක අදාල කාලයට කරගන්න. ඒක ඔප්ෂනල්. ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි ඒක කරන්න කියන්නෙ. හැබැයි ඒක කරල ගත්තොත් අල්ට්‍රා සවුන්ඩ් එකෙන් හොයන්න බැරි, චෙක්වෙන්නෙ නැති දේවල් චෙක් වෙලා අපිට ඒ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවක් එනවා.
    • මේ ටික උඹට : මේ කාලෙ වයිෆ්ගෙ හෝමෝන වෙනස්වීම් වෙනවා හරි ඉක්මණට. ඒ නිසා එයාගෙ මූඩ් ස්වින්ග් වෙන්න පුලුවන් පට් පට් ගාල. උඹට බනී.. තරහ ගනී.. මූණ අකුලුවගන ඉඳී.. ඒ මොන වෙලාවෙ උනත් උඹ බොහොම කරුණාවන්තව කතාකරන්න ඕන. බනිද්දි බල්ලා වගේ ඉන්න ඕන වැරැද්ද කාගෙ උනත්. මොකද ඒ අර හෝමෝන වෙනස්වීම නිසා වෙන සයිඩ් ඉෆෙක්ට්. හොඳ අවදානෙන් ඉන්න.. සුද යනවනං, කහපාටට ශ්‍රාවයන් යනවනං, UTI හැදුනොත්, උරහිස් එහෙම රිදෙනවා කිව්වොත්, බ්ලීඩ් වෙනවනං වහාම චෙක්කරවගන්න ඕන.
    • ගෙදර වැඩවලට පුලුවන් තරම් උදව්වෙන්න. පුලුවන් තරම් රිලැක්ස්වෙන්න ඉඩදෙන්න. ගැස්සි ගැස්සි යන්න එහෙම එපා දුරගමන්.
    • ෆ්රයිඩ් රයිස්, MSG අඩංගු ආහාර, කඩේ කෑම දෙන එක නතරම කරන්න. පොල්තෙල් පුලුවන් නම් කොලිටි එකක් ගන්න කඩෙන් ලූස් ගන්නෙ නැතිව බෝතලේකට. උෂ්ණ ආහාර, අපත්‍ය ආහාර තියනවා.. ඒව අම්මලගෙන් වැඩිහිටියන්ගෙන් අහලා දැනගන නොකා ඉන්න කියන්න.
    ආගම පැත්තට නැඹුරුයි නම් මාස තුනක් විතර ගියාට පස්සෙ පුලුවන් නම් අනුරාධපුරේට ගිහිං රුවන්වැලිසෑයට බබාවයි අම්මවයි භාරකරන්න. එහෙම බැරිනම් හිතින් ඒදේ කරන්න. බෞද්ධ නෙමෙයි නම් තමන්ගෙ ආගමික විශ්වාස අනුව කටයුතු කරන්න...
    වාසනාවන්ත පිංවත් දරුවෙක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    ලෝකෙ ගොඩක් දියුනු රටවල බබාල හම්බවෙන්නෙ නොර්මල්. අම්මට ලෙඩක් නැත්නම් කීයටවත් බබාව සීසර් කරල ගන්නෙ නැහැ.දන්න කෙනෙක් කියනවද ඇයි ලන්කාවෙ විතරක් ප්‍රයිවට් චැනලින් වල අම්මලව බයකරල සීසර් කරන්නම යොමු කරන්නෙ කියල.

    මට හිතෙන්නෙ නම් මේ වැඩේ ප්‍රයිවට් හොස්පිටල් එකයි ඩොක්ටර් එකතුවෙලා ගහන ගේමක්.

    බබා නොර්මල් හම්බවෙන එක අම්මටයි බබාටයි හොඩයි කියල තමයි මම නම් අහල තියෙන්නේ
     
    ගොඩක් ප්‍රයිවට් කරන අය සීසර් වලට යොමු වෙන්න එක හේතුවක් තමයි ප්‍රයිවට් හොස්පිටල් එකකදි ලේබර් වෙලාවෙදි චැනල් කරපු ඩොක්ටට එතන ඉන්න බැරිවෙයි කියන බය.

