මවු කිරි දෙන මවක් ගතයුතු ආහාර
මවක් තම සිඟිති කිරිකැටියා උකුලේ හොවාගෙන අමෘතය බඳු කිරිවලින් ඔහුගේ හෝ ඇයගේ පුංචි කුස පුරවාලන්නේ අසීමිත වූ දයාර්දයකිනි.
සිරුර පුරා දිවෙන ලෙය කිරිවලට හැරෙද්දී මවක් සිය සෞඛ්‍යය තත්ත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට හැමවිටම උත්සාහ කළ යුතුයි. නිසි පෝෂණ තත්ත්වයක් නොලැබුවොත් සෞඛ්‍ය තත්ත්ත්වය පිරිහී මව රෝගාතුර වේ.
එහෙත් වැදගත්ම දේ නම් දරුවාට කිරි දීමට යැයි පවසමින් තමා වෙනදාට ගන්නා ආහාර ප්‍රමාණය දෙගුණයකින් වැඩි කළ යුතු නොවේ. එයට හේතුව කිරි ලබාදීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මවගේ ගර්භණී කාලය තුළදී මේදය ලෙස සිරුරේ තැන්පත් වී තිබීමයි. දෙගුණයක් ආහාර නොගත්තත් සාමාන්‍ය දිනකට සාපේක්ෂව ඊට වඩා වැඩිපුර ප්‍රමාණයක් ආහාර ගත හැකියි.
මවුකිරි ලබාදෙන කාන්තාවකට දිනකට අවශ්‍ය වැඩිපුර ආහාර ප්‍රමාණය
බත් ග්‍රෑම් 60 (එක් මිටක් - කැලරි 240)
පරිප්පු ග්‍රෑම් 60 (මිටකින් අඩක් - කැලරි 120)
එළවළු - එක් මිටකි
ඉදුණු කෙසෙල් ගෙඩි (1/2 - කැලරි 9)
තෙල් මිලිලීටර් 5 (තේ හැදි 1යි - කැලරි 50)
මන්දපෝෂණය සහිත මවගේ දරුවාට මවුකිරි දීමේදී හා මවුකිරිවල සංයුතියේ වෙනස්කම් දැකගත හැකි බව ඔප්පු වී ඇත.
මවුකිරි ලබාදෙන මව සමබර ආහාර වේලක් එනම්, කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවන හා විටමින් වර්ගයන්ගෙන් හෙබි වූ ආහාර වේලක් ගැනීමත් දිනකට එක් වේලකටවත් පලා වර්ගයක්, පලතුරක් එකතු කර ගැනීම අගෙයි. මීට අමතරව කැල්සියම් හා යකඩ යන ඛනිජ ද ආහාරවේලේ හි අන්තර්ගත විය යුතු වේ.
මවුකිරි වැඩිකර ගැනීම සඳහා යැයි පවසමින් නිවසේ වෙසෙන වැඩිහිටියන් දෙනු ලබන ආහාර වර්ග ද මවගේ අකැමැත්තක් නැතිනම් ගත්තාට වරදක් නැත. මෙහිදී සැලකිය යුත්තේ මවගේ සිත සැනසීමයි. මව ගැනීමට අකමැති කෑම කෑමට බල නොකල යුතුයි.
කෘත්‍රිම ආහාරවලට වඩා ස්වභාවිකව ගෙවත්තෙන්, වටපිටාවෙන් සපයා ගත හැකි ආහාර එක්කර ගැනීම ප්‍රතිඵලදායකය එසේම මෙම ආහාර සකසා ගැනීමේදී විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂක කොටස් විනාශ නොවන අන්දමින් ඒවා සකස් කර ගැනීමත් වැදගත් වේ. මවුකිරි දීමට පෙර කිරි වීදුරුවක් බීම අත්‍යවශ්‍ය නොවේ. උණුසුම් වතුර වීදුරුවක් ගැනීමත් පෙරට වඩා දියර වර්ග වැඩිපුර ගැනීමත් කළ යුතු වේ. දරුවා ප්‍රසුත කළ පසු වෛද්‍යවරයා නියම කරන විටමින් වර්ග මාස 6ක් වසරක් පමණ වනතුරු ලබා ගැනීම සුදුසු වේ.
කිරි වඩවන ආහාර
කිරි වඩන ආහාර ලෙස කිරි මාළු, මෝර මාළු, පොලොස්, තුඹ කරවිල, කරවිල, කිරිබත්, කිරියා වැනි ආහාර සමාජයේ මුල්බැස සිටියි. මවුකිරි දෙන මුල් මාස හයේ මෙවන් ආහාර හැකි අවස්ථාවලදී ගැනීමෙහි වරදක් නැත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ
මව්කිරි කළමනාකරණ අංශයේ හෙද නිලධාරීනී
එච්. ඊ. යෙනිටා
ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
මව්කිරි කළමනාකරණ අංශයේ හෙද නිලධාරීනී
එච්. ඊ. යෙනිටා
ආශිර්වාදිනී හෙට්ටිආරච්චි