මව් සෙනෙහස

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,334
    6,510
    113
    මෑතක සිදුවූ බස් රථ අනතුරෙන් පසුව ඉතාම සංවේදි දර්ශනයක් අපි දැක්කා, මවක් සහ කුඩා දරුවෙකු සිරවී සිටින අකාරය ගැන. බස්රථය වට පහලවක් පමන කැරකී ගියත් ඒ මව දරුවා අත් නොහැර සිටී බව පැහැදිලියි, ඒක අපිට මවක් දරුවන් කෙරෙහි මොන තරම් බැඳීමක් තියනවද කියල තේරුම්ගන්න හොඳම අවස්ථාවක්. ඒ ඇති වච්ච කම්පනයත් එක්ක,
    ඔය සිද්දිය ගැන කවි දෙකක් ලිව්ව, අනිත් අයත් තමන්ට පුළුවන් විදියට කවි ලියලා සහභාගිවන්න.

    මරුවා දැක දැකත් අත්නොහැරුනු ස්නේහේ
    ගුණ ගැන කොතෙක් ලීවත් මට මදි අම්මේ
    සැපයක් නොලබාම ඔබෙ දිවි අහිමිවුනේ
    සසරේ මතු දිනක යලි හමුවෙමු අම්මේ


    පුතුනේ ඔබව හැරයන්නට නොසිතුවෙමී
    රැස්කළ කුසල් මදිවී මා නතරවුනී
    ඔබෙ පණ රැකුම මගෙ දිවියට දෙවැනි වුනී
    සසර වසන තුරු ඔබ මගෙමයි පුතුනී

    bump
    ------ Post added on May 13, 2025 at 12:02 AM