    ලේබර් පේන් ඇවිල්ලා දරුවා ලැබෙන්නෙ මෙන්න මේ වෙලාවටය කියල තවම තීරණය කරන්න තාක්ෂණයක් නෑ. ඒක පැයක් දෙකක් වෙන්නත් පුලුවන් පැය 72ක් වෙන්නත් පුලුවන්. එතකොට අදාල ඩොක්ටට මේ මුලු වෙලාවෙම එතන ඉන්න බෑ. VOG consultantලා කීපදෙනයි ඉන්නෙ නගරයකට. එතකොට ඒ ඩොක්ටට රජයේ රෝහලේ ඩිලිවරි එකක් කරන වෙලාවට Private channel කරපු පේෂන් ගැන බලන්න බැරිවෙන්න පුලුවන්. එන්නම් කියලා ගියාට එන්න බැරිවෙන්න පුලුවන් වෙලාව අනුව. එහෙම උනාම ප්‍රයිවට් හොස්පිටල් එකෙන් බෙස්ට් අවේලබල් නෙක්ස්ට් ඩොක්ටව තමයි ගෙන්නන්නෙ.

    Normal deliver කරන ඩොක්ටර්ස්ලා ඉන්නවා ඕන තරම් Private channeling වල. හැබැයි ඔය උඩ කියපු හේතුව නිසා ගොඩ දෙනෙක් සීසර්වලට යොමුවෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    සුභ පැතුම් මචන් පලවෙනි මස තුන ගොඩක් පරිස්සම් කරගනින්

    සොයිසා එක හොඳයි හැබැයි ඉතින් සෙනග පට්ට යන්න....

    ඩොකා චැනල් කරලා එයා එන තැනකට ක්ලින්ක් ගියාම ඉස්පිරිතාලේ ඉක්ලින්ක් කාඩ් එකත් අරන් ගිහිල්ල එයාගෙන්ම අප්ඩේට් කරගන්න එතකොට සොයිසා එකේ ක්ලින්ක් යන්න ඕනේ නෑ මොකද එතනට ගියත් පෝලිමේ ඉඳල බලන්නේ එයාම් තමයි නැත්තම් එයාගේ වෝඩ් එකේ ඉන්න කෙනෙක් ඩොකා බෝහෝ දුරට ඉස්පිරිතාලේ සිල් එකත් අරන් එනවා ප්‍රයිවට් ක්ලින්ක් එකට එක ලොකු වාසියක්

    නැත්තම් පෝලිමේ පයක් විතර ඉඳල මුත්‍රා එකක් දීල යන්න වෙන වගේ වැඩ තියෙනවා රජයේ රෝහල් වල

    ඒවා කතා කරගන්න පුළුවන් කෙනෙක් ඩ කියලත් බලන්න

    මොකද සමහර අය ඒවාට කැමති නෑ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ලෝකෙ ගොඩක් දියුනු රටවල බබාල හම්බවෙන්නෙ නොර්මල්. අම්මට ලෙඩක් නැත්නම් කීයටවත් බබාව සීසර් කරල ගන්නෙ නැහැ.දන්න කෙනෙක් කියනවද ඇයි ලන්කාවෙ විතරක් ප්‍රයිවට් චැනලින් වල අම්මලව බයකරල සීසර් කරන්නම යොමු කරන්නෙ කියල.

    මට හිතෙන්නෙ නම් මේ වැඩේ ප්‍රයිවට් හොස්පිටල් එකයි ඩොක්ටර් එකතුවෙලා ගහන ගේමක්.

    බබා නොර්මල් හම්බවෙන එක අම්මටයි බබාටයි හොඩයි කියල තමයි මම නම් අහල තියෙන්නේ
    Government Hospital වල ගොඩක් වෙලාවට නෝර්මල්ම තමයි ගන්න බලන්නේ සීසර් කරන්නේ බැරිම උනොත් Private Hospital දන්න තරමින් ඕකේ අනිත් පැත්ත

    Government Hospital වල නොර්මල් ඩිලිවරිස් වැඩි වෙන්න වෙන්න තමයි ඒ වෝඩ් එකේ සහ ඩොක්ටර්ගේ රේටින් / Value එක වැඩි වෙන්නේ මේ මං දන්න විදියට

    Private කරන්න පුළුවන්කම තියෙද්දිත් කාසල් එකට තමයි වයිෆ්ව ඩිලිවරි එකට ගියේ.. බබා නෝර්මල් තමයි ගත්තේ